Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබාගැනීම සඳහා උත්සාහ කළ ශ්‍රී ලංකා උස පැනීමේ ක්‍රීඩක මංජුල කුමාර අද (10) සහභාගි වු අවසන් තේරීමේ තරගයෙන්ද අසාර්ථක විය.
ඔලිම්පික් සුදුසුකම් ලැබීමට අවශ්‍ය මීටර 2.29 උස ප්‍රමාණය පැනීමට උත්සාහ කිරීමේදී මංජුලට අද සාර්ථක කර ගැනීමට හැකි වුයේ මීටර 2.25 ක උසක් පමණි. එතැන් සිට ඔහු ගත් උත්සාහයන් අසාර්ථක වීමෙන් අගෝස්තු මස 5 වැනිදා බ්‍රසීලයේදී පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගිවීමේ අවස්ථාව මංජුලට අහිමිව ගියේය.
|
මෙම තරගය අද (10) පස්වරුවේ 94 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවලිය පැවැත්වෙන දියගම මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.
දකුණු ආසියාවේ මෙන්ම ශ්‍රී ලංකාවේද උස පැනීමේ වාර්තාවට හිමිකම් කියන 32 හැවිරිදි මංජුල කුමාර පැවසුවේ අවාසනාවන්ත ලෙස සිය අපේක්‍ෂා අහිමිව ගිය බවයි.
“මීටර 2.25 ක් සාර්ථක වෙද්දී මට හිතුනා මීටර 2.29 ට යන්න පුඵවන් වෙයි කියලා. ඒත් අවාසනාවට එම අවස්ථාව සුඵ ප්‍රමාදයන්ගෙන් අහිමි වුණා.
“මේ ට්‍රැක් එකේ (ධාවන පථයේ) පහසුවෙන් තරග කරන්න බෑ. ධාවන පථයේ සහයෝගය නොලැබීමෙන් ශරීරයේ තිබෙන ශක්තියෙන් තමා අපට තරග කරන්න වෙන්නේ...මට තරගයක් දීමට තරගකරුවෙක් නැති වීමත් බලපෑවා කියලා හිතනවා”
“මම හිතන්නෙ නෑ මේ මගේ ක්‍රීඩාවේ අවසානය කියලා. තවදුරටත් ක්‍රීඩාවේ නිරත වෙන්න උත්සහා කරනවා”
මම බලධාරීන්ගෙන් ඉල්ලන්නේ නැඟී එන අපේ දක්‍ෂ ක්‍රීඩකයන්ට අනුග්‍රහය දක්වලා ඔවුන්ට ජාත්‍යන්තරය ජය ගන්න අත දෙන්න කියලා යැයි මංජුල ‘ලංකාදීපයට’ පැවසීය.
ජාතික තරගාවලියේ පළමු දිනයේදී උස පැනිමේ (පිරිමි) ඉසව්වේදී ඔලිම්පික් වරම් හිමිකර ගනී යැයි විශ්වාස තැබු මංජුල, මීටර 2.24 ක දක්ෂතාවක් දැක්වීය. මංජුලට තවත් අවස්ථාවක් ලබාදිය යුතු යැයි විශ්වාස කළ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය ජාතික මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් දිනය වු අද තවත් තේරීම් තරගයක් මංජුල වෙනුවෙන් සංවිධානය කළේය.
මංජුලගේ උස පැනීමේ උපරිම දස්කම ලෙස වාර්තා වන්නේ 2004 වසරේදී දැක් වු මීටර 2.27 ක උසයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.