Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
රුසියාවේ මොස්කව් නගරයේ දී දැන් පැවැත්වෙන 14 වැනි ලෝක මලල ක‍්‍රීඩා ශූරතාවලියේදී හෙල්ල විසිකිරීම (කාන්තා) ඉසව්වේ අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා ක‍්‍රීඩිකා නදීකා ලක්මාලී සමත් වූවාය. ලොව හෙල්ල විසි කිරීමේ හොඳම ක‍්‍රීඩිකාවන් 12 දෙනා අතරට පිවිසීමට ඇය ඊයේ (16) සමත් වූයේ ඕවර 60.39ක දුරක් හෙල්ල විසිකරමිනි.
මෙම ඉසව්වේ අවසන් තරගය හෙට (18) ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 5.30ට පැවැත්වීමට නියමිතය. ලෝක මලල ක‍්‍රීඩා ශූරතාවලියකදී අවසන් තරගයකට පිවිසි දෙවැනි ශ්‍රී ලාංකික ක‍්‍රීඩිකාව ඇයයි. 1997 ඇතැන්ස්හිදී පැවැති ලෝක මලල ක‍්‍රීඩා ශුරතාවලියේදී හා 2007 ‘ෆුකෝකා’හිදී ලෝක මලල කී‍්‍රඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකා ක‍්‍රීඩිකා සුසන්තිකා ජයසිංහ මීටර් 200 කාන්තා ඉසව්වේ අවසන් තරගයට සුදුසුකම් ලබාගත්තාය.
මෙහිදී ඇය රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කමක්ද දිනා ගත්තාය.
යුද හමුදා කාන්තා බලකායේ බලලත් නිලධාරිනියක් වන නදීකා ඉන්දියාවේ පූනාහිදී පැවැති 20 වැනි ආසියානු මලල ක‍්‍රීඩා ශූරතාවලියේදී මීටර 60.16ක දුරක් හෙල්ල විසිකරමින් දක්කම් දැක්වූ අතර එහිදී රිදී පදක්කමක් දිනාගත්තාය. ඒ සමගම ඇය මොස්කව් ලෝක මලල ක‍්‍රීඩා ශූරතාවලියට ‘බී’ කාණ්්ඩයේ සුදුසුකම් ලබාගත්තාය.
මොස්කව් ලෝක ශූරතාවලියේදී හෙල්ල විසිකිරීම (කාන්තා) ඉසව්වේ ‘බී’ කාණ්ඩයේ පරිසාධන මට්ටම වූයේ මීටර 59.50කි. ඉන් දින කීපයකට පසු ඇය ශ්‍රී ලංකාවේදී යළිත් එම දස්කම් ද අභිබවා යමින් මීටර 60.64කට යුද හමුදා ස්වේච්ඡුා බලසේනා මලල ක‍්‍රීඩා තරගාවලියේදී එම ඉසව්ව ජය ගත්තාය.
එම අවස්ථා දෙකේදීම ඇය නව ශ්‍රී ලංකා වාර්තා පිහිටුවීමට සමත් වූවාය. ඇය එහි ශ්‍රී ලංකා වාර්තාවට (මී. 58.48) පළමුවෙන්ම හිමිකම් කීවේ වසර 2007 දීය. මෑත කාලයේදී දස්කම් වර්ධනය කර පත් නදීකා මේ වසරේදී පැවැති ආසියානු ගොන් ෆී‍්‍ර මලල ක‍්‍රීඩා තරග මාලාවේ අදියර තුනේදීම ජයග‍්‍රහණ හිමිකර ගැනීමටද සමත් වූවාය.
මේ වන විට 31 හැවිරිදි වියේ පසුවන නදීකා පසුගිය ජුනි මාසයේ පින්ලන්තයේ ‘කුරෝඩාන්’ හි විසිකිරීමේ ඉසවේ පුහුණු මධ්‍යස්ථානයේදී විශේෂ නේවාසික පුහුණු පාඨමාලාවකටද සහභාගි වූවාය.
ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජනරාල් පාලිත ප‍්‍රනාන්දු මහතා ‘ලංකාදීප’යට පැවසුවේ නදීකා ලොව හෙල්ල විසිකිරීමේ හොඳම ක‍්‍රීඩිකාවන් 12 දෙනා අතරට පිවිසීම තුළින්ද මේ වන විටත් ශ‍්‍රී ලංකාවට විශාල ගෞරවයක් බවයි.
ලබන වසරේදී චීනයේ ‘ඉංසියෝන්’හිදී පැවැත්වෙන ආසියානු ක‍්‍රීඩා උළෙල හා ග්ලැස්ගොව්හිදී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ක‍්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා හෙල්ල විසිකිරීමේ ක‍්‍රීඩිකාව කෙරෙහි වඩාත් විශ්වාසයක් තබාගත හැකි බවද පාලිත ප‍්‍රනාන්දු මහතා පැවසීය. මෙවර ලෝක මලල කී‍්‍රඩා ශූරතාවලියේදී හෙල්ල විසිකිරීම (කාන්තා) ඉසව්වේ මූලික වටයේදී හොඳම දක්‍ෂතා පළකළේ රුසියානු ක‍්‍රීඩිකා මාරියා කවකොම්බාය.
කවකොම්බා මීටර 69.09ක දුරක් හෙල්ල විසිකළ අතර නදීකා ඊයේ තෝරා ගත් හෙල්ල විසිකිරීම ක‍්‍රීඩිකාවන් අතර 12 වැනි ස්ථානයේ පසුවන්නීය.
මේ මස 10 වැනිදා ආරම්භ වූ ලෝක මලල ක‍්‍රීඩා ශූරතාවලිය හෙට (18) නිමාවට පත්වේ. එහිදී ශ්‍රී ලංකාව ඉසව් තුනකට ඉදිරිපත් විය. එහිදී මීටර 400 කඩුලූ පැනීමේ ක‍්‍රීඩිකා කි‍්‍රස්ටින් සොනාලි මෙරිල් හා මීටර 4X400 (පිරිමි) ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටයේදීම පරාජයට පත්විය. ලෝක ශුරතාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා කණ්ඩායම අනිද්දා (19) දිවයිනට ළඟාවීමට නියමිතය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.