Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ප්රවීනයන්ගේ ලෝක මලල කී‍්‍රඩා තරගාවලියකදී ශ්‍රී ලංකාව ලද දෙවැනි පදක්කම මෙන්ම පළමු රිදී පදක්කම දිනාගැනීමට හිටපු කෙටිදුර ධාවන ශූරියක වන එම්. ජී. ලලනා ශාන්ති අයිරාංගනී සමත්වූවාය.
බ‍්‍රසීලයේ පොර්ටෝ ඇල්ග‍්‍රීහිදී පැවති 2013 ප‍්‍රවීනයන්ගේ ලෝක මලල කී‍්‍රඩා තරගාවලියේ මීටර 200 අවසන් තරගය තත්. 25.79 කින් අවසන් කරමින් ඇය මෙම පදක්කමට හිමිකම් කීවාය.
තත්. 25.35 කින් තරගය අවසන් කළ ඇමරිකාවේ බර්නට් බ‍්‍රැන්ඩි එහි රන් පදක්කම දිනාගත් අතර තත්. 25.81 කින් තරගය අවසන් කළ එංගලන්තයේ ජූලියා හියුබට් එහි ලෝකඩ පදක්කම දිනාගත්තාය.
ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් ආයතනය නියෝජනය කළ ගාමිණි වීරසිංහ 2009 වසරේ පැවති ප‍්‍රවීනයන්ගේ ලෝක මලල කී‍්‍රඩා තරගාවලියේදී මීටර් 400 කඩුලූ පැන දිවීමේ ඉසව්වේදී දිනාගත් ලෝකඩ පදක්කම, ප‍්‍රවීනයන්ගේ ලෝක මලල කී‍්‍රඩා තරගාවලියකදී ශ්‍රී ලංකාව ලද පළමු පදක්කම ලෙස සැලකේ.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.