Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ‍්‍රී ලංකා යුද හමුදා මලල ක‍්‍රීඩා සංගමය 51 වැනි වරටත් සංවිධානය කළ යුද හමුදා මාර්ග ධාවන තරගාවලියේ පිරිමි තරගය ජය ගැනීමට කාලතුවක්කු හමුදා රෙජිමේන්තුවේ බී. වී. විජිත කුමාර සමත්විය. හයවැනි කාන්තා බලකායේ සජිනි වික‍්‍රමසුරිය, කාන්තා තරගය ජය ගත්තාය.
ඉරිදා (3 වැනිදා) පාර්ලිමේන්තු සංකීර්ණය අසළින් ඇරැඹී මෙම තරගයේ තරගකරුවෝ 300 කට ආසන්න පිරිසක් දියත උයන දෙසට ගමන් කර බොරැල්ල පාර, කෝට්ටේ පාර හරහා සිරිකොත මන්දිරය අසළින් වමට හැරී කෝට්ටේ තලවතුගොඩ දෙසට පැමිණියහ. ඔවුහු පාර්ලිමේන්තු පාලම අසළින් වමට හැරී යුද හමුදා ස්මාරකය දක්වා වට දෙකක් දිවීමේ නිරතවුහ.
ජයග‍්‍රාහී විජිත කුමාර, පිරිමි තරගය අවසන් කිරීම සඳහා පැය 1. විනාඩි 07.27 ක කාලයක් ගත කළේය. සිංහ රෙජිමේන්තුවේ සී. පී. අලහකෝන් (පැ.1. වි.08.39) සහ යුද හමුදා සේවා බලකායේ කේ.ජී.ආර්.සමන් කුමාර (පැ.1. වි.09.24) පිළිවෙලින් දෙවැනි සහ තෙවැනි ස්ථාන ලැබුහ.
සජිනි වික‍්‍රමසුරිය, කාන්තා තරගය ජය ගැනීම සඳහා පැය 1 විනාඩි 23.13 ක කාලයක් ලබාගත්තාය. සිවුවැනි කාන්තා බලකායේ එම්. එච්. මධුෂිකා (පැ.1. වි.26.27) දෙවැනි ස්ථානය ද, හයවැනි කාන්තා බලකායේ එල්.ටී. සෙව්වන්දි (පැ.1. වි.27.12) තෙවැනි ස්ථානය ද හිමිකර ගත්හ.
සමස්ත තරග ප‍්‍රතිඵල අනුව මාර්ග ධාවන තරගාවලියේ සමස්ත පිරිමි ශූරතාව හිමි වුයේ සිංහ රෙජිමේන්තුවටයි. යුද හමුදා සේවා බලකාය එහි අනුශූරතාව දිනා ගත්තේය. කාලතුවක්කු හමුදාවට තෙවැනි ස්ථානය හිමිවිය.
කාන්තා සමස්ත ශූරතාව හයවැනි කාන්තා බලකායට ද, අනුශූරතාව දෙවැනි කාන්තා බලකායට ද හිමිවිය.
යුද හමුදාව නියෝජනය කරන ජාතික මැරතන් ශූර අජිත් බණ්ඩාර මෙන්ම රියෝ ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ මැරතන් තරගයට (කාන්තා) සුදුසුකම් ලබා සිටින ගීතානි රාජසේකරද මෙම තරගයට සහභාගිවීමට නොවුහ.
අවසන් තරග ප‍්‍රතිඵල:
පිරිමි:
01. බී.යූ. විජිත කුමාර (කාලතුවක්කු හමුදාව, පැ.1. වි.07.27)
02. සී. පී. අලහකෝන් (සිංහ රෙජිමේන්තුව, පැ.1. වි.08.39)
03. කේ.ජී.ආර්.සමන් කුමාර (යුද හමුදා සේවා බලකාය, පැ.1. වි.09.24)
04. කේ. සම්මුගේෂ්වරන් (කාලතුවක්කු හමුදාව, පැ.1. වි.09.30)
05. එස්.ටී.ගුණසේකර (සිංහ රෙජිමේන්තුව, පැ.1. වි.09.41)
06.ජේ.කුමාර බණ්ඩාර (යුද හමුදා සේවා බලකාය, පැ.1. වි.09.47)
07.එල්.ප‍්‍රමෝද් (පාබල හමුදාව, පැ.1. වි.09.51)
08.එම්.එස්.කරුණාරත්න බණ්ඩා(සිංහ රෙජිමේන්තුව, පැ.1. වි.09.54)
09. පී. ඒ. බණ්ඩාර ( සිංහ රෙජිමේන්තුව, පැ.1. වි.10.03)
10. ටී. ඒ. එන්. තරංග (සිංහ රෙජිමේන්තුව, පැ.1. වි.10.04)
කාන්තා:
01. සජිනි වික‍්‍රමසුරිය (හය වැනි කාන්තා බලකාය, පැ.1. වි.23.13)
02. එම්. එච්. මධුෂිකා (සිවුවැනි කාන්තා බලකාය, පැ.1. වි.26.27)
03. එල්.ටී. සෙව්වන්දි (හය වැනි කාන්තා බලකාය, පැ.1. වි.27.12)
04. එස්. ඞී. ලියනගේ (සිවුවැනි කාන්තා බලකාය, පැ.1. වි.27.26)
05. එච්. බී. කරුණානායක (දෙවැනි කාන්තා බලකාය, පැ.1. වි.29.44)
06. ඞී. ඊ. කරුණාරත්න (හයවැනි කාන්තා බලකාය, පැ.1. වි.30.54)
07.ඩබ්.සී.දමයන්ති (හයවැනි කාන්තා බලකාය, පැ.1. වි.31.28)
08.එම්.ජි.බුද්ධිකා (සිවුවැනි කාන්තා බලකාය, පැ.1. වි.33.06)
09.ආර්.ඞී.සෙව්වන්දි (දෙවැනි කාන්තා බලකාය, පැ.1. වි.34.21)
10.කේ.කේ.කුමාරි (දෙවැනි කාන්තා බලකාය, පැ.1. වි.34.37)
කාන්තා තරගය ජයගත් සජිනි වික‍්‍රමසුරිය
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.