Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව athletics_inner ඔලිම්පික් ලොකු පුටුව බාරගන්න සූදානම්

ඔලිම්පික් ලොකු පුටුව බාරගන්න සූදානම්

දිලිනි මල්රුක්ෂි - 2013 සැප් මස 24 {{hitsCtrl.values.hits}} Views 12 Comment
A A A

ශ්‍රී ලංකා මලල කී‍්‍රඩා සංගමයේ සභාපති ධූරයට පමණක් නොව ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති ධූරය සඳහා ද තමන් අනාගතයේදදී තරග වැදීමට සූදානමින් සිටින බව හිටපු සුපිරි කෙටි ධාවන ශූරී සුසන්තිකා ජයසිංහ මහත්මිය පැවසුවාය.

ඔලිම්පික් රිදී පදක්කමක් හා ලෝක ශූරතා රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කමක් දිනා ගෙන සිටින සුසන්තිකා ‘ලංකාදීපය’ ට පැවසුවේ රටේ කඩා වැටී තිබෙන කී‍්‍රඩාව ගොඩ ගැනීම සඳහා තමන් මලල කී‍්‍රඩා සංගමයේ හා ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති ධූර බාරගැනීමට සූදානම් බවය. ඇය මෙසේද පැවසුවාය.

ඒ සඳහා මට ඉහළම සුදුසුකම් තිබෙනවා. මේ රටේ ඉහළම මලල කී‍්‍රඩා ජයග‍්‍රහණය ලද කාන්තාව මමයි. කී‍්‍රඩාවෙන් ඔලිම්පික් පදක්කම් දිනා ගත් මට කී‍්‍රඩා පරිපාලනයෙනුත් පදක්කම් දිනාගත හැකි තරමට වැඩ කරලා පෙන්වන්න පුළුවන් බව මට විශ්වාසයි.

මේ වන වවිට ශ්‍රී ලංකා මලල කී‍්‍රඩා සංගමයේ උප සභාපතිනයක් ලෙස කටයුතු කරන 37 හැවිරිදි සුසන්තිකා සිය දෙවැනි දරුවා අපේක්‍ෂාවෙන් පසුවන්නීය.

පසුගිය මහ මැතිවරණයේදී සන්ධානයෙන් කෑගල්ල දිස්ති‍්‍රක්කයට තරග වැඳුණු ඇය එහි සන්ධානයේ මන්තී‍්‍ර ධූරයක් හිස්වුවහොත් මනාප ලැයිස්තුවට අනුව ඊළඟට ඊට පත්වීමට සුදුසුකම් ලබා සිටින්නීය. ඇය දැනට ජනාධිපතිවරයාගේ කී‍්‍රඩා උපදේශිකාවක් ලෙසත් කටයුතු කරයි. පසුගිය කාලයේදී මලල කී‍්‍රඩා සංගමය ලබා දුන් විදෙස් සංචාර කිහිපයකට ඇය සහභාගි නොවීම බොහෝ දෙනෙකුගේ අවධානයට යොමු විය.


අදහස් (12)

ඔලිම්පික් ලොකු පුටුව බාරගන්න සූදානම්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.