Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව athletics_inner දරුවකු වෙනුවෙන් ඉසින්බඒවා ඉසුඹුවක් සොයයි

දරුවකු වෙනුවෙන් ඉසින්බඒවා ඉසුඹුවක් සොයයි

සංජය එරමුදුගොඩ - 2013 අගෝ මස 14 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

මොස්කව්හිදී පැවැත්වෙන ලෝක මලල කී‍්‍රඩා ශූරතාවලියේදී රිටි පැනීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනාගත් රුසියානු කී‍්‍රඩිකා එලීනා ඉසින්බඒවා ඇයගේ මීලග තරගාවලියට පෙර මාස 18 ක විවේකයක් බලාපොරොත්තුව සිටින්නීය. මේ වන විට 31 හැවිරිදි වියේ සිටින ඉසින්බඒවාගේ අරමුණ දරුවකු බිහිකිරීම සඳහා එම විවේකය ලබාගැනීමයි.

ලෝක මලල කී‍්‍රඩා ශූරතාවලියකට මේ දක්වා දිනයකදී පැමිණි විශාලතම නරඹන්නන් පිරිස අගහරුවාදා රාති‍්‍රයේ කැඳවූ එලීනා, වසර 15 කට වැඩි කාලයක් රිටි පැනීමේ කී‍්‍රඩාවේ නිරතව සිටින අතර වසර ගණනාවක සිටම එම ඉසව්වේ ලෝක වාර්තාවේ හිමිකාරියද වී සිටින්නීය.

ඇයගේ තරග දිවියේ කූටප‍්‍රාප්තිය මොස්කව් ජයග‍්‍රහණය වුවත් රුසියානු කී‍්‍රඩා ලෝලීන්ගේ ආයාචනය වූයේ මෙම අවස්ථාවේදී කී‍්‍රඩාවෙන් සමු නොගන්නා ලෙසසි.

”දරුවකු බිහිකිරීම සඳහා මා විවේකයක් ගන්නවා. මා නැවතත් තරග බිමට එන්න උත්සාහ කරනවා. ඒත් බලාපොරොත්තු නොවන දෙයක් වුණොත් මා කී‍්‍රඩාවෙන් සමුගන්නා බව නිවේදනය කරනවා” යයි සිය ජයග‍්‍රහණයෙන් පසුව එලීනා පැවසුවාය.

 

- ඡායාරූප: රොයිටර් ඇසුරිනි


අදහස් (2)

දරුවකු වෙනුවෙන් ඉසින්බඒවා ඉසුඹුවක් සොයයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.