Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දෝහා කටාර්හිදී පැවැත්වෙන 23 වැනි ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකා විදූෂා ලක්‍ෂානි, තුන් පිම්ම කාන්තා ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට සමත් වූවාය. විදූෂා එහිදී මීටර 13.53 ක දුරක් වාර්තා කිරීමට සමත් වූවාය.
මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව හිමිකරගත් එකම සහ පළමු පදක්කම මෙය වේ. මෙම තරගාවලිය හෙට (25) අවසන් වීමට නියමිතය.
ඇය තරගය ආරම්භයේ සිටම වර්ධනයක් පෙන්වමින් පළමු අවස්ථාවේදී මීටර 13.40 ක් ද, දෙවැනි අවස්ථාවේදී මීටර 13.46 ක් ද, පැනීමට සමත් වූ අතර ඇය තෙවැනි අවස්ථාවේදී මීටර 13.53 ක පිම්මක් ප්‍රදර්ශනය කළාය. කෙසේ වෙතත් ඇයගේ සිවුවැනි සහ පස්වැනි පැනීම් අසාර්ථක විය.
මෙම ජයග්‍රහණයෙන් පසුව විදූෂා පැවසුවේ තමන් සාර්ථක වේ යැයි කිසිවකු බලාපොරොත්තු නොවූ බවයි.
“මෙම ජයග්‍රහණය ගැන මම ගොඩක් සතුටු වෙනවා. මට ගිය වර ඉන්දියාවේදී සෙන්ටිමීටර දෙකකින් ලෝකඩ පදක්කම අහිමිවුණා. මෙවර කවුරුත් බලාපොරොත්තු වුණේ නෑ මම පදක්කමක් දිනයි කියලා. නමුත් මගේ පුහුණුකරු මට කිව්වා පදක්කමක් දිනන්න පුළුවන් කියලා. මට එය කරන්න පුළුවන් වුණා” යැයි විදූෂා වැඩි දුරටත් පැවසීය.
විදූෂා, මීගමුව නිව්ස්ටඞ් බාලිකා විදුහලේ ආදි ශිෂ්‍යාවක් වන අතර ඇය කටාන ප්‍රදේශයේ පදිංචිකාරියකි. පසුගියදා කටාන ප්‍රදේශයේ දේවස්ථානක් තුළ සිදුවූ බෝම්බ පිපිරීමෙන් ඇයගේ හිතවතුන් කීපදෙනකු ද ජීවිතක්‍ෂයට පත්වූ බව ද වාර්තා වේ.
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.