Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව athletics_inner සහය දිවීමෙනුත් ශී‍්‍ර ලංකාව මූලික වටයෙන්ම ඉවතට

සහය දිවීමෙනුත් ශී‍්‍ර ලංකාව මූලික වටයෙන්ම ඉවතට

දිලිනි මල්රුක්ෂි - 2013 අගෝ මස 16 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

රුසියාවෙ මොස්කව් නුවරදී දැන් පැවැත්වෙන මලල කී‍්‍රඩා ශූරතාවලියේ මීටර් 4X400 (පිරිමි) ඉසව්වෙ මූලික වටයේදීම ශී‍්‍ර ලංකාව ඊයේ (15) පරාජයට පත් විය.

ශී‍්‍ර ලංකා කණ්ඩායම විනාඩි 3 තත් 06.59කට මූලික වටයේ 7 වැනි ස්ථානය (අවසාන) ලැබූ අතර එම මූලික තරගයේ හොඳම නිමි කාලය විනාඩි 2 තත් 59.85ක් ලෙස වාර්තා කිරීමට ඇමරිකානු කණ්ඩායම සමත් විය.

ජානක ජයසේකර,  දුලාන් පි‍්‍රයශානත, කසුන් සෙනෙවිරත්න හා ඩිලාන් ආලෝක ඊයේ ශී‍්‍ර ලංකා කණ්ඩායම නියෝජනය කළහ. එහෙත් පූනේ නගරයේදී පැවති ආසියානු මලල කී‍්‍රඩා ශූරතාවලියේදී ලෝකඩ පදක්කම විනාඩි 3 තත් 04.92කට දිනාගත් ශී‍්‍ර ලංකා කණ්ඩායමට ජානක ජයසේකර වෙනුවට අංජන ගුණරත්න ඇතුළත් විය.

මෙවර ලෝක මලල කී‍්‍රඩා ශූරතාවලියේ මීටර 4X400 (පිරිමි සහය දිවීමෙ ඉසව්වට සුදුසුකම් ලබා සිටි සෙසු ආසියානු රටවල් දෙක වන ජපානය සහ සව්දි අරාබියාවද ඉයේ මුල් වටයේදීම පරාජයට පත් විය.

මෙ අතර මෙවර මොස්කව් මලල කී‍්‍රඩා ශූරතාවලියට තරග වදින ශී‍්‍ර ලංකාවෙ හෙල්ල විසි කිරීමෙ කී‍්‍රඩිකා නදීකා ලක්මාලි අද (16) ශී‍්‍ර ලංකා වෙලාවෙන් දහවල් 12.25ට මූලික වටයට සහභාගි වීමට නියමිතය.

මෙවර ලෝක ශූරතාවලියට තරග වදින හෙල්ල විසි කිරීමෙ ශූරියන් 27 දෙනෙකු අතරින් ඇය මීටර 60.64කට දක්ෂතා පෙන්වමින් 22 වැනි ස්ථානයේ පසු වෙයි.


අදහස් (1)

සහය දිවීමෙනුත් ශී‍්‍ර ලංකාව මූලික වටයෙන්ම ඉවතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.