Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව athletics_inner බෝල්ට්ගේ ඔලිම්පික් රන් පදක්කමක් ගිළිහෙයි

බෝල්ට්ගේ ඔලිම්පික් රන් පදක්කමක් ගිළිහෙයි

ශනුක අරවින්ද - 2018 ජුනි මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලොව වේගවත්ම මිනිසා ලෙස සැලසෙන ජැමෙයිකාවේ උසේන් බෝල්ට්ට ඔහුගේ 9 වන ඔලිම්පික් රන් පදක්කම අහිමි වන බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. 2008 බීජිං ඔලිම්පික් උළෙලේදී බෝල්ට් සමග මීටර 100 ං 4 සහාය දිවීමේ කණ්ඩායමේ සිටි නෙස්ටා කාටර් විසින් ඉදිරිපත් කරන ලද අභියාචනය ප්‍රතික්ෂේප වීම නිසා බෝල්ට්ගේ ඔලිම්පික් රන් පදක්කම් සංඛ්‍යාව 9 සිට 8 දක්වා අඩුවී තිබේ.

තමන් තහනම් උත්තේජ භාවිතා නොකළ බවට ගොනු කරන ලද අභියාචනය ක්‍රීඩා විනිශ්චය මණ්ඩලයේ බේරුම්කාර උසාවිය විසින් ඊයේ (01) ප්‍රතික්ෂේප කරන ලදි.

2008 බීජිං ඔලිම්පික් උළෙලේ පැවති පිරිමි මිටර 100×4 තරග ඉසව්වෙන් නව ලෝක වාර්ථාවක් තැබූ උසේන් බෝල්ට් ප්‍රමුඛ සගයෝ තත්පර 37.10 තරගය අවසන් කළේය. එහෙත් කාටර් තහනම් උත්තේජක භාවිතා කිරීමේ වරදට හසු වී තිබේ. උසේන් බෝල්ට් 2017 දී ජාත්‍යන්තර මළල ක්‍රීඩා පිටියට සමුදුන් අතර 2008, 2012 සහ 2016 යන වර්ෂයන්හිදී පැවැති ඔලිම්පික් උළෙල වලදී පිට පිටම මිටර 100, 200 සහ 100×4 යන තරග ඉසව්වන්හිදී රන් පදක්කම් දිනා ගැනීමට සමත් විය.

2008 ඔලිම්පික් උළෙලේදී මීටර 100×4 තරග ඉසව්වෙන් රිදී පදක්කම දිනාගත් ටි්‍රනිඩෑඞ් සහ ටොබෑගෛා් කණ්ඩායමට රන් පදක්කමත්, ලෝකඩ පදක්කම දිනාගත් ජපානයට රිදී පදක්කමත් සහ සිව්වැනි ස්ථානය දිනාගත් බ්‍රසීලයට ලෝකඩ පදක්කමත් පිරි නැමීමට අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව තීරණය කර තිබේ.

තවමත් 32 වන වියේ පසුවන නෙස්ටර් කාටර් සහ උසේන් බෝල්ට් ඇතුළු ජැමෙයිකානු සහය දිවීමේ කණ්ඩායම 2011, 2013 සහ 2015 යන වර්ෂයන්හිදී ලෝක ශූරතාවලදීත් 100×4 තරග ඉසව්වෙන් රන් පදක්කම් 3 ම දිනා ගැනීමට සමත් විය.  

උසේන් බෝල්ට්ගේ නායකත්වයෙකන් යුත් ජැමෙයිකා සහය දිවිමේ කණ්ඩායම නැවතත් ඔවුන්ගේම ලෝක වාර්ථාව අලුත් කරමින් 2012 වර්ෂයේ ලන්ඩනයේ පැවති ඔලිම්පික් තරගාවලියේදී තප්පර 36.84 කින් තරගය අවසන් කළේය. 2016 වර්ෂයේ පැවති ඔලිම්පික් උළෙලේදීද සහය දීවීමේ තරගය ජයගත් උසේන් බෝල්ට් ප්‍රමුඛ සහය කණ්ඩායම එවරද තත්පර 37.27 තරගය නිම කරමින් රන් පදක්කම ජැමෙයිකාවට දිනා දුන්නේය.

-024


අදහස් (0)

බෝල්ට්ගේ ඔලිම්පික් රන් පදක්කමක් ගිළිහෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.