Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව athletics_inner සඳරුවන් - සුජානි මැරතන් තරග දිනති

සඳරුවන් - සුජානි මැරතන් තරග දිනති

Nisanka Sandeepani - 2018 මැයි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ක්‍රීඩා අමාත්‍යංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරන 44 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙලේ මැරතන් තරගයේදී බස්නාහිර පළාතේ ඩී.ජි.ඩී. සඳනුවන් පිරිමි තරගය ජයගත්තේය. බස්නාහිර පළාතේම සුජානි පෙරේරා එහි කාන්තා තරගය ජයගත්තාය. 

මෙම දෙදෙනාගේ ජයග්‍රහණ මතින් සවිමත් වූ බස්නාහිර පළාතේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමස්ත ශූරතාව හිමිකරගත්හ. පිරිමි තරගයේ පළමු, දෙවැනි සහ තෙවැනි ස්ථාන මෙන්ම කාන්තා තරගයේ පළමු සහ දෙවැනි ස්ථානද බස්නාහිර පළාත සතුවිය. 

පිරිමි තරගය ජයගත් සඳනුවන්ට තරගය නිමා කිරීම සඳහා පැය 2 යි, විනාඩි 26 යි, තත්පර 23 ක කාලයක් ගතවිය. බස්නාහිර පළාතේම ක්‍රීඩකයන් වන එස්.ටී. ගුණසේකර (පැය 2:26:58) සහ මහේෂ් ගුණතිලක (පැය 2:28:36) පිළිවෙලින් එම තරගයේ දෙවැනි සහ තෙවැනි ස්ථාන හිමිකර ගත්හ. 

සුජානි පෙරේරා කාන්තා තරගය ජයගත්තේ පැය 2 යි, විනාඩි 55 යි, තත්පර 03 ක කාලයකින් තරගය නිමා කරමිනි. ඉකුත් වසරේ (2017) පැවැති ජාතික මහ ක්‍රීඩා උළෙලේ මැරතන් තරගය ජයගනු ලැබුවේද සුජානි විසිනි. බස්නාහිර පළාතේම ක්‍රීඩිකාවක් වන කුමාරි ප්‍රනාන්දු (පැය 3:02:06) දෙවැනියා ලෙසත්, සබරගමු පළාතේ නිසංසලා බණ්ඩාර (පැය 3:07:08) තෙවැනියා ලෙසත් තරගය නිමා කළහ. 

සමස්ත මැරතන් තරගයේ පිරිමි කණ්ඩායම් ශූරතාව බස්නාහිර පළාතට හිමි වූ අතර එහි අනු ශූරතාව උතුරු මැද පළාතට හිමිවිය. මෙවර තරගයේදී කාන්තා කණ්ඩායම් ශූරතාව හෝ අනු ශූරතාව හිමිකර ගැනීමට කිසිදු පළාතක් සමත් නොවීමද කැපී පෙනෙන සිදුවීමක් විය. 

අද පෙරවරු 5.30 ට කුරුණෑගල පාදෙණිය හංදියෙන් ආරම්භ වූ මෙම මැරතන් තරගය වැරැල්ල, මිනුවන්ගැටේ, අඹගස්වැව, රපෝගම හංදිය, බලල්ල සහ දළදාගම හංදිය පසුකර ගොස් ආපසු හැරී නැවත පාදෙණිය හංදියට පැමිණීමෙන් නිමාවට පත්විය. 
තරගයේ ත්‍යාග ප්‍රදානෝත්සවය සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් කමල් පද්මසිරි මහතා සහභාගි වූ අතර ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු ලේකම් මෙන්ම වත්මන් ජනාධිපති අතිරේක ලේකම් ජයන්ත විජේරත්න මහතාද විශේෂ ආරාධිතයකු ලෙස එම අවස්ථාවට සහභාගි විය. 

පිරිමි මැරතන් තරගය 

1 ඩී.ජි.ඩී. සඳරුවන් (බස්නාහිර) - පැය 2:26:23 
2 එස්.ටී. ගුණසෙකර (බස්නාහිර) - පැය 2:26:58 
3 මහේෂ් ගුණතිලක (බස්නාහිර) - පැය 2:28:36 
4 මධුරංග උදයකුමාර (ඌව) - පැය 2:29:09 
5 පී.කේ. අරුණසිරි (උතුරු මැද) - පැය 2:30:53 
6 සී.යු. ලක්සිරි (දකුණ) - පැය 2:31:54 
7 පී.බී. සෝමරත්න (මධ්‍යම) - පැය 2:32:43 
8 එස්.ඩී. චන්ද්‍රරත්න (උතුරු මැද) - පැය 2:34:0

9 ඩබ්ලිව්.එම්.එස්. කුමාර (වයඹ) - පැය 2:35:09 
10 නිෂාන් මධුරංග (වයඹ) - පැය 2:35:28 

කාන්තා මැරතන් තරගය 

1 සුජානි පෙරේරා (බස්නාහිර) - පැය 2:55:03 
2 කුමාරි ප්‍රනාන්දු (බස්නාහිර) - පැය 3:02:06 
3 නිසංසලා බණ්ඩාර (සබරගමුව) - පැය 3:07:08 
4 ඩී.ඊ කරුණාරත්ත (මධ්‍යම) - පැය 3:12:22 
5 එස්. හේමා (උතුර) - පැය 3:20:30 
6 රුවීනා දීපානි (දකුණ) - පැය 3:24:20 
7 එස්. විතූෂා (උතුර) - පැය 3:43:31 
8 දීපිකා හේමන්ති (බස්නාහිර) - පැය 3:50:19 
9 වයි.එම්.කේ. යාපාරත්න (මධ්‍යම) - පැය 3:55:18 
10 එම්.ඒ.සී සඳරුවනි (වයඹ) - පැය 4:16:00 

SSFFF

 පිරිමි ප්‍රථම ස්ථානය -   ඩී.ජි.ඩී. සඳරුවන් (බස්නාහිර) 

LK

කාන්තා ප්‍රථම ස්ථානය -   සුජානි පෙරේරා (බස්නාහිර) 

JKJ

පිරිමි කණ්ඩායම් ශූරතාව - බස්නාහිර පළාත

HFFJJ

 පිරිමි කණ්ඩායම්  අනු ශූරතාව - උතුරු මැද පළාත

    


අදහස් (0)

සඳරුවන් - සුජානි මැරතන් තරග දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.