Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ආසියානු ශාන්තිකර කලාපීය ආබාධිතවුවන්ගේ (පැරා) මලල ක‍්‍රීඩා තරගාවලියේදී පදක්කම් දිනාගත් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සංචිතගත කරවා පැරලිම්පික් කී‍්‍රඩා උළෙලේදී පදක්කම් දිනාගැනීමේ මට්ටමට ඔවුන් ගෙන ඒමට අවශ්‍ය සියලූ පහසුකම් ලබාදීමට ක‍්‍රීඩා ඇමතිවරයා ලෙස තමන් වගකීම බාර ගන්නා බව ක‍්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා පැවසීය.
ආසියානු ශාන්තිකර කලාපීය ආබාධිතවුවන්ගේ මලල ක‍්‍රීඩා තරගාවලියේදී රන් පදක්කම් දිනාගත් ක‍්‍රීඩකයන් තිදෙනා සහ ක‍්‍රීඩිකාවගේ දස්කම් ඇගයීම වෙනුවෙන් පසුගියදා ක‍්‍රීඩා අමාත්‍යංශයේ පැවැති හමුවකදී අමාත්‍යවරයා මේ බව පැවසුවේය.
රන් පදක්කම් දෙකක් දිනා ගනිමින් විශිෂ්ට දස්කම් පෑ කෙටිදුර ධාවන ශූර අනිල් ප‍්‍රසන්න ජයලත් සහ රන් පදක්කමක් දිනාගත් අජිත් හෙට්ටිආරච්චිද තරගාවලියට ශ‍්‍රී ලංකාවෙන් සහභාගි වු එකම ක‍්‍රීඩිකාව වන රන් පදක්කම් දෙකක් දිනාගත් අමරා ඉන්දුමතී පල්ලියගුරුගේ මෙන්ම රිදී සහ ලෝකඩ පදක්කම් ලාභී බුද්ධික ඉන්ද්‍රපාල යන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ මෙම අවස්ථාවට සහභාගි වුහ.
අනිල්, අජිත් සහ බුද්ධික තිදෙනාම මීටර 100-4 සහය දිවීමේ ඉසව්වේ රන් පදක්කම දිනාගත් ශ‍්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් වුහ.
මෙම ක‍්‍රීඩකයන් තිදෙනා සහ ක‍්‍රීඩිකාව රියෝ පැරලිම්පික් ක‍්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබීමේ පරිසාධන මට්ටම ඉක්මවීමටද සමත්ව සිටිති.
”පදක්කම් දිනාගත් සියලූ දෙනා වගේම දක්ෂතා තිබෙන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්. ක‍්‍රීඩා අමාත්‍යංශයෙන් ඔවුන්ට දිය හැකි සියලූ පහසුකම් දෙන්න අප කටයුතු කරනවා”
”රියෝ පැරලිම්පික් ක‍්‍රීඩා උළෙල දක්වා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සංචිත ගත කරලා පදක්කම් දිනාගැනීමට හැකිවන ලෙස ඔවුන්ව ශක්තිමත් කරන්න අප සුදානම් වෙනවා යැයි” දයාසිරි ජයසේකර මහතා පැවසීය.
ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට ගැටළු තිබේ නම් ඒවා එවෙලේම ඉදිරිපත් කරන ලෙසත් ඇමතිවරයා එහිදී පැවසීය.
අනිල් ප‍්‍රසන්න ජයලත් සහ අජිත් හෙට්ටආරච්චි මෙන්ම බුද්ධික ඉන්ද්‍රපාල යන ක‍්‍රීඩකයන් තිදෙනාම යුද හමුදාවේ සේවය කරමින් සිටියදී යුද සමයේදී ආබාධයන්ට ලක්වුවෝ වෙති. ඇමැතිවරයා ඔවුන් සම්බන්‍ධයෙන් මෙසේ අදහස් දැක්වීය.
”මේක රටට ලොකු ආඩම්බරයක්, මොකද? මේ තරග සදහා ගොඩක් සහභාගිවන්නේ ආබාධිත වු යුද හමුදාවේ සෙබළුන්.
ඔවුන්ගේ ජීවිත අදුරු වෙන්න තිබුණ අවස්ථාවක ඔවුන් රට වෙනුවෙන් නැවත වරක් නැගී සිටි අවස්ථාවක් ලෙසයි මට මේ ජයග‍්‍රහණය ගැන හැෙගන්නේ. මේ සදහා ක‍්‍රියා කළ ශ‍්‍රී ලංකා පැරලිම්පික් කමිටුවේ සියලූ දෙනාටත් අප ස්තූතිය පුද කරනවා යැයි” ඇමතිවරයා පැවසීය.
සමාජ සුබ සාධන අමාත්‍යංශය සමග සම්බන්ධ වී පළාත් මට්ටමේ දක්ෂතා තිබෙන ආබාධ සහිත ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් හදුනාගෙන ජාතික මට්ටමට ගෙන ඒමට කටයුතු කරන බවත්, දිස්ත‍්‍රික් සහ පළාත් මට්ටමේ තරග පවත්වමින් ඔවුන් හදුනාගෙන සංචිත ගත කරන වැඩ සටහනක් සකසන ලෙසත් ශ‍්‍රී ලංකා පැරලිම්පික් කමිටුවට දන්වා ඇති බවත් ජයසේකර මහතා වැඩිදුරටත් කීය.
”ස්වභාවයෙන් අනතුරුවලට පත්වී ආබාධ සහිත වුවන්ට සැ`ගවී ඉන්නට නොදී ඔවුන් ක‍්‍රීඩාව ම`ගින් ඉදිරියට ගෙන ඒමට අවස්ථාවක් දෙන්නේ කෙසේදැයි සොයා බලන්න අප වෙහෙසෙනවා”
ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ ගැටළු පිළිබදව සාකච්ඡ කර ඒ වෙනුවෙන් සමාගම්, ආයතන සම`ග සම්බන්ධ වී ඔවුන්ට අනුග‍්‍රාහක දීමනාව ලබාදීමේ වැඩසටහනක් ද ක‍්‍රියාත්මක කිරීමට ඇමැතිවරයා අපේක්ෂා කරයි.
එමෙන්ම ජනාධිපති ක‍්‍රීඩා සම්මාන උළෙලේදී විශේෂ දක්ෂතා දක්වන්නන්ගේ කාණ්ඩය යටතේ මෙම ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ඇගයීමට ලක් කරන කිරීමට ක‍්‍රීඩා ඇමැතිවරයා තීරණය කර තිබේ.
මෙම අවස්ථාවට ක‍්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් කේ.ඞී.එස්. රුවන්චන්ද්‍ර, ජාතික පැරාලිම්පික් කමිටුවේ සභාපති යු. ආර්. රොද්‍රිගෝ, එම කමිටුවේ ලේකම් කර්නල් රාජා ගුණසේකර යන මහත්වරු ඇතු`ඵ නිළධාරීහු පිරිසක් සහභාගි වුහ.
ඩුබායිහිදී පසුගිය 12 වැනිදා නිමා වු මෙම තරගාවලියේදී ශ‍්‍රී ලංකාව රන් පදක්කම් හයක්, රිදී පදක්කම් හතරක් සහ ලෝකඩ පදක්කම් පහක් ලෙස පදක්කම් 15 ක් දිනාගනිමින් පදක්කම් සටහනේ රටවල් 21 ක් අතරින් හයවැනි ස්ථානය හිමිකර ගත්තේය.
ක‍්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා ‘පැරා’ රන් පදක්කම්ලාභී ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් හමු වු අවස්ථාව. ක‍්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් කේ. ඞී. එස්. රුවන්චන්ද්‍ර, ජාතික පැරාලිම්පික් කමිටුවේ සභාපති යු. ආර්. රොද්‍රිගු ඇතුඵ ක‍්‍රීඩා අමාත්‍යංශ සහ ජාතික ඔලිම්පික් කමිටු නිළධාරීහු ද ඡායාරූපයේ සිටිති.
ඡායාරූපය: සජීක ජයසිංහ
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.