Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මීටර 800න් ඉහළට ධාවන ඉසව් සඳහා අත් කාලගණක යන්ත්‍ර යොදා ගැනීමට අන්තර්ජාතික මලල ක්‍රීඩා නීති රීතිවලට එකඟද යන්න පිළිබඳව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය කරුණු පැහැදිලි කළ යුතුව ඇතැයි මීටර 800 (කාන්තා) ඉසව්වේ හිටපු ජාතික ශූරිය වන ධම්මිකා මැණිකේ මහත්මිය ප්‍රකාශ කරන්නීය.
යාපනය දොරේඅප්පා පිටියේදී පැවැති 42 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේදී මීටර 800 කාන්තා ඉසව්වෙන් නිමාලි ලියනආරච්චි නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමෙන් පසුව පැනනැගී තිබෙන තත්ත්වය පිළිබඳව කළ කරුණු විමසුමකදී ඇය එසේ පැවසුවාය.
ධම්මිකා මැණිකේ සතුව තිබූ මීටර 800 ශ්‍රී ලංකා වාර්තාව වසර 24 කට පසුව නිමාලි ලියනාරච්චි විසින් බිඳ දමන ලද්දේ යාපනය දොරේඅප්පා ක්‍රීඩාංගණයේ තණකොළ සහිත ධාවන පථයකදී විනාඩි 2 තත් 03.05 කින් තරගය නිම කරමිනි. ඒ සඳහා කාලය මනින ලද්දේ අත් කාලගණක යන්ත්‍ර භාවිතයෙනි.
එහෙත් ධම්මිකා මැණිකේ විසින් එහි පැරණි ශ්‍රී ලංකා වාර්තාව තබන ලද්දේ 1992 බාර්සිලෝනා ඔලිම්පික් උළෙලේදී විනාඩි 2 තත්ත්පර 3.85 කට තරගය නිම කරමිනි.
ඒ පිළිබඳ ධම්මිකා මැණිකේගෙන් කළ විමසීමකදී ඇය මෙසේ ද අදහස් දැක්වූවාය.
“නව ශ්‍රී ලංකා වාර්තාව පිහිටුවූ නිමාලිට මම හදවතින්ම සුබ පතනවා. ඇයත් මම වගේම දුෂ්කරතාවලින් ජය ගත් ක්‍රීඩිකාවක්. නමුත් එම ඉසව්වේ නව ශ්‍රී ලංකා වාර්තාව ගණනය කරලා තිබෙන්නේ අත් කාලගණක යන්ත්‍ර යොදා ගනිමින්”
“එවැනි අවස්ථාවකදී දශම ගණනින් වන කාලවේලා පිළිබඳව ගැටළු පැනනැගිය හැකැයි. මීටර 800න් ඉහළ මැදි දුර, දිගු දුර ධාවන ඉසව් සඳහා අත් කාලගණක යන්ත්‍ර භාවිතය පිළිබඳව අපි දැනුවත් වෙලා නෑ. මලල ක්‍රීඩා සංගමය කියන්නෙ මේ අවුරුද්දේ ඉඳලා එය වලංගුයි කියලා. මෙතනදී එහි සත්‍යතාවය පිළිබඳව අපි පැහැදිලි කර ගත යුතුයි” යයි කී හිටපු ධාවන ශූරිය ධම්මිකා “ඔලිම්පික් තරග ධාවන පථයකදී පිහිටුවූ මෙවැනි වාර්තාවක් තණකොළ සහිත ධාවන පථයක බිඳවැටීම අපට විශ්මයක් වෙනවා” යයිද පැවසුවාය.
මේ අතර ක්‍රීඩා ඇමැතිවරයාගේ උපදේශක සුසන්තිකා ජයසිංහ මහත්මිය යාපනයේදී ලංකාදීපයට පැවසුවේ, දොරේඅප්පා පිටියේ බිහිවූ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා වාර්තා පිළිබඳව ඔලිම්පික් පදක්කම්ලාභිනියක් ලෙස තමන්ට එකඟවිය නොහැකි බවයි.
එබැවින් ඒ පිළිබඳව කරුණු සොයා බලන ලෙස තමන් ක්‍රීඩා ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටීමට තීරණය කර තිබෙන බවත් ඇය එහිදී වැඩිදුරටත් පැවසුවාය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.