Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව athletics_inner එරංග - බිමාෂි පාසල් මැරතන් ශූරතා දිනති

එරංග - බිමාෂි පාසල් මැරතන් ශූරතා දිනති

සංජය එරමුදුගොඩ - 2016 සැප් මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


සමස්ත ලංකා පාසල් මැරතන් තරගයේ බාලක අංශයේ ප්‍රථම ස්ථානය දිනාගැනීමට වැලිමඩ අඹගස්දූව ජනාධිපති විද්‍යාලයේ ඇම්. එරංග මධුසංඛ සමත් විය. ඒ වෙනුවෙන් ඔහු ගතකළ කාලය පැය 1 විනාඩි 11.37 කි.


එහි දෙවැනි ස්ථානය මීගහතැන්න මෙරිල් කාරියවසම් විද්‍යාලයේ ජී. උෂාන් මධුසංඛ (පැ 1:12.31)ද,  තෙවැනි ස්ථානය කටුගස්තොට ශ්‍රී රාහුල විද්‍යාලයේ ජී. ඩී. චමුදිත ධනංජය (පැ 1:13.44)ද හිමිකර ගත්හ.

බාලිකා අංශයේ ප්‍රථම ස්ථානය කුලියාපිටිය මධ්‍යම මහා විද්‍යාලයේ එච්. එම්. බිමාෂි අෂ්මිකා විසින් දිනාගනු ලැබුවාය. ඒ වෙනුවෙන් ඇය ගත කළ කාලය පැය 1 විනාඩි 27.58 කි.

වැලිමඩ මධ්‍යම මහා විද්‍යාලයේ පී. ජී. එන්. දිල්රුක්ෂි සමරකෝන් (පැ: 1:31.07) දෙවැනි ස්ථානය හිමිකර ගත්තාය. එහි තෙවැනි ස්ථානය හිමිවූයේ කලවාන පොතුපිටිය මහා විද්‍යාලයේ ආර්. ඒ. දෂිනි සමදරා ආරියරත්නටය (පැ 1:34.31).  

අධ්‍යාපන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් අද (25) අම්බලන්ගොඩදී පැවැති මෙම මැරතන් තරගය පාල තරගයක් වූ හෙයින් කිලෝ මීටර 21 ක දුරකින් යුතු විය. නෙස්ලේ ලංකා සමාගම මෙහි අනුග්‍රාහකයා ලෙස කටයුතු කළේය.

පෙරවරු 6.30 ට අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය අසළින් ආරම්භ කෙරුණු මෙම තරගය ගාල්ල - කොළඹ මහා මාර්ගයේ පැරෑලිය හන්දිය දක්වා ගොස් නැවතත් ආරම්භක ස්ථානය වෙත පැමිණිමෙන් නිමා කෙරිණි. මෙම තරගය සඳහා ලංකාවේ විවිධ පළාත් නියෝජනය කරමින් පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 300 කට අධික පිරිසක් සහභාගී වූහ.

මෙම තරගයට සමගාමීව පැවැති කිලෝ මිටර 5 ක දුරකින් සමන්විත සමස්ත ලංකා පාසල් අර්ධ මැරතන් තරගයේ බාලක අංශයේ ප්‍රථම ස්ථානය හිමිකරගැනීමට ගාල්ල විද්‍යාලෝක මහා විද්‍යාලයේ සංජය සම්පත් ලියනගේ සමත් විය. එහි දෙවැනි ස්ථානය බෙන්තර ඇලකාක මහා විද්‍යාලයේ ඩී. කේ. ඉසුරු සම්පත්ටද, තෙවැනි ස්ථානය බූස්ස ධීරානන්ද මහා විද්‍යාලයේ කේ. යසුරු යෂේන්ටද හිමිවිය.

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ රුවිනි ප්‍රියංකා ඒකනායක අර්ධ මැරතන් තරගයේ බාලිකා අංශයේ ප්‍රථම ස්ථානය දිනාගත් අතර එහි දෙවැනි ස්ථානය හිමිවූයේ කරන්දෙණිය මහා විද්‍යාලයේ කේ. සජිකා මධුවන්තී සිල්වාටය. ඌරගහ යටගල මහා විද්‍යාලයේ අයි. ඩී. ඉසුරි ප්‍රදිපා ලක්මාලි තෙවැනි ස්ථානය හිමිකර ගත්තාය.

කිලෝ මීටර 21 ක් දුරැති තරගයේ ප්‍රථම ස්ථාන හිමිකරගත් ක්‍රීඩකයාට සහ ක්‍රීිඩිකාවට නෙස්ලේ ලංකා සමාගම රුපියල් විසිපන් දහසක මුදලක්ද, දෙවැනි ස්ථානය හිමිකරගත් දෙදෙනාට රුපියල් පහලොස් දහසක මුදලක්ද, තෙවැනි ස්ථාන හිමිකරගත් දෙදෙනාට රුපියල් දස දහසක මුදලක්ද බැගින් පිරිනමනු ලැබීය.

කිලෝ මීටර 5 ක් දුරැති තරගයේ ප්‍රථම ස්ථාන හිමිකරගත් ක්‍රීඩකයාට සහ ක්‍රීිඩිකාවට රුපියල් දසදහසක්ද, දෙවැනි ස්ථාන හිමිකරගත් දෙදෙනාට රුපියල් පන්දහසක මුදලක්ද, තෙවැනි ස්ථාන දිනාගත් දෙදෙනාට රුපියල් තුන්දහසක මුදලක්ද බැගින් පිරිනැමිණ.

ජයග්‍රහකයන් වෙත ත්‍යග ප්‍රදානය කිරීම මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය, ඇල්පිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්පිටිය, අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා උපදේශක සුනිල් ජයවීර, නෙස්ලේ ලංකා සමාගමේ උප සභාපති බන්දුල එගොඩගේ සහ දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (ක්‍රීඩා) ක්‍රිෂාන් දුමින්ද යන මහත්වරු අතින් සිදු කෙරිණි.


තරග ප්‍රතිඵල

මැරතන් තරගයේ (කිලෝ මීටර් 21) බාලක අංශයේ ජයග්‍රාහකයන්
1 ඇම්. එරංග මධුසංඛ (මැද 958)
2 ජී. උෂාන් මධුසංඛ (දකුණේ 103)
3 ජී. ඩී. සී. ඩී. අල්විස් (වමේ 101)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

මැරතන් තරගයේ (කිලෝ මීටර් 21) බාලිකා අංශයේ ජයග්‍රාහකයන්
1 එච්. එම්. බිමාෂ අෂ්මිකා (මැද 311)
2 පී. ජී. දිල්රුක්ෂි සමරකෝන් (වමේ 322)
3 ආර්. ඒ. රෂිනි සමදරා ආරියරත්න (දකුණේ 328)


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

අර්ධ මැරතන් තරගයේ (කිලෝ මීටර් 5) බාලක අංශයේ ජයග්‍රාහකයින්
1 සංජය සම්පත් ලියනගේ (මැද 927)
2 ඩී. කේ. ඉසුරු සම්පත් (දකුණේ 734)
3 කේ. යසුරු යෂේන් (වමේ 1061)


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

අර්ධ මැරතන් තරගයේ (කිලෝ මීටර් 5) බාලිකා අංශයේ ජයග්‍රාහකයින්
1 රුවිනි පියුනිකා ඒකනායක (මැද 1352)
2 කේ. සජිනා මධුවන්ති සිල්වා ( වමේ 1254)
3 අයි. ඩී. ඉසුරී ප්‍රචදීපා ලක්මාලි (වමේ 1219) 
(ඡායාරූප
- කහව චන්ද්‍රසිරි ජසෙන්තුලියන)


 

 


අදහස් (0)

එරංග - බිමාෂි පාසල් මැරතන් ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.