Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලක්ෂයක පමණ ආරක්ෂක හමුදාවක දැඩි රැකවරණ මැද 18 වැනි ආසියානු ක්‍රීඩා උළෙල හෙට (18) ඉන්දුනීසියාවේ ‘ජකාර්තා’ නුවර දී ආරම්භ වේ. ලබන සැප්තැම්බර් 2 වැනිදා දක්වා ජකර්තා නුවර හැරුණුකොට බටහිර සුමාත්‍රා දූපතේ පතලම්බෑන්ග්, බටහිර ජාවා හා බෙන්ටෙන් යන තවත් ඉන්දුනීසියානු නගර තුනක් කේන්ද්‍ර කර ගනිමින් මෙවර ආසියානු ක්‍රීඩා උළෙල පැවැත්වේ.
ආසියාවේ මහා ක්‍රීඩා මංගල්‍යය ලෙස හැඳින්විය හැකි ආසියානු ක්‍රීඩා උළෙල ඉන්දුනීසියාවේ දී පැවැත්වෙන්නේ වසර 56 කට පසුවය.
‘බනාපිය’ ලෙස එදා ඉතිහාසයේ විරුදාවලිය ලත් ‘ජකර්තා’ නුවර දී ඉන්දුනීසියානු රජයේ සත්කාරයෙන් දෙවැනි ආසියානු ක්‍රීඩා උළෙල සංවිධානය වන අතර එහි ඉදිරියේ දී තවත් ආසියානු ක්‍රීඩා උළෙලක් සංවිධානය වීම සැක සහිත තත්ත්වයක් ගෙනදී තිබේ.
18 වැනි ආසියානු ක්‍රීඩා උළෙල අද ආරම්භ වන ඉන්දුනීසියාවේ ජකර්තා නුවර භූමි භාගය වසර 2050 දී ගිලා බසින තත්ත්වයක් උද්ගත වී ඇතැයි භූමි විද්‍යාඥයන් පෙන්වා දුන්නේ ආසියානු ක්‍රීඩා උළෙල එහි ලහි ලහියේ සූදානම් කෙරෙමින් පවතින අතරය.
රටවල් 45 කින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුහුණුකරුවන් හා නිලධාරීන් 12000ක් ‘ජකර්තා’ ක්‍රීඩා ගම්මානයේ ලැගුම් ගන්නා අතර ඔවුන් ක්‍රීඩා 45 කින් ඉසව් 465ක තරග වැදීමට නියමිතය.
ශ්‍රී ලංකාව එහිදී ක්‍රීඩා 30ක් සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා නිලධාරින් 255 දෙනකුගේ කණ්ඩායමක් සහභාගි කර සිටියි. ක්‍රීඩා උළෙලට සහභාගි වන විවිධ ක්‍රීඩා ඉසව්වලට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම් කොටසක් අද (17) වන විටත් දිවයිනෙන් පිටත්ව ගොස් තිබුණි.
ආසියානු ක්‍රීඩා උළෙලක් නගර කීපයක් කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වේ. මෙවර ක්‍රීඩා උළෙලට පළමු වරට ‘ඊස්පෝට්ස්’ හා ‘කැනෝයි පෝලෝ’ යන අලුතින් ක්‍රීඩා ඉසව් දෙකක් හඳුන්වාදී තිබේ.
එම අලුත්ම ක්‍රීඩා ඉසව් දෙක සඳහාත් ශ්‍රී ලංකාව ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ඉදිරිපත් කර තිබේ. ආසියානු ක්‍රීඩා උළෙලට මෙවර සහභාගි වන ශ්‍රී ලංකා මළල ක්‍රීඩා කණ්ඩායම ක්‍රිඩක ක්‍රීඩිකාවෝ 14 දෙනෙකුට අවමවී තිබෙන අතර මෙවර ඒ සඳහා වැඩිම සහභාගිත්වයක් ශ්‍රී ලංකාවෙන් පෙන්වා ඇත්තේ කබඩි ක්රීඩාවෙනි. ඒ අනුව ක්‍රීඩකයන් හා ක්‍රීඩිකාවන් 15 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කාන්තා හා පිරිමි කණ්ඩායම් දෙකක් මෙවර ක්‍රීඩා උළෙලේ කබඩි තරතාවලියට සහභාගි වේ.
මෙවර මලල ක්‍රීඩා ඉසව් හැරෙන්නට සමාරම්භක හා සමාප්ත උත්සව පැවැත්වෙන ජකර්තා නුවර ‘ගේලෝරා බන්ග් කාමෝ’ ප්‍රධාන ක්‍රීඩාගාරය නරඹන්නන් 76,127 කට අසුන්ගත හැකි ලෙස සූදානම් කර තිබේ.
එය වසර 55ක් පැරණි නවීකරණය කරන ලද ක්‍රීඩා සංකීර්ණයකි. මේ අතර පාපන්දු (කාන්තා), ටෙනිස්, රුවල් ඔරු, වොලිබෝල්-වෙරළ, ඉලක්කයට වෙඩි තැබීම ඇතුළු ක්‍රීඩා ඉසව් 12ක් සුමාත්‍රා දූපත්හි පලෙම්බැන්ග් හිදී ද පාපන්දු (පිරිමි), පාපැදි ඇතුළු තවත් ක්‍රීඩා ඉසව් හයක් බටහිර ජාවා හා බෙන්ටෙන් හිදී ද පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
හෙක්ටයාර් 10ක වපසරියකින් යුත් භූමි භාගයක මහල් 10කින් සමන්විත ගොඩනැගිලි සංකීර්ණයකින් සමන්විත ක්‍රීඩා ගම්මානයේ එකවර 22,272කට නවාතැන් පහසුකම් සපයා තිබේ.
ඇමරිකානු ඩොලර් මිලියන 224ක් හෙවත් ඉන්දුනීසියානු රුපියල් බිලියන 869කට ආසන්න මුදලක් මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේ සත්කාරය සඳහා ඉන්දුනීසියානු රජය ප්‍රධාන අනුග්රාහකයන් විසින් දරා තිබේ.
මෙවර ආසියානු ක්‍රීඩා උළෙලට වැඩිම සහභාගිත්වය සත්කාරක ඉන්දුනීසියාවෙනි. එය ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා නිලධාරින් 951 කගේ සහභාගිත්වයකි. චීනය 879 දෙනකුගේ කණ්ඩායමක් ඉදිරිපත්කර සිටින අතර, ඉන්දියාව 572 දෙනකු ඊට සහභාගි කරයි.
ශ්‍රී ලංකාව ඇතුළත් දකුණු ආසියානු කලාපයේ රටවල් සෙසු සහභාගිත්වය විමසීමේ දී මාලදිවයින (149), නේපාලය (193), පාකිස්ථානය (308), බංග්ලාදේශය (123), භූතානය (24) යන කණ්ඩායම් සහභාගි වේ.
මෙවර ක්‍රීඩා උළෙලේ දී උතුරු කොරියාව හා දකුණු කොරියාව සිය එක්සත් බව ප්‍රදර්ශනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 11 දෙනෙකුගෙන් සමන්විත ඒකාබද්ධ කණ්ඩායමක් සහභාගිකර සිටීම කැපී පෙනේ. ඒ දෙරටින් සහභාගි වන සමස්ත කණ්ඩායම් දෙක හැරෙන්නටය.
ක්‍රීඩා උළෙල නිල වශයෙන් ආරම්භ වන්නේ අද සිට වූවත් පැසි පන්දු, පාපන්දු, අත්පන්දු හා වෝටර් පොලෝ යන ක්‍රීඩා ඉසව් පසුගිය 10 වැනිදා සිට පැවැත්වේ. ශ්‍රී ලංකාව වඩාත් අවධානයක් දීමට සිටින මලල ක්‍රීඩා තරගාවලිය ආරම්භ වන්නේ මෙම 25 වැනිදා සිටය.
ආසියානු ක්‍රීඩා උළෙලේ ආරම්භය සනිටුහන් වන්නේ 1951 නවදිල්ලි නුවරදී පැවැති ක්‍රීඩා උළෙලෙනි. වසර 2022 මීළඟ ක්‍රීඩා උළෙලේ සත්කාරය බාර ගෙන සිටින්නේ චීනයේ ‘හැන්ග්සු’ නගරයයි.
ආසියානු ක්‍රීඩා උළෙල ඉතිහාසයේ ශ්‍රී ලංකාව වැඩිම රන් පදක්කම් දිනා ඇත්තේ 1998 බැංකොක් ක්‍රීඩා උළෙලේදී එහිදී ශ්‍රී ලංකාව රන්පදක්කම් තුනක් දිනා ගැනීමට සමත්ව තිබේ. පසුගිය ඉන්ඩියොන්ග්හි දී පැවති ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවේ දස්කම් එවර ක්‍රීඩා උළෙලට හඳුන්වා දුන් විස්සයි 20 ක්‍රිකට් ක්‍රීඩාවට සීමා විය.
එහිදි ළහිරු තිරිමාන්නගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම රන් පදක්කමද, චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලෝකඩ පදක්කමද දිනා ගත්තේය.
එය මලල ක්‍රීඩා ඉසව් වලින් හැරෙන්නට ශ්‍රී ලංකාව මෙතෙක් ක්‍රීඩා උළෙලේ දී වෙනත් ක්‍රීඩා ඉසව්වකින් දිනා ගත් එකම රන් පදක්කමයි. ශ්‍රී ලංකාව වෙනත් ක්‍රීඩා උළෙලේ දී මලල ක්‍රීඩාවෙන් රන් පදක්කම් 10ක් දිනා තිබේ.
1951 ආරම්භක ක්‍රීඩා උළෙලේදීම ශ්‍රීලංකා මලල ක්‍රීඩා එම්.ජී. අක්බාර් රිටි පැනීම (පිරිමි) ඉසව්වෙන් දිනාගත් රිදී පදක්කමට ශ්‍රීලාංකිකයෙකු ආසියානු ක්‍රීඩා උළෙලේ දී හිමිකර ගත් පළමු පදක්කම ලෙස ක්‍රීඩා ඉතිහාසයට එක් වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.