Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දියගම මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගණයේදී අද (6) නිමා වු 16 වැනි ජාත්‍යන්තර පාසල් මලල ක‍්‍රීඩා තරගාවලියේ සමස්ත ශූරතාව වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල විසින් දිනා ගන්නා ලදී. වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල මෙම තරගාවලියේ සමස්ත ශූරතාව දිනාගත් නව වැනි අවස්ථාව මෙයවන අතර පිට පිටම දිනාගත් අටවැනි අවස්ථාව ද වීම කැපී පෙනේ.
මෙවර තරගාවලියේදී වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල සම`ග කරට කර සටනක නිරත වු කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසල අනුශූරතාව හිමිකර ගත්තේ ලකුණු තුනක පරතරයකිනි.
වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල ලකුණු 981 ක් ලබාගත් අතර ගේට්වේ ජාත්‍යන්තර පාසල ලබාගත් ලකුණු සංඛ්‍යාව 979 කි. පානදුර ලයිසියම් ජාත්‍යන්තර (504) තෙවැනි ස්ථානය ලැබීය.
සමස්ත තරගාවලියේදී ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ තරගාවලි වාර්තා 17 ක් පිහිටුවීමට සමත් වුහ.
සමාප්ති උත්සවය සහ ත්‍යාග ප‍්‍රදානෝත්සවය වරාය හා නාවික කටයුතු ඇමැති අර්ජුන රණතුංග මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණ.
මෙවර තරගාවලියේ සංවිධාන කටයුතු නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල විසින් 7 වැනි වරටත් සිදුකරනු ලැබීය. විජය පුවත්පත් සමාගම නිල මුද්‍රිත මාධ්‍ය අනුග‍්‍රහකයා ලෙස කටයුතු කළේය.
සමස්ත තරගාවලියේ වාර්තා පිහිටු වු ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ:
රනුක සේනානායක (තත්පර 27.12, ගේට්වේ ජා.පා)
පැරණි වාර්තාව: තේජන වාහලතන්ත‍්‍රි (තත්පර 27.39, ඇලීතියා ජා.පා, 2015)
දුලයින් පෙරේරා (මීටර 5.19, ගේට්වේ ජා.පා)
පැරණි වාර්තාව: වරුණ අත්තනායක (මීටර 4.85, වත්තල ලයිසියම් ජා.පා, 2011)
ෂෙහාන් විශ්නපෙරුම (මීටර 6.88, වත්තල ලයිසියම් ජා.පා,)
පැරණි වාර්තාව: සන්දීප මද්දුමගේ (මීටර 6.60, පානදුර ලයිසියම් ජා.පා, 2015)
නිදුල ජයවර්ධන (තත්පර 50.13, ගේට්වේ ජා.පා,)
පැරණි වාර්තාව: අදීල් ෆරීඞ් (තත්පර 50.60, වත්තල ලයිසියම් ජා.පා, 2013)
කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසල (තත්පර 55.48)
පැරණි වාර්තාව: (තත්පර 56.82, කොළඹ ගේට්වේ ජා.පා, 2013)
ලක්මාලි දොඩම්ගොඩ (මීටර 01.50, වත්තල ලයිසියම් ජා.පා,)
ගිහාන් ද සොයිසා (වි.2තත්.06.89, වත්තල ලයිසියම් ජා.පා,)
පැරණි වාර්තාව: ඞී.රජින්ද්‍ර ( වි.2තත්.11.37, වත්තල ලයිසියම් ජා.පා, 2010)
අනුක් කත‍්‍රිආරච්චි (මීටර 4.41, පානදුර ලයිසියම් ජා.පා,)
පැරණි වාර්තාව: රසීම් කරීම් ( මීටර 4.31, පානදුර ලයිසියම් ජා.පා , 2014)
සදීපා හෙන්ඩර්සන් (මීටර 4.97, ගේට්වේ ජා.පා,)
පැරණි වාර්තාව: දිලිනි ගෝමස් ( මීටර 4.88, ලයිසියම් ජා.පා, 2014)
හංසනී ලියනආරච්චි (මීටර 26.46, ගේට්වේ ජා.පා,)
පැරණි වාර්තාව: මහේෂි විජේසේකර (මීටර 23.46, කොළඹ ජා.පා, 2011)
චතිල් අපොන්සු (මීටර 6.44, පානදුර ලයිසියම් ජා.පා,)
පැරණි වාර්තාව: ෂෙහාන් විසන්පෙරුම ( මීටර 6.38, වත්තල ලයිසියම් ජා.පා , 2015)
අහ්මඞ් සෙයිදු (මීටර 41.94, රත්නපුර ලයිසියම් ජා.පා,)
පැරණි වාර්තාව: සංජුන සුමනවීර (මීටර 40.24, රෝයල් ඉන්සටියුට් ජා.පා , 2013)
මන්සුර් බද්රුල්ජමාලි (තත්පර 11.46, බුර්හානි සේරන්දිබ් ජා.පා,)
පැරණි වාර්තාව: රේනුක සේනානායක (තත්පර 11.53, ගේට්වේ ජා.පා, 2014)
රන්දි කුරේ (මීටර 11.19, ගේට්වේ ජා.පා,)
පැරණි වාර්තාව: අන්ජනී පුල්වංශ ( මීටර 10.95, ගේට්වේ ජා.පා , 2010)
ගිහාන් ද සොයිසා (වි.4.35.30, වත්තල ලයිසියම් ජා.පා,)
පැරණි වාර්තාව: විපුල අත්තනායක (වි.4.43.14, ඕ.කේ.අයි. ජා.පා, 2007)
තිනාල් සේනානායක (තත්පර 13.27, ආසියානු ජා.පා,)
පැරණි වාර්තාව: දහම් අතපත්තු (තත්පර 13.30, වත්තල ලයිසියම් ජා.පා, 2012)
කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසල (වි.05.03.27)
පැරණි වාර්තාව: කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසල (වි.05.14.78, කොළඹ ගේට්වේ ජා.පා, 2009)
16 වැනි ජාත්‍යන්තර පාසල් මලල ක‍්‍රීඩා තරගාවලියේ විශේෂ අවස්ථා ...
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.