Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ආසියානු ගෝන්-ප්‍රී මලල ක්‍රීඩා තරග මාලාවේදී (2017) ශ්‍රී ලංකාව අත්කර ගත් පසුබෑම ඔවුන්ට එළඹෙන 2017 ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ දී දැඩි බලපෑමක් කෙරෙන සිදුවීමක් වනු ඇතැයි චීනයේ ජියැන්ෂින් නුවරදී ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ හිටපු සභාපතිවරයකු වන සුනිල් ජයවීර මහතා පැවසීය. චීනයේ ජින්හුවා සහ ජියැන්ෂින් යන නගරවල පැවති 2017 ආසියානු ගෝන්-ප්‍රී මලල ක්‍රීඩා තරග මාලාවේ අදියර I හා අදියර II තරගාවලි සඳහා නිරීක්ෂකයකු ලෙස සහභාගී වූ ඒ මහතා ජියැන්ෂින් නුවරදීය. ලංකාදීපයට එසේ පැවසුවේය.
ලංකාදීපය කළ විමසුමකදී සුනිල් ජයවීර මහතා මෙසේද පැවසීය.
“අපේ පෙර පුහුණුවීම්වල වරදක් තිබෙනවා. අද කාලයේ යුගයට ගැළපෙන තාක්ෂණය අපේ රටේ අද මලල ක්‍රීඩාවේ දකින්නට නෑ. මෙදා චීනයේදී ආසියානු ගෝන්-ප්‍රී මලල ක්‍රීඩා තරග මාලාවට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට මුහුණ දෙන්න වුණේ ශීත කාලගුණික තත්ත්වයක් මැද. ඒ සහභාගී වුණු සමහර ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරග මැදදී ධාවන පථවල පැවති අඩු පාඩු හා ඔවුන් මුහුණ දුන් ඇතැම් දුෂ්කරතා ගැනත් කතා කළා.”
“නමුත් අපි හැමදාම ඒ ගැනම කතා කර කර ඉඳලා වැඩක් නෑ. අපේ රටේ මලල ක්‍රීඩාව දිගටම කඩාගෙන වැටෙනවා. එදා ප්‍රේමචන්ද්‍රලා, රෝසලා තණකොළ සහිත ධාවන පථයේ පුහුණුවීම් කරලා පිටරට ගිහින් ආසියානු වාර්තා පිහිටෙව්වා. අද ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලැබෙන පහසුකම්වලින් සියයට දහයක්වත් එදා ඔවුන්ට ලැබුණේ නෑ. නමුත් අද පහසුකම් බොහෝ දුරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලැබෙනවා.”
“අධ්‍යාපන අමාත්‍යාංශයේ වත්මන් උපදේශක (ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන) ධුරය ද දරන සුනිල් ජයවීර මහතා හිටපු ජාතික මලල ක්‍රීඩා පුහුණුකරුවෙකුද වේ. ඔහු වැඩිදුරටත් පැවසුවේ සුගතදාස පිටියේ කෘත්‍රිම ධාවන පථය අබලන් වීමත් සමග ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙවැනි තත්ත්වයකට පත්ව සිටින බවයි.
“දැන් ඔවුන්ට නිසි පුහුණුවීම් කරන්න ප්‍රමිතියක් ඇති තැනක් නෑ. නුසුදුසු තැන්වල පුහුණුවීම් කරලා අද වනවිට බොහෝ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ආබාධ තත්ත්වයන්වලට මුහුණ දීලා තිබෙනවා”
“විශේෂයෙන්ම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පාදවල ඇඟිලි සම්බන්ධයෙන් අද විශාල ලෙස ආබාධ තත්ත්වයන් ගැන කතා කරනවා. ඒ කාරණයට බලපාල තිබෙන්නෙත් අද වනවිට මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නිසි පුහුණුවීම් තැනක් නොලැබීමේ කාරණයයි”
“ඒ වගේම අපේ ක්‍රීඩකයන් තරග වදින්න ගිහිල්ලා බොහෝ රටවල දී ශීත කාලගුණික තත්ත්වයෙන් පීඩා විඳිනවා. ඒක අපේ පදක්කම්වලට කෙරෙන දැඩි බලපෑමක්. ඒ නිසා අදාළ විදේශ තරග සංචාරයට ගැළපෙන පුහුණුවීම් අප කළ යුතුයි. උදාහරණයක් හැටියට චීනයේ පැවති ආසියානු ගෝන්-ප්‍රී මලල ක්‍රීඩා තරග මාලාව ඉලක්ක කරලා ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුහුණුවීම් කළ යුතුව තිබුණේ නුවරඑළිය වගේ ශීත දේශගුණක් පවතින පළාතකයි. මේවා ගැන ඉදිරියටත් හිතනවා නම් හොඳයි”
“නුවරඑළිය ඉහළ උන්නතාංශ ක්‍රීඩා සංකීර්ණය හදන්න වත්මන් ක්‍රීඩා ඇමැතිවරයා ගත් තීන්දුව එහිදී අගය කළ යුතුයි.” යැයි ද ජයවීර මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.
ආසියානු ගෝන්-ප්‍රී මලල ක්‍රීඩා තරග මාලාවේ අවසන් අදියර තරගාවලිය ඉරිදා (30) චීන තායිපේහිදී පැවැත්වේ. මුල් අදියර දෙකේම ශ්‍රී ලංකාවේ දස්කම් රන් පදක්කමකට, රිදී පදක්කමකට හා ලෝකඩ පදක්කම් දෙකකට පමණක් සීමා විය.
ශ්‍රී ලංකා කණ්ඩායමට හෙල්ල විසිකිරීමේ ක්‍රීඩකයන් දෙදෙනෙකු ඇතුළත් වේ. ඉන් සුමේධ රණසිංහ ‘රියෝ ඔලිම්පික්’ ක්‍රීඩා උළෙලට ද වරම් ලබා ගත් ක්‍රීඩකයෙකි. කෙසේ වුවත් රටවල් 20ක් මෙවර සහභාගී වන ආසියානු ගෝන්-ප්‍රී මලල ක්‍රීඩා තරගාවලිය සඳහා එම බොහෝ රටවලින් ප්‍රබල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉදිරිපත් කර නොතිබුණි.
එම තත්ත්වය තුළ ලබන ජුලි මාසයේදී ඉන්දියාවේ ‘ඔඩිෂා’ ප්‍රාන්තයේ ද පැවැත්වෙන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ පදක්කමක් දිනාගැනීම ශ්‍රී ලංකාවට ලේසි පහසු කටයුත්තක් නොවන බව මලල ක්‍රීඩා විචාරකයන්ගේ අදහසයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.