Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව athletics_inner සෙබස්තියන් කෝ කෙන්යාවට අනතුරු අගවයි

සෙබස්තියන් කෝ කෙන්යාවට අනතුරු අගවයි

ශනුක අරවින්ද - 2016 පෙබ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක මත්ද්‍රව්‍ය නිවාරණ ඒජන්සියේ (වාඩා) නියමයන්ට අනුකුළව කි‍්‍රයා නොකරන්නේ නම් කෙන්යාවට ඔලිම්පික් කී‍්‍රඩා උළෙල තහනම් කිරීමට වුවත් තමන් පසුබට නොවන බව අන්තර්ජාතික මලල කී‍්‍රඩා සම්මේලනයේ සභාපති සෙබස්තියන් කෝ මහතා අනතුරු අගවන බව බි‍්‍රතාන්‍ය මාධ්‍ය වාර්තා කරයි.

චීනයේ බීජිං නුවරදී පසුගිය වසරේදී පැවැති මලල කී‍්‍රඩා ලෝක ශූරතාවලියේදී රන් පදක්කම් 40 ක් දිනාගනිමින් මලල කී‍්‍රඩාවේ සුපිරි බලවතා තමන් බව කෙන්යානුවෝ තහවුරු කළහ. එහෙත් ඇත්ත කතාව නම් පසුගිය වසර තුන ඇතුළත කෙන්යානු කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 40 දෙනකු තහනම් උත්තේජක ගැනීම නිසා අන්තර්ජාතික මලල කී‍්‍රඩා සම්මේලනයේ තහනමට ලක්වීමයි.

ලෝක මත්ද්‍රව්‍ය නිවාරණ ඒජන්සියේ කලාපීය නිලධාරියකු පවසා ඇත්තේ ‘වාඩා’ නියමයන්ට අනුව කටයුතු කිරීම සඳහා පොරොන්දු වීමේ කාලසීමාව ඉතාමත් වේගයෙන් ගෙවී යමින් පවතින බවයි. නියමිත කාලය තුළ ඔවුන් ඊට ප‍්‍රතිචාර නොදැක්වුවහොත් රුසියාවට අත්වූ ඉරණමටම මුහුණ දීමට කෙන්යානුවන්ට සිදුවන බවද හෙතෙම පැවසීය.

බි‍්‍රතානයේ ‘බීටී’ ස්පෝට්ස් රූපවාහිනී සේවයට සෙබස්තියන් කෝ මහතා පවසා ඇත්තේ මලල කී‍්‍රඩාවේ කීර්තිනාමය ආරක්‍ෂා කිරීම සඳහා කුමන ආකාරයේ හෝ පියවරක් ගැනීමට තමන් පසුබට නොවන බවයි.

”රටවල් කිහිපයක් විසින් කරලා තියෙන දේවල් නිසා අපි හිතනවාට වඩා විශාල ආකාරයෙන් මලල කී‍්‍රඩාවේ කීර්තිනාමය විනාශ වෙලා කියලා අපි හැමෝම දන්නවා. ඒ නිසාම කී‍්‍රඩාවේ කීර්තිනාමය ආරක්‍ෂා කරගැනිමට නම් අපිත් ඒ තරමටම යමක් කළ යුතුයි” යයි සෙබස්තියන් කෝ මහතා ‘බීටී’ ස්පෝට්ස් රූපවාහිනී සේවයට පවසා තිබේ.

මෙම රූපවාහිනී සම්මුඛ සාකච්ඡව විකාශය වීමට නියමිතය ඇත්තේ අද (බ‍්‍රහස්පතින්දා) රාති‍්‍රයේදීය.

”ඔව්...ඒ සඳහා ඔවුන්ව ලෝක ශූරතාවලියෙන් හෝ ඔලිම්පික් කී‍්‍රඩා උලෙලින් ඉවතට ඇද දැමීමට වෙනවා නම් අපි ඒකටත් සූදානම්”

”මා දන්නවා කෙන්යානු ජාතික මත්ද්‍රව්‍ය විරෝධී ඒජන්සිය දිහා ‘වාඩා’ එක ඉතාමත් විමසිල්ලෙන් බලා සිටියා. අපිත්, අන්තර්ජාතික මලල කී‍්‍රඩා සම්මේලනය

වශයෙනුත් ඔවුන් දිහා බලා සිටියා. ඒක තාමත් කෙරෙමින් පවතිනවා” යයිද සෙබස්තියන් කෝ මහතා පවසා තිබේ.

කෙන්යානු මලල කී‍්‍රඩාවට එල්ල වී ඇති චෝදනා නම් සුළුපටු නොවේ.

කෙන්යානු මලල කී‍්‍රඩකයන් දෙදෙනකුට එරෙහිව පවතින දඬුවම් ලිහිල් කිරීමට නම් තමන්ට අල්ලසක් දිය යුතු යයි කී බවට කෙන්යානු මලල කී‍්‍රඩා සංගමයේ ප‍්‍රධාන විධායක නිලධාරී අයිසැක් මවාන්ගිට චෝදනා එල්ල වී තිබේ. ඒ සම්බන්ධ පරීක්‍ෂණ නිමා වන  තුරු දින 21 ක කාලයක් පැත්තකට වී සිටින ලෙස අන්තර්ජාතික මලල කී‍්‍රඩා සම්මේලනය මාවාන්ගිට දන්වා තිබේ.

එහෙත් මවාන්ගි පවසන්නේ තමන්ට එරෙහිව ඇති චෝදනා සියල්ලම ‘ගොතන ලද’ ඒවා බවයි.

රුසියාවේ මලල කී‍්‍රඩාව සම්බන්ධයෙන් දිගින් දිගටම කළ පරීක්‍ෂණ වලින් අනතුරුව ‘වාඩා’ ආයතනය සැපයූ වාර්තාවක් හේතුවෙන් පසුගිය නොවැම්බරයේදී රුසියානු මලල කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට අන්තර්ජාතික මලල කී‍්‍රඩා තරග තහනම් කරන ලදි. ඊට මූලික හේතුවක් වූයේ මලල කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට තහනම් උත්තේජක ගැනීමට රුසියානු රජයෙන් අනුබල ලැබීමයි.

වසර හතරකට වරක් පැවැත්වෙන ඔලිම්පික් උළෙලේ ද්වීතීය භාගයේදී වැඩිදෙනාගේ නෙත් සිත් පැහැර ගන්නේ මලල කී‍්‍රඩාවයි. එහෙත් මෙවර රියෝ ඔලිම්පික් උළෙලේදී මලල කී‍්‍රඩාවේ බලකණු දෙකක් වන රුසියාව සහ කෙන්යාව නොමැති වුවහොත් ඔලිම්පික් කී‍්‍රඩා උළෙල ඇල්මරුණු එකක් වනු ඇතැයිද ඇතැමෙක් සැක පහළ කරති.

ඒ කෙසේ වෙතත් අන්තර්ජාතික මලල කී‍්‍රඩා සම්මේලනයේ ප‍්‍රධානියා පවසන්නේ රුසියාව නැවතත් අන්තර්ජාතික මලල කී‍්‍රඩා තරග බිමට කැඳවීමට විවිධ ආකාරයෙන් කෙරෙන රාජ්‍ය මැදිහත්වීම් හෝ ඔලිම්පික් සංවිධානයේ ඉල්ලීම් තිබුණද ඒ සඳහා ඉක්මන් විය යුතු නැති බවයි.

1980 දශකයේ ලොව ප‍්‍රමුඛතම මැදි දුර ශූරයකු මෙන්ම හිටපු ඔලිම්පික් ශූරයකුද වන සෙබස්තියන් කෝ මහතා පවසන්නේ කී‍්‍රඩාවේ කීර්තිනාමය ප‍්‍රතිස්ථාපනය කිරීම වඩාත් දිගු කාලීන කි‍්‍රයාදාමයක් බවයි.

”අපට එක එක දේවල් වෙනස් කරන්න පුළුවන්. ඒත් ඇත්තටම කී‍්‍රඩා ලෝලීන්ටත්, විශේෂයෙන්ම කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ටත් අපේ මත්ද්‍රව්‍ය විරෝධී ක‍්‍රමවේදයන් සම්බන්ධයෙන් කිසියම් විශ්වාසයක් තියෙන්න  ඕනෑ” යයිද සෙබස්තියන් කෝ මහතා පැවසීය.

 


අදහස් (0)

සෙබස්තියන් කෝ කෙන්යාවට අනතුරු අගවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.