Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව athletics_inner ඔලිම්පික් යන්න මංජුලට තවත් අවස්ථාවක්

ඔලිම්පික් යන්න මංජුලට තවත් අවස්ථාවක්

සංජය එරමුදුගොඩ - 2016 ජුලි මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා උස පැනීමේ ක්‍රීඩක මංජුල කුමාර ට තවත් අවස්ථාවක් ලබාදීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපති සුගත් තිලකරත්න මහතා පවසයි.

දියගම මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන 94 වැනි ජාතික මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් දිනය වන හෙට (10) පස්වරු 3.00 ට මංජුල වෙනුවෙන් උස පැනීමේ පිරිමි ඉසව්ව පැවැත්වේ. මෙය ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ තරගයක් ලෙස ක්‍රියාත්මකවේ.

 තරගාවලියේ පළමු දිනය වු ඊයේ (8) උස පැනිමේ (පිරිමි) ඉසව්වේදී ඔලිම්පික් වරම් හිමිකර ගනී යැයි විශ්වාස තැබු මංජුල, මීටර 2.24 ක දක්ෂතාවක් දැක්වීය. මංජුල ඊයේ ගත් උත්සාහයන් වලදී ඔලිම්පික් සුදුසුකම් ලැබීමට අවශ්‍ය මීටර 2.29 ආසන්නයටම පැමිණි නමුත් එම උත්සාහයන් අවාසනාවන්ත ලෙස යන්තමින් අසාර්ථක වු බවද වාර්තා වේ.

 කෙසේ වෙතත් මංජුල මෙතෙක් දක්වා ඇති ඉහළම දස්කම වන්නේ මීටර 2.27 ක උස පැනීමකි.

ඔහුගේ දස්කම් සලකා බලා අවසන් අවස්ථාවත් ලබාදීමට කටයුතු කළ බව සුගත් තිලකරත්න මහතා ‘ලංකාදීපයට’ පැවසීය.

“එයාට දෙන දෙවැනි අවස්ථාව කොහෙත්ම ජාතික තරගාවලියට අයත් වෙන්නේ නෑ. ජාතික තරගාවලියේ උස පැනීමේ පිරිමි ඉසව්ව අවසන්. ඔලිම්පික් සුදුසුකම් ලබන්න අවස්ථාව තිබෙන්නෙ අනිද්දා (11) දක්වා පමණයි”
“අපේ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් එම අවස්ථාව ආසන්නයේ සිටින්නේ මංජුලයි. ඔහුට ඒ අවස්ථාව ලබා ගන්න තරගයක් ලබා දිය යුතු යැයි අපි හිතනවා” යයි තිලකරත්න මහතා වැඩි දුරටත් පැවසීය.

 


අදහස් (0)

ඔලිම්පික් යන්න මංජුලට තවත් අවස්ථාවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.