Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලබන අගෝස්තු 10 වැනිදා රුසියාවේ ”මොස්කව්” නුවරදී ආරම්භ වන ලෝක මලල ක‍්‍රීඩා ශූරතාවලියට ශ්‍රී ලංකාව ඉදිරිපත්වන්නේ ඉසව් තුනකින් පමණි. ඒ සඳහා ශ්‍රී ලංකාවෙන් සුදුසුකම් ලබා සිටින්නේ හෙල්ල විසි කිරීමේ ක‍්‍රීඩිකා නදීකා ලක්මාලි, මීටර් 400 කඩුලූ පැන දිවීමේ ක‍්‍රීඩිකා ක‍්‍රිස්ටින් සොනාලි මෙරිල් හා මීටර් 400X4 (පිරිමි) සහය දිවීමේ කණ්ඩායමයි.
සහය දිවීමේ කණ්ඩායමට ඇතුළත් ක‍්‍රීඩිකයන් හය දෙනාද ඇතුළත්ව මොස්කම් ලෝක ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් සහභාගී වන කණ්ඩායමට ඇතුළත් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ගණන අට දෙනෙකි.
ලෝක මලල කී‍්‍රඩා ශූරතාවලියට සහභාගි වන ශී‍්‍ර ලංකා කණ්ඩායම අගෝස්තු 7 වැනිදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය. පුහුණුකරු ලෙස යෝගානන්ද විජේසුන්දර මහතාත් කළමනාකරු ලෙස කර්නල් සුදත් මඩුගල්ල මහතාත් මලල කී‍්‍රඩා ලෝක ශූරතාවලියට එක්වනු ඇත.
පසුගිය දා පැවති විශේෂ තේරීම් තරගයේදී ඉහළම දස්කම් දැක්වූ කසුන් සෙනවිරත්න, ඩිලාන් අලෝක, දුලාන් ප‍්‍රියශාන්ත, සී. එම්. ජයසේකර, ශ්‍රී ලංකා සහය දිවීමේ කණ්ඩායමට ඇතුළත් වූහ. අතිරේක ක‍්‍රීඩකයන් ලෙස අංජන ගුණරත්න සහ ඞී. එම්. සිල්වාත් ශී‍්‍ර ලංකා පිලට එක්ව සිටිති.
මලල ක‍්‍රීඩාවේ ප‍්‍රවීනයකු වන යෝගානන්ද විජේසුන්දර මහතා බොහෝ කලකට පසු විදෙස් තරග සංචාරයකට එක්ව සිටියි. ඔහුගේන් පුහුණුවීම් ලබන ක‍්‍රීඩකයෝ තිදෙනෙක් සහය දිවීමේ කණ්ඩායමට ඇතුළත්ව සිටිති.
ක‍්‍රිස්ටින් සොනාලි
ලෝක ශූරතාවලියට ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ඇතුළත් කිරීම සඳහා රටවලට දී තිබූ අවස්ථාව ඊයේ අවසන් විය.
ශ්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් මොස්කව් ලෝක ශූරතාවලියට බී කාණ්ඩයෙන් සුදුසුකම් ලැබූහ. මෙවර ලෝක ශූරතාවලියට සහභාගී වන ශ්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සුදුසුකම් ලබා ගනිමින් ඒ සඳහා සහභාගි වීම කැපී පෙනෙන සිදුවීමක් බව ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජනරාල් පාලිත ප‍්‍රනාන්දු මහතා පවසයි.
පසුගිය ලෝක ශූරතාවලිය ඇතුළු පැවැති ලෝක ශූරතාවලි ගණනාවකට ශ්‍රී ලංකාව සහභාගි වූයේ සුදුසුකම් නොලත් නාම ලේඛනය යටතේ රටවල් සඳහා හිමිවන කෝටා (වයිල්ඞ් කාඞ්) ක‍්‍රමයට අනුව බවත් ඔහු පැවසීය.
ලෝක ශූරතාවලියට සමගාමීව, අගෝස්තු 5 වැනිදා ආරම්භ වන අන්තර්ජාතික මලල කී‍්‍රඩා සමමේලනයේ වාර්ෂික සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජනරාල් පාලිත ප‍්‍රනාන්දු හා එහි ලේකම් පේ‍්‍රමා පින්නවල යන මහත්වරුන් සහභාගිවීමට නියමිතය.
පසුගිය ලන්ඩන් ඔලිම්පික් උළෙල නියෝජනය කළ ශ්‍රී ලංකා මැරතන් ක‍්‍රීඩක අනුරාධ ඉන්ද්‍රජිත් කුරේට තත්පර 53 ක අඩුවක් නිසා මොස්කව් ලෝක ශූරතාවලියට සහභාගිවීමේ අවස්ථාව අහිමිවී තිබේ.
නදීකා ලක්මාලි
- නාමල් පතිරගේ
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.