Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව athletics_inner 2017 ආසියානු යොවුන් කී‍්‍රඩා උළෙලට පදක්කම් සොයති

2017 ආසියානු යොවුන් කී‍්‍රඩා උළෙලට පදක්කම් සොයති

සංජය එරමුදුගොඩ - 2013 නොවැ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ‍්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත 2017 ආසියානු යොවුන් ක‍්‍රීඩා උළෙලේදී සාර්ථක දස්කම් අපේක්‍ෂා කරමින් එම තරගාවලිය සඳහා දක්‍ෂතා ඇති පාසල් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් තෝරා ගැනීමට අධ්‍යාපන කොට්ඨාස, දිස්ත‍්‍රික් හා ජාතික මට්ටමින් ඒකාබද්ධ සැලැස්මක් මත විශේෂ පුහුණු වැඩපිළිවෙලක් දියත් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය හා ක‍්‍රීඩා අමාත්‍යංශය තීරණය කිර තිබේ.

යොවුන් ක‍්‍රීඩා උළෙල සඳහා ක‍්‍රීඩකයින් තෝරා ගැනීමේ විශේෂ වැඩසටහන් වෙනුවෙන් ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ සහ අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශ ශ‍්‍රවණාගාරයේදී ඉකුත්දා පැවති විශේෂ රැස්වීමකදී ඔවුන් විසින් මෙම තීරණය ගනු ලැබ තිබේ.

ආසියානු යොවුන් ක‍්‍රීඩා උළෙල සඳහා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ජාතික සංචිත වලට තෝරා ගැනීමේදී පාසල් සහ අධ්‍යාපන කොට්ඨාස මට්ටමින් කුසලතා හඳුනාගෙන, දිස්ත‍්‍රික් මට්ටම දක්වා ගෙන ඒමටත්, දිස්ත‍්‍රික් මට්ටමේ ඉහළ කුසලතා දක්වන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් හඳුනාගෙන ඔවුන් කොළඹට රැගෙනවිත් අවශ්‍ය පුහුණුවීම්, වෛද්‍යාධාර හා පෝෂණ පහසුකම් ලබාදීමටත් සැලසුම් කර තිබේ.

ජාතික සංචිත වලට තේරී පත්වන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට විදේශ පුහුණුකරුවන් යටතේ වැඩිදුර පුහුණුවක් ලබාදීමටද ක‍්‍රීඩා අමාත්‍යංශය සැලසුම් කර තිබෙන බව ක‍්‍රීඩා අමාත්‍යංශය නිවේදනය කරයි. ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතා පවසන පරිදි 2017 ආසියානු යොවුන් ක‍්‍රීඩා උළෙල වෙනුවෙන් විශාල ආයෝජනයක් කිරීමට ශ‍්‍රී ලංකාව බලාපොරොත්තුවෙන් සිටී. එම ආයෝජනයේ ප‍්‍රතිඵල රටට ලබාගැනීමට නම් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් තම උපරිම දස්කම් දක්වමින් රටට පදක්කම් වැඩි සංඛ්‍යාවක් දිනාගත යුතු බව අමාත්‍යවරයාගේ මතයයි. එහිදී තව දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ කියා සිටියේය.

”අපේ රටේ දක්ෂ කණිෂ්ඨ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් රාශියක් සිටිනවා. ඒ අයට නිවැරදි පුහුණුවක් හා නිවැරදි මාර්ගෝපදේශනයන් යටතේ මෙහෙයවූවොත් අප බලාපොරොත්තු වන පදක්කම් ඉලක්කය අපිට ළඟාකර ගත හැකියි”

”අධ්‍යාපන කොට්ඨශ මට්ටමින් පාසල් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ ක‍්‍රීඩා කුසලතා හඳුනා ගැනීම සඳහා සැලසුම්ගත වැඩ පිළිවෙලක් වසර 03 ක් වැනි කාලපරිච්ෙඡ්දයක් තුළ කි‍්‍රයාත්මක කරමින් දක්‍ෂයන් තෝරා ගැනිමේ ක‍්‍රමවේදයක් සකස් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය කටයුතු කරනවා නම් ඒ සඳහා ක‍්‍රීඩා අමාත්‍යංශයේ මූල්‍ය ප‍්‍රතිපාදන ලබාදීමට කටයුතු කරනවා.” යයිද කී‍්‍රඩා ඇමතිවරයා පැවසීය.

කොට්ඨාස මට්ටමින්, දිස්ත‍්‍රික් මට්ටමින් හඳුනාගන්නා දක්ෂ ක‍්‍රීඩකයින් ඉහළ පරිසාධන මට්ටමකට ගෙන ඒම සඳහා විශේෂ පුහුණු වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක කරන බවද කී‍්‍රඩා අමාත්‍යවරයා කියා සිටියේය. අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප‍්‍රකාශ කළ පරිදි දැනට අර්බුදකාරී මට්ටමින් පැවැත්වෙන පාසල් ක‍්‍රීඩා සංගම් වල ක‍්‍රියාකාරීත්වය ලබන වසරේ සිට විධිමත් වැඩපිළිවෙලක් ඔස්සේ මෙහෙය වීමට අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගනිමින් සිටී.

”පසුගිය කාල පරිච්ෙඡ්දයේදී පාසල් ක‍්‍රීඩා සංගම්වල ක‍්‍රියාකාරීත්වය පිළිබඳ අධ්‍යාපන අමාත්‍යංශය එතරම් පැහැදීමක් නැහැ. බොහෝ පාසල් ක‍්‍රීඩා සංගම් අවිධිමත් භාවයෙන් මෙම සංගම් මෙහෙය වීම නිසා පාසල් ක‍්‍රීඩාව දියුණු කිරීමට විශාල බාධාවක් පවතිනවා”

”ඒ බාධාව ඉවත් කර ජාතික ක‍්‍රීඩාව එකම අරමුණක ගමන් කරවීම සඳහා ක‍්‍රීඩා අමාත්‍යංශයත් සමග ඒකාබද්ධව වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක කරනවා” වැඩි දුරටත් අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍යවරයා පැවසීය.


- 021

 


අදහස් (0)

2017 ආසියානු යොවුන් කී‍්‍රඩා උළෙලට පදක්කම් සොයති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.