Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව athletics_inner නව වාර්තා ගණන 4 කට සීමාවෙයි

නව වාර්තා ගණන 4 කට සීමාවෙයි

සංජය එරමුදුගොඩ - 2016 ජුලි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දියගම මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන 94 වැනි ජාතික මලල ක්‍රීඩා තරගාවලියේ තෙවැනි සහ අවසන් දිනය වු අද (10) නව ශ්‍රී ලංකාව වාර්තා තුනක් පිහිටුවීමට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත්වුහ. තරගාවලියේ දෙවැනි දිනයේදී දස ප්‍රයාම (පිරිමි) ඉසව්වෙන් යුද හමුදාවේ අජිත් කුමාර කරුණාතිලක පිහිටු වු ශ්‍රී ලංකා වාර්තාවත් සමඟ සමස්ත තරගාවලියේ බිහිවු නව වාර්තා ගණන හතරකි. මෙම වාර්තා ගණන පසුගිය වසරේ පැවැති 93 වැනි ජාතික මලල ක්‍රීඩා තරගාවලියේ වාර්තා ගණන හා සැසඳීමේදී සමානය.  

 රිටි පැනීම ඉසව්වේ සාග් රන් පදක්කම් ලාභී ඉෂාර සඳරුවන් අද පැවැති රිටි පැනීම පිරිමි ඉසව්වෙන් මීටර 5.00 ක උසක් පැන ශ්‍රී ලංකා වාර්තාව පිහිටුවීය. ඉෂාර 2015 වසරේදී තමන් විසින් පිහිටුවන ලද ශ්‍රී ලංකා වාර්තාව (මීටර 4.91) අලුත් කරමින් දස්කම් දැක්වීය. මිටිය විසි කිරීම කාන්තා ඉසව්වේදී ගුවන් හමුදාවේ ඒ. ඒ. මධුවන්ති නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවුවාය.

මධුවන්ති මීටර 44.14 ක දැක් වු දස්කම හමුවේ තෙවැනි ස්ථානය දිනාගත් යුද හමුදා ක්‍රීඩිකා එස්.එම්.අමරසිංහ මෙම වසරේදී පිහිටුවා තිබු ශ්‍රී ලංකා වාර්තාව (43.93) බිද වැටිණ. අමරසිංහ අද පැවැති අවසන් තරගයේදී මීටර 42.64 ක් මිටිය විසි කළ අතර දෙවැනි ස්ථානය දිනාගත් ඒ.ඒ.ලක්ෂිකා මීටර 43.27 ක දස්කමක් දැක්වුවාය.

යුද හමුදාවේ වී.එල්.සුගන්දි සත්ප්‍රයාම කාන්තා ඉසව්වෙන් 2015 වසරේදී පිහිටු වු ශ්‍රී ලංකා වාර්තාව (ලකුණු 4404) අලුත් කළාය. සුගන්දි අද පැවැති එම ඉසව්වෙන් ලකුණු 4547 ක් ලබා ගත්තාය.

රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා ගනී යැයි විශ්වාස තැබු මීටර 800 ධාවන ශූරී නිමාලි ලියනආරච්චි එම ඉසව්වේ පළමු ස්ථානය දිනා ගත්තද ඇය වාර්තා කළ කාලය විනාඩි.2. තත්පර 04.80 කි. මෙම ඉසව්වේ ඔලිම්පික් වරම් හිමිකර ගැනීමට නම් විනාඩි. 2. තත්පර 01.50 ක කාලයක් වාර්තා කළ යුතුය.

මීටර 200 පිරිමි ඉසව්ව ජයගත් විනෝද් සුරංජය සිල්වා තත්පර 21.20 ක කාලයක් වාර්තා කළේය. රියෝ ඔලිම්පික් අපේක්‍ෂාවෙන් සිටි විනෝද් සුරංජය, පසුගියදා කසකස්තානයේ පැවැති විවෘත මලල ක්‍රීඩා තරගාවලියේදී තත්පර 20.93 ක දස්කමක් දැක් වු නමුත් ඉන්පසු එරට පැවැති ජාතික මලල ක්‍රීඩා තරගාවලියේදී තත්පර 21.09 ක් දක්වා අවම විය.

මීටර 100 ඉසව්වේ ජාතික ශූරයා වන හිමාෂ ඒෂාන් ද මීටර 200 ඉසව්වට සහභාගි වු බැවින් තරගය තියුණු මුහුණුවරක් ගත්තේය. හිමාෂ ඒෂාන් තත්පර21.40 ක කාලයක් ලබා ගනිමින් දෙවැනි ස්ථානයට පත්විය.

හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්ව යුද හමුදාවේ ඩබ්ලිව්. එල්. දයාරත්න ජයගත් අතර රියෝ ඔලිම්පික් උළෙලට සහභාගිවන ජාතික හෙල්ල විසි කිරීම ශූර සුමේධ රණසිංහ ක්‍රීඩා කිරිමෙන් වැළකී සිටියේය.

 

තෙවැනි දිනයේ (10) අවසන් තරගවල ප්‍රතිඵල:

මීටර 110 කඩුලු පැන දිවීම (පිරිමි)
1.කේ.ඩබ්.රන්දීව (යුද හමුදාව, තත්.14.60)
2.වසීම් ඉල්හාම් (යුද හමුදාව. තත්.14.60)
3. හසිත කුමාර (යුද හමුදාව, තත්.14.70)

මීටර 110 කඩුලු පැන දිවීම (කාන්තා)
1.ජේ.එස්.රාජසිංහ (යුද හමුදාව, තත්.14.90)
2.ආර්.එම්.තිලකාසිරි (ගුවන් හමුදාව. තත්.15.30)
3. ඩී.පී.මොහොට්ටාලේ (ගුවන් හමුදාව, තත්.15.50)

මිටිය විසි කිරීම (කාන්තා)
1.ඒ.ඒ.මධුවන්ති (ගුවන් හමුදාව, මීටර 44.14)
2.ඒ.ඒ.ලක්‍ෂිකා (ගුවන් හමුදාව, මීටර 43.27)
3.එස්.එම්.අමරසිංහ (යුද හමුදාව, මීටර 42.64)

රිටි පැනීම (පිරිමි)
1.ඉෂාර සඳරුවන් (ගුවන් හමුදාව, මීටර 5.00)
2.ඒ.සී.ප්‍රනාන්දු (යුද හමුදාව, මීටර 4.50)
3.සී.පී.සේනාරත්න (යුද හමුදාව, මීටර 4.50)

දුර පැනීම (පිරිමි)
1.පී.ඒ.ජයසිරි (ගුවන් හමුදාව, මීටර 7.69)
2.සම්පත් දිසානායක (යුද හමුදාව, මීටර 7.65)
3.ඩී.එස්.ප්‍රියරත්න (ගුවන් හමුදාව, මීටර 7.63)

මීටර 400 කඩුලු පැන දිවීම (කාන්තා)
1.ඊ.කේ.මධුෂානි (යුද හමුදාව, වි.1තත්.01.00)
2.ජී.ඒ.එස්.දුලානි (යුද හමුදාව. වි.1.තත්.03.30)
3. යූ.ඩී.රණසිංහ (නාවික හමුදාව, වි.1තත්.04.20)

මීටර 400 කඩුලු පැන දිවීම (පිරිමි)
1.අරවින්ද චතුරංග (යුද හමුදාව,තත්.52.30)
2.ජේ.එල්.ප්‍රසංජිත් (යුද හමුදාව.තත්.52.60)
3. එන්.ජී.ගුණතිලක (යුද හමුදාව, තත්.53.40)

හෙල්ල විසි කිරීම (පිරිමි)
1.ඩී.එල්.දයාරත්න (යුද හමුදාව, මීටර 75.98)
2.ඩී.එස්.රණසිංහ (යුද හමුදාව, මීටර 75.79)
3.ඒ.පී.ලක්මාල් (යුද හමුදාව, මීටර 41.03)

මීටර 200 (පිරිමි)
1.විනෝද් සුරංජය ද සිල්වා (යුද හමුදාව,තත්.21.20)
2.හිමාෂ ඒෂාන් (යුද හමුදාව.තත්.21.40)
3. කේ.කේ.සෙනෙවිරත්න (නාවික හමුදාව, තත්.21.50)

මීටර 200 (කාන්තා)
1.ජී.එන්.මධුෂිකා (ගුවන් හමුදාව,තත්.25.00)
2.එස්.එල්.විදානදුරගේ (ගුවන් හමුදාව.තත්.25.10)
3. එස්.එස්.ජයතිලක (යුද හමුදාව, තත්.25.20)

මීටර 800 (පිරිමි)
1.ඉදුනිල් හේරත් (යුද හමුදාව, වි.1තත්.50.40)
2.එම්.එස්.කුමාර (යුද හමුදාව. වි.1.තත්.50.60)
3. ඒ.ඩී.කුමාර  (යුද හමුදාව, වි.1තත්.51.20)

මීටර 800 (කාන්තා)
1.එල්.ඒ.නිමාලි (ගුවන් හමුදාව, වි.2තත්.04.80)
2.ටී.ඒ.අබේරත්න (නාවික හමුදාව. වි.2.තත්.05.10)
3. ආර්.නදීෂා  (යුද හමුදාව, වි.2 තත්.09.20)

මීටර 5000 (පිරිමි)
1. ඩී.එස්.දිසානායක (යුද හමුදාව, වි.15 තත්.02.09)
2.බී.ඒ.සඳරුවන් (ගුවන් හමුදාව. වි.15.තත්.03.40)
3. ජී.ආර්.සමන් කුමාර  (යුද හමුදාව, වි.15 තත්.04.09)

 

විනෝද් සුරංජය

ඩී.එස්.දිසානායක

ඩී.එල්.දයාරත්න                                                                    (ඡායාරූප - ළහිරු හර්ෂණ)

 


අදහස් (0)

නව වාර්තා ගණන 4 කට සීමාවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.