Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වසර 2014 දී ස්කොට්ලන්තයේ ග්ලැස්ගෝහි නුවරදී පැවැත්වෙන 20 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය කී‍්‍රඩා උළෙල සඳහා වන මහරැජනගේ පණිවුඩය ඇතුළත් ‘රැජනගේ යෂ්ඨිය’ රැගෙන යාමේ සහාය ධාවයේ ශී‍්‍ර ලංකා අදියරේදී ශී‍්‍රයාණි කුලවංස පෙරටුකොටගත් පළාත් නවයේ කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ කොළඹ නිදහස් චතුරස‍්‍රය වටා දිවයමින් ඊට ශී‍්‍ර ලංකාවේ සහභාගිත්වය සනිටුහන් කළහ.
පළමුව ඉන්දියාවටත් එතැනින් බංග්ලාදේශයටත් ගෙන යන ලද ‘රැජනගේ යෂ්ඨිය’ අද (19 වැනිදා) පස්වරුවේදී ශී‍්‍ර ලංකාවට ගෙන එන ලදි. පසුව එය රිය පෙරහැරකින් කොළඹට ගෙන ආ අතර නිදහස් චතුරස‍්‍රයේදී ශී‍්‍ර ලංකාවේ කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ එය රැගෙන ධාවනයේ යෙදුණහ.
නිදහස් චතුරස‍්‍රය අබියසදී ‘රැජනගේ යෂ්ඨිය’ පිළිගැනීමේ අවස්ථාවට ශී‍්‍ර ලංකාවේ බි‍්‍රතාන්‍ය මහකොමසාරිස් ජෝන් රැන්කින් මහතාද, ශී‍්‍ර ලංකාවේ පොදුරාජ්‍ය මණ්ඩලීය කී‍්‍රඩා සම්මේලනයේ සභාපති හේමසිරි ප‍්‍රනාන්දු, එහි ලේකම් මැක්ස්වෙල් ද සිල්වා, ශී‍්‍ර ලංකා මලල කී‍්‍රඩා සංගමයේ සභාපති මේජර් ජනරාල් පාලිත ප‍්‍රනාන්දු යන මහත්වරු ඇතුළු කී‍්‍රඩා පරිපාලන නිලධාරීහු රැසක්ම සහභාගි වූහ.
ඡයාරූපය : ශාන්ත රත්නායක
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.