Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව athletics_inner සුසන්තිකාට උපදේශක තනතුරක්

සුසන්තිකාට උපදේශක තනතුරක්

සංජය එරමුදුගොඩ - 2016 අගෝ මස 15 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ඔලිම්පික් පදක්කම් ලාභිනී සුසන්තිකා ජයසිංහට ජාත්‍යන්තර තරග සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීම හා පුහුණු කිරීම පිළිබඳ උපදේශක තනතුරක් ලබාදීමට ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා පියවර ගෙන තිබේ.
 
එම පත්වීමේ ලිපිය ක්‍රීඩා ඇමැතිවරයා විසින් පසුගිය සිකුරාදා (12) සුසන්තිකාට නිල වශයෙන් ක්‍රීඩා අමාත්‍යංශයේදී පරිනමන ලදී.

“මේක ස්ථීර පත්වීමක් නොවේ. අවුරුද්දෙන් අවුරුද්ද මෙය වෙනස්විය හැකි වුණත් මට හැකි උපරිමයෙන් දක්‍ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගෙන ඔවුන්ට පුහුණුව ලබාදී ජාත්‍යන්තර ජයග්‍රහණ සඳහා සුදානම් කරනවා” යයි සුසන්තිකා ජයසිංහ මහත්මිය පැවසුවාය.  

මෙම පත්වීම සුසන්තිකා මහත්මියට හිමි ව ඇත්තේ ක්‍රීඩා ඇමැතිවරයාගේ මැදිහත්වීමෙනි. සුසන්තිකා ගෙන් ලබාගන්නා මේ සේවය වෙනුවෙන් ඇයට ගෙවීමක් කිරීමටද ක්‍රීඩා අමාත්‍යංශය කටයුතු කර ඇත.

සිඞ්නි නුවරදී 2000 වසරේ පැවැති ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර 200 කාන්තා ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ගනිමින් සුසන්තිකා, ශ්‍රී ලංකාවට මහත් කීර්තියක් ගෙන ආවාය.

එම ඉසව්වේ රන් පදක්කම් ලාභිනිය වු මේරියන් ජෝන්ස් තහනම් උත්තේජක ලබාගැනීමේ වරදට හසුවීමෙන් පසු කලෙකදී සුසන්තිකාට රිදී පදක්කම හිමිවිය.

 


අදහස් (1)

සුසන්තිකාට උපදේශක තනතුරක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.