Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව athletics_inner දින තුනට නව වාර්තා 14 යි

දින තුනට නව වාර්තා 14 යි

සංජය එරමුදුගොඩ - 2016 මැයි මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දියගම මහින්ද රාජපක්‍ෂ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන ජාතික කනිෂ්ඨ මලල ක‍්‍රීඩා ශූරතාවලියේ තෙවැනි දිනය වු අද (14) දිනයේදී නව තරග වාර්තා නවයක් පිිහිටුවීමට ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ සමත්වුහ.

අද දිනයේ වාර්තා නවයත් එකතුව සමස්ත තරගාවලියේ මෙතෙක් බිහි වී ඇති තරග වාර්තා ගණන 14 කි. ඊට පැරැණි වාර්තා සමකළ අවස්ථා තුනක් ද ඇතුළත්ය.

වලල ඒ. රත්නායක මැදි විදුහලේ හර්ෂණී සමුද්‍ර කුමාරි ධර්මරත්න මෙවර තරගාවලියේ ආරම්භක දිනයේදීම නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීම කැපී පෙනෙන සිදුවීම විය. හර්ෂණී, වයස 20 න් පහළ කාන්තා රිටි පැනීමේ ඉසව්වේදී මීටර 3.34 ක දක්‍ෂතාවක් දක්වමින් නව ශ්‍රී ලංකා වාර්තාව පිහිටුවුවාය.

 2015 වසරේ ජුලි මස පැවැති 93 වැනි ජාතික මලල ක‍්‍රීඩා ශූරතාවලියේදී නාවික හමුදාවේ අනෝමා කරුණාවංශ, මීටර 3.33 කට තබා තිබූ රිටී පැනීම කාන්තා ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව හර්ෂණී විසින් බිඳ දමන ලදි.

මෙවර තරගාවලිය පැවැත්වීමේ ප‍්‍රධානතම ඉලක්කය වී ඇත්තේ ජුලි මස 19 වැනිදා පෝලන්තයේ පැවැත්වෙන ලෝක ශූරතා වයස 20 න් පහළ කනිෂ්ඨ මලල ක‍්‍රීඩා ශූරතාවලියට ශ්‍රී ලංකාවෙන් සුදුස්සන් තෝරා ගැනීමයි. වයස 20 න් පහළ මීටර 400 කඩුලූ පැන දිවීම ඉසව්වෙන් අද දිනයේ නව වාර්තාවක් බිහි කළ මීගමුව මාරිස්ටෙලා විදුහලේ උදිත් චන්ද්‍රසේන (තත්පර 52.22) එම තරගාවලියට සහභාගිවීමේ අවස්ථාව උදා කර ගත්තේය.

හර්ෂණී කුමාරි

වයස 20 න් පහළ තුන් පිම්ම පිරිමි ඉසව්වෙන් නව වාර්තාවක් පිහිටවු වෙන්නප්පුව ශාන්ත ජෝශප් විදුහලේ එල්.පී. ජී. ධනංජය හා පැරැණි වාර්තාව සම කරමින් දස්කම් පෑ චමල් කුමාරසිරි එම ඉලක්කය සපුරා ගත්තේ තරගාවලිය ආරම්භ වු දිනයේදීමය.

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම අනුග‍්‍රහය දක්වන මෙම තරගාවලියේ අවසන් දිනය හෙට (15) යි.

 

අද (14) දිනයේ වාර්තා වු නව වාර්තා

 වයස 20 න් පහළ පිරිමි (මීටර 110 කඩුලූ පැන දිවීම)
 ඒ. වී. ජී. ඒ. රවිසංක (රත්නපුර සීවලී, තත්පර 14.19)

 වයස 18 න් පහළ කාන්තා (මීටර 800)
 ඞී.එම්.එස්.කුමාරසිංහ (වලල ඒ.රත්නායක, විනාඩි 2.13.79)

 වයස 23 න් පහළ කාන්තා (මීටර 800)
 ආර්.නදීෂා (යුද හමුදාව, විනාඩි 2.09.26)

 වයස 18 න් පහළ පිරිමි (මීටර 400, කඩුලූ පැන දිවීම)
 එස්.පී.ඒ.දර්ශන (අකුරම්බොඩ වීරකැප්පෙටිපොළ ම.වි., තත්පර 52.92)

 වයස 20 න් පහළ පිරිමි (මීටර 400, කඩුලූ පැන දිවීම)
 උදිත් චන්ද්‍රසේන (මීගමුව මාරිස්ටෙලා, තත්පර 52.22)

 වයස 16 න් පහළ පිරිමි (මීටර 200)
 ශාලික සන්තුෂ් (කොටහේන ශා.බෙනඩික්, තත්පර 22.55)

 වයස 20 න් පහළ පිරිමි (මීටර 200)
 එස්.රත්වත්තෙ (මහනුවර ත‍්‍රිත්ව, තත්පර 21.73)

 වයස 23 න් පහළ පිරිමි (මීටර 200)
 කේ.එස්.එල්.වික‍්‍රමසිංහ (යුද හමුදාව, තත්පර 21.60)

 වයස 20 න් පහළ පිරිමි (දුර පැනීම)
 එල්.පී.ජී.ධනංජය (වෙන්නප්පුව ජෝශප්වාස්, මීටර 7.41)

 

 ඊයේ (13) දිනයේ වාර්තා වු නව වාර්තා
 වයස 23 න් පහළ කාන්තා (මීටර 800)
 ආර්.නදීෂා (යුද හමුදාව, විනාඩි 2.09.26)

 වයස 23 න් පහළ කාන්තා (තුන් පිම්ම)
 එච්.ඞී.ටී.ලක්‍ෂාණී (යුද හමුදාව, මීටර 13.34)

 

 පැරැණි වාර්තා සම වු අවස්ථා
 වයස 18 න් පහළ පිරිමි (උස පැනීම)
 සෙපාන් සේනාරත්න (වත්තල ලයිසියම්, මීටර 2.06)

 වයස 23 න් පහළ පිරිමි (රිටි පැනීම)
 එම්.එච්.අයි.සඳරුවන් (ගුවන් හමුදාව, මීටර 4.70)

 

 පළමු දිනයේ (12) වාර්තා වු නව වාර්තා

 වයස 20 න් පහළ කාන්තා (රිටි පැනීම)
 හර්ෂණී සමුද්‍ර කුමාරී ධර්මරත්න (වලල ඒ. රත්නායක, මීටර 3.34 නව ශ්‍රී ලංකා වාර්තාවකි)

 වයස 20 න් පහළ පිරිමි (තුන් පිම්ම)
 එල්.පී.ජී.ධනංජය (වෙන්නප්පුව ශා.ජෝශප් , මීටර 15.78)

 වයස 20 න් පහළ පිරිමි (මිටිය විසි කිරීම)
 ඩබ්.ඒ.නියොමාල් ද සිල්වා (අනුරාධපුරය, මීටර 34.10)

 වයස 23 න් පහළ පිරිමි (මිටිය විසි කිරීම)
 ඞී.ඒ.එල්.ප‍්‍රභාෂණ (යුද හමුදාව, මීටර 36.44)


 පැරැණි වාර්තා සම වු අවස්ථා (1)

 වයස 20 න් පහළ පිරිමි (තුන්පිම්ම)
 චමල් කුමාරසිරි (මීරිගම ඞී.එස්.සේනානායක ජා.පා., මීටර 15.62)

 


අදහස් (0)

දින තුනට නව වාර්තා 14 යි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.