Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලෝක කනිෂ්ඨ හා ආසියානු කණිෂ්ඨ මලල ක‍්‍රීඩා තරගාවලි සඳහාත් යොවුන් ඔලිම්පික් උළෙල සඳහාත් ශ්‍රී ලංකාවෙන් සහභාගි කරන ක‍්‍රීඩක - ක‍්‍රීඩිකාවන් නම් කෙරෙන ජාතික කනිෂ්ඨ මලල ක‍්‍රීඩා ශූරතාවලිය ක‍්‍රීඩක - ක‍්‍රීඩිකාවන් 3500 දෙනෙකුගේ සහභාගිත්වයෙන් හෙට (2) සුගතදාස ක‍්‍රීඩාංගණයේදී ආරම්භ වේ.
මෙම තරගාවලිය ලබන සඳුදා (5) දක්වා දින හතරක් පුරා පැවැත්වෙන අතර වයස 16න් පහළ, 18න් පහළ, 20න් පහළ හා 23න් පහළ කාන්තා හා පිරිමි ඉසව් 130ක් ඊට ඇතුළත් වේ.
ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජනරාල් පාලිත ප‍්‍රනාන්දු මහතා පැවැසුවේ, මෙවර තරගාවලියට ඉදිරිපත්ව සිටින ක‍්‍රීඩක - ක‍්‍රීඩිකාවන් ගණන දෙස බැලීමේදී එය වාර්තාගත සහභාගිත්වයක් බවයි.
ජූනි 12 වැනිදා තායිපේහිදී ආසියානු කණිෂ්ඨ මලල ක‍්‍රීඩා ශූරතාවලිය පැවැත්වේ. ඒ සඳහා මෙම තරගාවලිය තේරීම් තරගාවලියක් ලෙස යොදා ගැනෙන බවත් එහිදී ආසියානු කනිෂ්ඨ මලල කී‍්‍රඩා තරගාවලියට අවම වශයෙන් ක‍්‍රීඩක - ක‍්‍රීඩිකාවන් 20 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමක් සහභාගි කරවන බවත් පාලිත ප‍්‍රනාන්දු මහතා පැවැසීය.
ඇමෙරිකාවේ ඉව්ජින් නගරයේදී ලෝක ශූරතා කණිෂ්ඨ මලල ක‍්‍රීඩා ශූරතාවලිය පැවැත්වේ. චීනයේ නැන්ජින් නුවරදී යොවුන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල පැවැත්වේ.
හෙට පෙරවරු 7.30ට වයස 20න් පහළ පිරිමි මීටර් 10000 ඇවිදීම තරගයෙන් තරගාවලිය ආරම්භවේ. තරගාවලියේ විශේෂත්වය වන්නේ පැවැත්වෙන සියලූ ඉසව් අවසන් තරග වීමය. එය ගණනින් 29 කි.
ජය සංකේත ප‍්‍රදානෝත්සවය සඳුදා පස්වරු 5.00ට පැවැත්වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.