Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දියගම මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගණයේදී පැවැති ලංකා ලයන්ස් මලල ක‍්‍රීඩා ශූරතාවලියේ දක්ෂතම ක‍්‍රීඩකයා ලෙස මංජුල කුමාරද, දක්ෂතම ක‍්‍රීඩිකාව ලෙස ගයන්තිකා තුෂාරි ද සම්මාන ලැබුහ.
දකුණු ආසියාවේ උස පැනීමේ ශූරයා වන මංජුල කුමාර, මෙම තරගාවලියේ පිරිමි උස පැනීමේ ඉසව්වේදී මීටර 2.22 ක දස්කමක් දක්වමින් ජය ගත්තේය. ගයන්තිකා තුෂාරී, මීටර 800 කාන්තා ඉසව්ව (වි. 2:08.09) මෙන්ම මීටර 1500 කාන්තා ඉසව්ව (වි:4.27.16) නව තරග වාර්තා පිහිටුවමින් ජය ගත්තාය.
ගේට්වේ ජාත්‍යන්තර පාසලේ සදීපා හෙන්ඩර්සන්, ඉසව් තුනක්ම ජය ගනිමින් දස්කම් දැක්වූවාය. සදීපා මීටර 100 කාන්තා ඉසව්ව (තත්පර 12.09), දුර පැනීම කාන්තා ඉසව්ව (මීටර 4.91) පමණක් නොව 16 න් පහළ මීටර 200 කාන්තා ඉසව්ව (තත්පර 26.78) නව තරග වාර්තාවක් පිහිටුවමින් ජය ලැබුවාය.
තරගාවලියේ පළමු දිනයේ (28 වැනිදා) කෙටි දුර ධාවන ශූරයකු වන චානක ජයසේකර, මීටර 200 ඉසව්ව තත්පර 22.25 ක කාලයක් වාර්තා කරමින් ජය ලැබීය.
තරගාවලියේදී නව තරග වාර්තා 11 ක් පිහිටුවීමට ද ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ සමත්වුහ.
දක්ෂතම ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ
14 න් පහළ (බාලක)
සුගත් තිලකරත්න අභියෝග කුසලානය:
සංජන කවීෂ (පුත්තලම ජෙනින්ග්ස් ජා.පා, දුර පැනීම, මීටර 5.26)
14 න් පහළ (බාලිකා)
දමයන්ති දර්ශා අභියෝග කුසලානය:
එස්.චතු මුතුකුමාරණ (කොළඹ, දුර පැනීම, මීටර 4.84)
16 න් පහළ (බාලක)
ඊ.කේ.ඩබ්.ගුණවර්ධන අනුස්මරණ කුසලානය:
එන්.ඞී.විලාන් සිත්මක සිරිවර්ධන (දුර පැනීම, මීටර 6.50)
16 න් පහළ (බාලික)
රමණි මංගලිකා අභියෝග කුසලානය:
කේ.ශානිකා ලක්ෂානි (කිරිල්ලවල ශ‍්‍රී ශක්ති, මීටර 400, වි.1.තත්.01.00)
18 න් පහළ (බාලක)
එස්.එල්.බී. රෝසා අභියෝග කුසලානය:
පී. ඞී. පසිඳු මිලින්ද (කොළඹ නාලන්දා, මීටර 400, තත්.49.06)
18 න් පහළ (බාලිකා)
ලිනුස් ඩයස් අනුස්මරණ කුසලානය:
සචිනි තාරකා (කොළඹ, මීටර 400, තත්.59.30)
20 න් පහළ (බාලක)
පී. දොන් වික්ටර් අභියෝග කුසලානය:
පී.බී.හේරත් (මහනුවර, දුර පැනීම, මීටර 7.04)
20 න් පහළ (බාලිකා)
බි‍්‍රගේඩියර් නෙවිල් ප‍්‍රනාන්දු අභියෝග කුසලානය:
ඩබ්.ඒ. සෞම්‍යා දිල්රුක්ෂි (කිරිල්ලවල ශ‍්‍රී ශක්ති, මීටර 400 කඩුලූ පැන දිවීම, වි.1.07.15)
ලූතිනන් කර්නල් ඩබ්. විමලදාස අභියෝග කුසලානය:
දක්ෂතම ක‍්‍රීඩකයා:
මංජුල කුමාර (ගුවන් හමුදාව, උස පැනීම, මීටර 2.22)
එස්.එස්.ඒ. දිසානායක අභියෝග කුසලානය:
දක්ෂතම ක‍්‍රීඩිකාව:
ගයන්තිකා තුෂාරි (කොළඹ, මීටර 800, වි.2.08.09 නව තරග වාර්තාවකි)
නව තරග වාර්තා පිහිටු වු ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ:
මීටර 1500 (කාන්තා) තරගයේ නව වාර්තා තැබූ ගයන්තිකා තුෂාරි (ඉදිරියෙන්) |
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.