Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව athletics_inner වසර 10 ක් පැරණි මී 1500 වාර්තාව බිඳ වැටෙයි

වසර 10 ක් පැරණි මී 1500 වාර්තාව බිඳ වැටෙයි

සංජය එරමුදුගොඩ - 2013 සැප් මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වසර 10ක් පැරණි  වාර්තාවක්ද බිඳ දමමින් මීටර 1500 (කාන්තා) ඉසව්වෙන් නව ජාතික තරග වාර්තාවක් පිහිටුවීමට නාවික හමුදා කී‍්‍රඩිකා තරංගා අබේරත්න ඊයේ (17) නිමාවට පත්වූ 91 වැනි ජාතික මලල කී‍්‍රඩා ශූරතාවලියේදි සමත්වූවාය.

විනාඩි 4 තත්පර 21කට ඇය එහි නව ජාතික  වාර්තාව පිහිටුවූයේ වසර 2003 දී විනාඩි 4 තත්. 23.25කට ඩබ්.කේ.එල්.ඒ. නිමාලි කී‍්‍රඩිකාව පිහිටුවා තිබූ එහි පැරණි වාර්තාව බිඳ දමමිනි. නිමාලිට මෙම ඉසව්වේ වාර්තාව අහිමි වුවත් ඇය මෙවර ජාතික ශූරතාවලියේදි මීටර 200 (කාන්තා) ඉසව්වෙන් නව වාර්තාවක් පිහිටුවමින් එහි අළුත්ම හිමිකාරිය වූවාය.

සුගතදාස පිටියේදී ඊයේ නිමාව දුටු 91 වැනි ජාතික මලල කී‍්‍රඩා ශූරතාවලියක වාර්තා හතරකට පමණක් සීමා විය. ඊයේ අවසන් දිනයේ දී රිටි පැනීම කාන්තා ඉසව්වෙන් මීටර් 3.30කට නව වාර්තාවක් පිහිටුවීමට අනෝමා කරුණාවංශ සමත් වූවාය.

ඇය පැවැති  39 වැනි ජාතික මහ කී‍්‍රඩා උළෙලේදී එකම නව ශ්‍රී ලංකා වාර්තාව පිහිටුවමින් මෝටර් රථයක් දිනාගත් කී‍්‍රඩිකාවය. මීටර 3.31කට එහිදී ඇය නව ශ්‍රී ලංකා වාර්තාව පිහිටුවූවාය. මීට පෙර රිටි පැනීම කාන්තා නව තරග වාර්තාවට මීටර් 3.20කට හිමිකම් කීවේ, කේ.එල්.ඒ.කේ. පෙරේරා (2011) විසිනි. මේ අතර දෙවැනි ස්ථානය ලද නාවික හමුදා කී‍්‍රඩිකා ආර් කාවේරිගේ දස්කම්ද ඉහළ මට්ටමක පැවැතුණි. ඇය  මීටර 3.30කට දෙවැනි ස්ථානය ලැබූ අතර එහි පැරණි වාර්තාව අභිබවා යමින් දස්කම් දක්වා තිබුණි.

මෙවර ජාතික මලල කී‍්‍රඩාගූරතාවලියේදී වේගවත්ම  කි‍්‍රඩකයා බවට පත්වෙමින් උමංග සුරේන්ද්‍ර තත්පර 10.62කට ඉසව්ව ජය ගත්තේය. ජානි චතුරංගනී ද සිල්වා තත්පර 11.92කට මීටර 100 කාන්තා ඉසව්ව ජය ගනිමින් වේගවත්ම කී‍්‍රඩිකාව බවට පත්වූවාය. ඇය මීටර් 200 (කාන්තා) ඉසව්වේද ජයග‍්‍රාහිකාවය.

ශූරතා හා අනුස්මරණ කුසලාන  15ක් කුසලතා පූර්ණ කී‍්‍රඩක-කී‍්‍රඩිකාවන් සඳහා ප‍්‍රදානය කෙරුණි. එහිදී මෙවර ජාතික මලල කී‍්‍රඩා ශූරතාවලියේ හොඳම කී‍්‍රඩකයා ලෙස උස පැනීම ඉසව්ව මීටර්   2.20කට ජයගත් මංජුල කුමාර විජේසේකරත්, හොඳම කී‍්‍රඩිකාව ලෙස මීටර 400 (කාන්තා) ඉසව්ව තත්පර 53.05 කට ජයගත් චන්ද්‍රිකා සුභාෂිණි රස්නායකටත් හිමිවූහ. ඒ  හොඳම ශ්‍රේණිගත කිරීමේ ලකුණු ලබා ගනිමිනි.

මේ අතර මීටර 100 පිරිමි ඉසව්වේ දෙවැනි ස්ථානය ලද හිමාස ඒෂාන්ගේ පුහුණුකරු විසින් අභියාචනයක් ඉදිරිපත් කළත් එය ප‍්‍රතික්‍ෂේප කෙරුණි. එම අභියාචනයෙන් ඔහු උමංග සුරේන්ද්‍රගේ ජයග‍්‍රහණය අභියෝගයට ලක්කර තිබුණි.

එහිදී ඔහු පෙන්වාදී තිබුණේ උමංග මෙන්ම ඒෂාන්ද  එකවර තරගය නිමාකළ බැවින් උමංග ජයග‍්‍රාහකයා ලෙස තීරණය කිරීම අපහැදිලි බවය. එහෙත්  තරගයේ නිමාව වීඩියෝ දර්ශන ආධාරයෙන් නිරීක්‍ෂණය කළ තීරණ මණ්ඩලය උමංග ජයග‍්‍රාහකයා බවට තීරණය කළේය.  

 

තරග ප‍්‍රතිඵල

රිටි පැනීම (කාන්තා)
1. අනෝමා කරුණාවංශ (නාවික හමුදාව) -  මී. 3.30 * නව වාර්තාවකි
2. ආර්. කාවේරි (නාවික හමුදාව) - මී. 3.30 * පැරණි වාර්තාව අභිබවා ඇත
3. ජී.ඩබ්.එච්.එස්.කේ. ධර්මරත්න (ගම්පහ) - මී. 3.00

මිටිය විසි කිරීම (කාන්තා)
1. ඒ.ඩබ්.ඒ.එස්. එම්. අමරසිංහ (යුද හමුදාව) . මී. 38.78
2. ජී.ජේ.අනුරුද්ධිකා (ලංකා ලයන්ස්) . මී. 37.67
3. එස්.ඒ.ඞී.ජී.එස්. විජේසිංහ( ගුවන් හමුදාව) . මී. 37.32

මීටර 100 (කාන්තා)
1. ජානි චතුරංගනි සිල්වා (නාවික හමුදාව) . තත්. 12.10
2. එන්.සී.ඞී. පි‍්‍රයදර්ශනී (නාවික හමුදාව) . තත්. 12.10
3. එච්.ඞී.එල්. ප‍්‍රනාන්දු (ගුවන් හමුදාව) . තත්. 12.14

මීටර් 1500 (කාන්තා)
1. තරංගා අබේරත්න (නාවික හමුදාව) . වි. 4 තත්. 21.00 * නව වාර්තාවක්
2. යූ.කේ.එන්. රත්නායක (යුදහමුදාව) . වි. 4 තත්. 35.89  
3. වයි.එම්.අයි. සිල්වා (ගුවන් හමුදාව) . වි. 4 තත්. 43.80

මීටර 400 (කාන්තා)
1. චන්ද්‍රිකා සුභාෂිණී රස්නායක (ගුවන් හමුදාව) . තත්. 50.05
2. ඊ.ඩබ්.යූ. රත්නකුමාරි (යුද හමුදාව) . තත්. 54.59
3. යූ.ජී. ඕ.සඳමාලි (ගුවන් හමුදාව) . තත්. 54.97

සත් ප‍්‍රයාම (කාන්තා)
1 කේ.එම්.කේ. එන්.ඒ. ප‍්‍රනාන්දු (ගුවන් හමුදාව) . ලකුණු 3741
2. බී.ඒ.එස්.එච්. අයේෂා (පොලිසිය) . ලකුණු 3689
3. ඩබ්.වී.එල්. සුගන්ධි (යුදහමුදාව) . ලකුණු 33.62

 

මීටර 400 කඩුලූ (පිරිමි)
1. කේ.එම්.එන්.ජේ. ගුණතිලක (යුද හමුදාව) . තත්. 52.19
2. එච්.එස්.පී. සිල්වා (ගුවන් හමුදාව) . තත්. 52.43
3.හර්ෂ චතුරංග (පාසල්) . තත්. 52.57


හෙල්ල විසි කිරීම (පිරිමි)
1. ඞී.එස්.රණසිංහ (යුදහමුදාව) . මී. 70.85
2. කේ.පී.කේ. රණතුංග (යුද හමුදාව) . මී. 66.93
3. එන්.කේ.සුරංග (යුද හමුදාව) . මී. 65.55


මීටර 1500 (පිරිමි)
1. පී.එම්. චමල් (යුදහමුදාව) . වි. 3 තත්. 54.40
2. නිශ්ශංක කුමාර (යුද හමුදාව) . වි. 3 තත්. 54.84
3. පී.ඩබ්. ජී. සංජීව (ගුවන් හමුදාව) . වි. 3 තත්. 55x49

දුර පැනීම (පිරිමි)
1. බී.ඒ.ජී.ජේ.පී. විමලසිරි (යුද හමුදාව) . මී. 7.46
2. ඒ.ඩබ්.ආර්. සමිත් (කළුතර) . මී. 7.25
3. එම්.අයි.එම්. මිෆ්රාන් (යුද හමුදාව) . මී. 7.20

මීටර 100 (පිරිමි)
1. උමාංග  සුරේන්ද්‍ර (යුද හමුදාව) . තත්. 10.62
2. හිමාෂ ඒෂාන් (පාසල්) . තත්. 10.63
3. ඒ.එල්.එම්. අෂ්රොෆ් (යුද හමුදාව) . තත්. 10.71

මීටර 400 (පිරිමි)
1. කේ.සෙනෙවිරත්න (නාවික හමුදාව) . තත්. 46.65
2. ඩබ්.ඒ.සී.ඞී. ආලෝක (ගුවන් හමුදාව) . තත්. 46.95
3. සී.එම්.ජයසේකර (නාවික හමුදාව) . තත්. 47.11


මීටර 5000 (පිරිමි)
1. ඞී.එල්. සමරජීව (යුද හමුදාව) . වි. 14. තත්. 38.24
2. ආර්.එම්.එස්.පුෂ්පකුමාර (යුද හමුදාව) . වි. 14 තත්. 53.52
3. කේ.එම්.ජයතිලක (යුද හමුදාව) . වි. 14 තත්. 54.60


දශ ප‍්‍රයාම (පිරිමි)
1. ඩබ්.කේ. ඞී.එස්. පූර්ණ (ගුවන් හමුදාව) . ලකුණු 59.56
2. ඩබ්.එම්.එස්. ඞී.වීරසිංහ (යුද හමුදාව) . ලකුණු 56.58
3. ඞී.සී. වික‍්‍රමරත්න (ගුවන් හමුදාව) . ලකුණු 55.59

 

(ඡයාරූපය: ශාන්ත රත්නායක)


අදහස් (0)

වසර 10 ක් පැරණි මී 1500 වාර්තාව බිඳ වැටෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.