Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව athletics_inner පළමු දිනයේ නව වාර්තා 5 යි

පළමු දිනයේ නව වාර්තා 5 යි

සංජය එරමුදුගොඩ - 2014 මැයි මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

කොළඹ සුගතදාස කී‍්‍රඩාංගණයේ පැවැත්වෙන 57 වැනි ජාතික කණිෂ්ඨ මලල කී‍්‍රඩා තරගාවලියේ ආරම්භක දිනයවූ ඊයේ (2 වැනිදා) නව වාර්තා 5 ක් පිහිටුවීමට කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ සමත්වූහ.

වයස 18 න් පහළ රිටි පැනීමේ ඉසව්වට සහභාගීවූ යාපනය මහජන විදුහලේ ජේ. අනිත්තා එහිදී මීටර් 3 ක දක්ෂතාවක් දක්වමින් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට සමත්වූවාය. එම ඉසව්වේ පැරණි වාර්තාව ශාන්ත ආනා බාලිකා විදුහලේ ඇන් පියුමාලි සතුව තිබිණ. 2008 වසරේ පැවති තරගාවලියකදී ඇය දක්වා තිබූ දක්ෂතාව මීටර් 2.95 කි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ එරන්දි දිල්රුක්ෂි විසින් 2010 වසරේදී වයස 20 න් පහළ මීටර් 3000 බාධක දිවීමේ තරගයේදී පිහිටුවන ලද වි 11:18.70 ක වාර්තාව බිඳ දැමීමට වලල ඒ. රත්නායක මධ්‍ය විදුහලේ එම්. කේ. වීරසිංහ සමත්වූ අතර එහිදී ඇය වාර්තා කළ කාලය විනාඩි 11:18.30 කි.

වයස 20 න් පහළ තරගයේදී මීටර් 27.91 ක දුරක් මිටිය විසිකරමින් නව ශී‍්‍ර ලංකා වාර්තාවක් පිහිටුවීමට කළුතර බාලිකා විදුහලේ ෆාතිමා රිෂාඞ් සමත්වූ අතර ඇහැළියගොඩ මහින්ද විදුහලේ දුෂානි ලේකම්ගේ 2006 වසරේදී මීටර 26.41 ක විසිකරමින් එහි පැරණි වාර්තාව පිහිටුවා තිබිණ.

මාකඳුර මධ්‍ය මහ විදුහලේ එච්. ටී. මධුෂිකා විසින් 2012 වසරේදී වයස 16 න් පහළ මීටර් 3000 දිවීමේ තරගය විනාඩි 18:36.51 ක කාලයකින් නිමා කරමින් පිහිටුවා තිබූ වාර්තාව බිඳ දැමීමට දඹදෙනිය මධ්‍ය විදුහලේ දිලානි ලක්ෂිකා සමත්වූවාය.

ඇය එම තරගය නිමා කිරීමට වැය කළ කාළය විනාඩි 18:35.66 කි.
පළමු දිනයේදී වාර්තා වූ එකම පිරිමි වාර්තාව වයස 18 න් පහළ රිටි පැනීම තරගයේදී වාර්තාවූ අතර මීටර් 3.96 ක උසක් තරණය කළ අලවෙඞ්ඩි අරුණෝද්‍ය විදුහලේ කරුණාහරන් ජොයිසන් මෙම වාර්තාව පිහිටුවීය. එම ඉසව්වේ පැරණි වාර්තාව මීටර් 3.85 ක් විය.

 

- 036

(ඡායාරූප : ඉන්ද්‍රරත්න බාලසූරිය)

 


අදහස් (0)

පළමු දිනයේ නව වාර්තා 5 යි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.