Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව athletics_inner කොළඹ මැරතන් තරගයට 3500 ක්

කොළඹ මැරතන් තරගයට 3500 ක්

සංජය එරමුදුගොඩ - 2013 ඔක් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එළඹෙන 6 වැනිදා පැවැත්වීමට නියමිත එල්. එස්. ආර්. කොළඹ ජාත්‍යන්තර මැරතන් තරගයේ 13 වැනි අදියර සඳහා සහභාගීවන මුලූ තරගකරුවන් සහ තරගකාරියන් සංඛ්‍යාව 3500 ඉක්මවාගොස් ඇතිබව වාර්තාවේ. ඊට ඇතුළත්ව සිටින විදෙස් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් සංඛ්‍යාව 110 කි.

ඒ අනුව මේ වසරේ සහභාගීත්වය ඉකුත් වසරේ සහභාගීත්වයට වඩා කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 200 කින් පමණ වැඩිවී තිබේ. පසුගිය වසරේ සහභාගීවූ මුලූ තරගකරුවන් සංඛ්‍යාව 3317 ක් වන අතර ඊට විදෙස් කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ 73 ක්ද ඇතුළත්වූහ.

පැය 2, මිනිත්තු 26, තත්පර 40 කින් තරගය අවසන් කළ කෙන්යාවේ ජිෆ්රි බර්ජන් එම තරගය ජයගතතේය. දෙවැනි ස්ථානය පැය 2, මිනිත්තු 28 කින් තරගය අවසන් කළ ශ්‍රී ලංකාවේ අජිත් බණ්ඩාරයි දිනාගත්තේ . ශ්‍රී ලංකාවේ රුවිනා දීපානි කාන්තා අංශයේ ජය හිමිකරගත් අතර පැය 2, මිනිත්තු 55, තත්පර 47 කින් ඇය තරගය අවසන් කළාය.

ඉකුත් වසරේ මෙම තරගය ජයගත් ජිෆ්රි බර්ජන්ද ඇතුළුව කෙන්යාවෙන් මෙවර තරගය සඳහා සහභාගීවන කී‍්‍රඩකයන් සංඛ්‍යාව 19 කි. මාලදිවයින නියෝජනය කරමින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 26 දෙනක් මෙවර තරගයට එක්වන අතර එය එක් රටකින් තරගයට සහභාගීවන වැඩිම විදෙස් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් පිරිස ලෙස වාර්තාවේ.
ඊට අමතරව ජපානය, මහා බි‍්‍රතාන්‍යය,  ඕස්ටේ‍්‍රලියාව, චීනය, පාකිස්ථානය, ඉනිදියාව, කැනඩාව, ඇමරිකාව, ඉතියෝපියාව, ජර්මනිය සහ නවසීලන්තය යන රටවල්ද ඇතුළත්ව රටවල් 25 කින් මහද්වීප 5 ම නියෝජනය වන පරිදි කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් මෙම තරගයට සහභාගීවන බව තරග සංවිධායක කමිටුවේ ප‍්‍රධානියෙක් පැවසීය.

ශ්‍රී ලංකාවෙන් මෙම තරගය සඳහා සහාභාගී වන කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් අතරේ පසුගිය වසරේ පිරිමි අංශයේ දෙවැනි ස්ථානය දිනාගත් අජිත් බණ්ඩාර සහ කාන්තා අංශයේ ප‍්‍රථම ස්ථානය දිනාගත් රුවිනා දීපානි පෙරමුණේ පසුවෙති. පෙරවරු 6.00 ට කොළඹ නිදහස් චතුරස‍්‍රය අසලින් ආරම්භ වන මැරතන් තරගය, බොරැල්ල, දෙමටගොඩ,  පෑලියගොඩ, වත්තල, හැමිල්ටන් ඇළ, පමුණුගම, තලාහේන, පිටිපන, දුව යන ස්ථාන පසුකර මීගමුව වෙරළ උද්‍යානයට අසලින් අවසන්වේ.

එදින දහවල් 12.30 න් පසු අරාධිත අමුත්තන්ගේ ප‍්‍රධානත්වයෙන් ජයග‍්‍රාහක ජයග‍්‍රාහිකාවන්ට ත්‍යාග සහ සහතිකපත් ප‍්‍රදානය කිරීමද මීගමුව වෙරළ උද්‍යානයේදී පැවැත්වේ. ලංකා ස්පෝර්ට් රයිසින් ආයතනය විසින් 1998 වසරේ සිට මේ වන තෙක්ම වාර්ෂිකව සංවිධානය කෙරෙන ජාත්‍යන්තර මැරතන් තරගයේ ප‍්‍රධාන අනුග‍්‍රාහකයා ලෙස ශි‍්‍ර ලංකන් එයාර් ලයින්ස් සමාගම කටයුතු කරයි.

 

එල්. එස්. ආර්. කොළඹ ජාත්‍යන්තර මැරතන් තරගය (13 වැනි අදියර) - ගමන් විස්තරය

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

(සැකසුම: දිලිනි මල්රුක්ෂි)

 

 

 

 

 

 

 


අදහස් (0)

කොළඹ මැරතන් තරගයට 3500 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.