Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව athletics_inner ආසියානු යොවුන් කී‍්‍රඩා උළෙලේ පදක්කම් දිනා එති

ආසියානු යොවුන් කී‍්‍රඩා උළෙලේ පදක්කම් දිනා එති

සංජය එරමුදුගොඩ - 2013 අගෝ මස 26 {{hitsCtrl.values.hits}} Views 8 Comment
A A A

චීනයේ නියැංජින් නුවර පැවැත්වුනු 2 වැනි ආසියානු  යොවුන් ක‍්‍රීඩා උළෙලේදී  රිදී පදක්කමක්,  ලෝකඩ පදක්කම් පහක් ඇතුළුව පදක්කම් හයක්  දිනා ගැනීමට ශ‍්‍රී ලංකාව සමත් වූ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ අද (26 වැනිදා) අලූයම දිවයිනට පැමිණියහ.

මෙම ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් පිරිස කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී  ඔවුන්ගේ දෙමවිපියන්, පුහුණුකරුවන් සහ ගුරුවරුන් විසින් ඉතා උණුසුම් අන්දමින් පිළිගනු ලැබූහ. රත්නපුර සීවලී විදුහලේ අමිල රවිශංක මීටර් 110 කඩුලූ පැන දිවීමෙන් රිදී පදක්කම හිමිකරගත්තේය.

කුලියාපිටිය මැදි විදුහලේ නිශාන්ති දිල්හානි මීටර් 800 ඉසව්වෙන්ද,  කෑගල්ල ශාන්ත මරියා විදුහලේ අනුරාධ විදුසංඛ මීටර් 400 කඩුලූ පැන දිවීමෙන්ද, අහංගම කතළුව මැදි විදුහලේ පී.ජී නිමාලි  මධුෂිකා මීටර් 400 ඉසව්වෙන්ද, කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලෝ මිහිලියා මෙත්සරණී ස්කොෂ්  කී‍්‍රඩාවෙන්ද මැතිව් අබේසිංහ මීටර් 100 නිදහස්  ආර පිහිනුම් ඉසව්වෙන් ලෝකඩ පදක්කම්  හිමිකරගත්හ.

අද අලූයම පැමිණි ශී‍්‍ර ලංකා කී‍්‍රඩක කී‍්‍රඩිකා කණ්ඩායම මැතිව් අබේසිංහ ඇතුළත් නොවීය.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

මීටර් 110 කඩුළු මතින් දිවීම ඉසව්වෙන් රිදී පදක්කම හිමිකරගත්  රත්නපුර ශීවලී මහා විදුහලේ අමිල රවිශංක.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

මීටර් 800 දුර දිවිම  ඉසව්වෙන් ලෝකඩ පදක්කම හිමිකරගත්  කුලියාපිටිය මැදි විදුහලේ නිශාන්ති දිල්හානි.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

මීටර් 400 කඩුලූ පැනීම ඉසව්වෙන් ලෝකඩ පදක්කම හිමිකරගත් කෑගල්ල ශාන්ත මරියා විදුහලේ අනුරාධ විදුශංක.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

මීටර් 400 ඉසව්වෙන් ලෝකඩ පදක්කම හිමිකරගත් අහංගම කතළුව මධ්‍ය මහා විදුහලේ පී.ජී නිමාලි මධුෂිකා.

 

 


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ස්කොෂ් ඉසව්වෙන් ලෝකඩ පදක්කම හිමිකරගත් කොළඹ සිරිමාවෝ බන්ඩාරණායක විදුහලේ මිහිලියා මෙත්සරණී.

 

(සටහන සහ ඡයාරූප: ගුවන්තොටුපොළ දීපා අදිකාරි)


අදහස් (8)

ආසියානු යොවුන් කී‍්‍රඩා උළෙලේ පදක්කම් දිනා එති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.