Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව athletics_inner හිරුෂ හෂේන්ගෙන් නව වාර්තාවක්

හිරුෂ හෂේන්ගෙන් නව වාර්තාවක්

සංජය එරමුදුගොඩ - 2018 සැප් මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී අද (19 වැනිදා) ආරම්භ වූ ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ පළමු දිනයේදී ම වයස අවුරුදු 16න් පහළ බාලක දුර පැනීමේ ඉසව්වෙන් නව වාර්තාවක් පිහිටුවීමට කොළඹ ශා. පීතර විද්‍යාලයේ හිරුෂ හෂේන් සමත්විය. ඔහුගේ දක්ෂතාව මීටර 7.19ක් වූ අතර ඔහු විසින් බිඳ දැමුවේ 2007 වසරේදී ගල්කිස්ස ශා. තෝමස් විද්‍යාලයේ ආර්. ගුණසිංහ විසින් තබා තිබූ වාර්තාවයි.

එම ඉසව්වේ මුල් ස්ථාන හතර ම කොළඹ ශා. පීතර විද්‍යාලය හිමිකර ගැනීම විශේෂත්වයකි.

හිරුෂ හෂේන්

වයස අවුරුදු 18න් පහළ බාලක රිටි පැනීමේ ඉසව්වේ මුල් ස්ථාන තුනම තෙල්ලිපලෙයි මහජන විද්‍යාලය විසින් හිමිකර ගනු ලැබිණි. එහි ප්‍රථම ස්ථානය එස්. සුගර්ධන්ට හිමි විය.

වයස අවුරුදු 20න් පහළ බාලිකා මීටර 5000 ඉසව්වෙන් ශා. ඇන්ඩෘස් බාලිකා මහා විද්‍යාලයේ සඳලි සිතාරා ජය හිමිකර ගත් අතර, එම වයස් කාණ්ඩයේ යගුලිය විසිකිරීමේ ඉසව්වෙන් මිගමුව ආවේ මරියා කන්‍යාරාමයේ ජානි ගයානා ප්‍රථම ස්ථානය හිමිකර ගත්තාය.

වයස අවුරුදු 20න් පහළ බාලිකා කවපෙත්ත විසිකිරීමේ ඉසව්වේ ප්‍රථම ස්ථානය කොළඹ විශාකා විද්‍යාලයේ චානුකා අතපත්තු ද, එම වයස් කාණ්ඩයේ තුන් පිම්ම ඉසව්වේ බාලිකා අංශයේ ප්‍රථම ස්ථානය කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසලේ රැන්ඩි කුරේ ද, එම වයස් කාණ්ඩයේ බාලක මීටර 5000 ඉසව්වේ ප්‍රථම ස්ථානය මාකඳුර මධ්‍ය මහා විද්‍යාලයේ එච්.ජී.එස්. සංකල්ප ද හිමිකර ගත්හ.

වයස අවුරුදු 18න් පහළ බාලිකා උස පැනීමේ ඉසව්වේ ප්‍රථම ස්ථානය හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ යශෝධා තේජානි ද, එම වයස් කාණ්ඩයේ බාලක හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ප්‍රථම ස්ථානය හලාවත ශා. මෙරි විද්‍යාලයේ තුශ්මින ක්‍රිෂ්මාල් ද හිමිකර ගත්හ.

‘රිට්ස්බරි‘ නිෂ්පාදකයන් වන සිලෝන් බිස්කට්ස් සමාගම  සහ ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමය එක්ව මෙම තරගාවලිය සංවිධානය කරයි


අදහස් (0)

හිරුෂ හෂේන්ගෙන් නව වාර්තාවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.