Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
නව වාර්තා 19ක් බිහිවූ සමස්ත ලංකා පාසල් මලල ක‍්‍රීඩා උළෙලේ සමස්ත ශූරතාව බස්නාහිර පළාත විසින් දිනා ගන්නා ලදී. තරගාවලියේ අවසන් දිනයේ වාර්තා සංඛ්‍යාව දෙකකට පමණක් සීමා විය. තරගාවලියේ තෝරාගත් දක්ෂතම ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට මලයාසියානු තරග සංචාරයකට අවස්ථාව දෙන බව ක‍්‍රීඩා උළෙලේ ජය සංකේත ප‍්‍රදානෝත්සවයේ දී අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
දින පහක් පුරා සුගතදාස පිටියේ දී පැවැති මෙම තරගාවලිය මලල ක‍්‍රීඩා ඉසව් 132 කින් සමන්විත විය. තරගාවලියේ බාලක ශූරතාව මීගමුව මාරිස්ටෙලා විදුහල විසින් ද, බාලිකා ශූරතාව රත්නපුර සුමන බාලිකා විදුහල විසින් ද දිනා ගන්නා ලදී.
මෙවර බාලිකා ශූරතාව දිනාගත් රත්නපුර සුමන බාලිකාවෝ වලල ඒ. රත්නායක මැදි විදුහල අභිබවමින් පෙරට පැමිණීම කැපී පෙනේ. ගියවර මෙම ශූරතාව කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා විදුහල හා සමව දිනා ගැනීමට සමත් වූයේ ද රත්නායක මැදි විදුහලයි.
මෙවර තරගාවලියේ දක්ෂතම ක‍්‍රීඩකයා වූ රණබිම රාජකීය විදුහලේ සුපුන් විරාජ් රන්දෙණිය කඩුළු පැන දිවීමේ දක්‍ෂතම ක‍්‍රීඩකයා ලෙස ද, දක්ෂතම ධාවකයා ලෙසද සම්මාන දෙකක් දිනා ගැනීමට ද සමත් විය.
මෙම ක‍්‍රීඩකයා මීටර 110 කඩුලූ ඉසව්වේ මූලික වටයේ දී මෙන්ම (තත්ත්පර 14.30) එහි මූලික වටයේදී ද (තත්ත්පර 14.50) වයස 19න් පහළ පැරණි එහි වාර්තාව බිඳ දමමින් නව වාර්තා පිහිටුවීමට සමත් විය. ඔහු 2012 කොළඹ පැවැති ආසියානු කනිෂ්ඨ මලල ක‍්‍රීඩා තරගාවලියේ දී එම ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා තිබේ.
විසිකිරීමේ ඉසව් හොඳම දක්ෂතාවයට හිමි සම්මානය දිනා ගත්තේ රත්නපුර සසෙක්ස් ජාත්‍යන්තර පාසලේ ඒ.ඒ. සෙයියදු (දක්ෂතම කවපෙත්ත විසිකිරීම - මීටර 52.82 වයස 21න් පහළ බාලක) විසිනි. කොළඹ රාජකීය විදුහලේ තිළිණ කරුණාරත්න මීටර 2.13කට දක්ෂතා දක්වමින් පැනීමේ ඉසව් සඳහා දක්ෂතම ක‍්‍රීඩකයා ලෙස සම්මාන දිනා ගත්තේය.
වෙන්නප්පුව ජෝශප් වාස් මැදි විදුහල හා වලල ඒ. රත්නායක මැදි විදුහල මෙවර මල ක‍්‍රීඩා තරගාවලියේ සමස්ත බාලක හා බාලිකා අනුශූරතා හිමිකර ගත්හ. වයස 15න් පහළ බාලක ශූරතාව වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල විසින් ද, එහි බාලිකා ශූරතාව මීගමුව නිවුස්ටඞ් බාලිකා මහ විදුහල විසින් ද දිනා ගන්නා ලදහ.
වයස 17න් පහළ බාලිකා ශූරතාව දිනා ගත්තේ කුලියාපිටිය මැදි විදුහල විසිනි. දක්ෂතම ක‍්‍රීඩකයා හා ක‍්‍රීඩිකාවට රුපියල් ලක්‍ෂය බැගින් මුදලින් තෑගි පිරිනැමුණි.
අද (6 වැනිදා) පිහිටුවන ලද නව වාර්තා
21න් පහළ (බාලක) මීටර 100
මලික් චාන් ප‍්‍රනාන්දු (ශාන්ත පීතර විදුහල - තත්ත්පර 10.85)
15න් පහළ (බාලක) මීටර 400X4 සහාය දිවීම
මීගමුව මාරිස්ටෙලා විදුහල් කණ්ඩායම - විනාඩි 3. තත්. 40.45
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.