Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව athletics_inner හිමාෂ 38 වැනි ස්ථානයට

හිමාෂ 38 වැනි ස්ථානයට

සංජය එරමුදුගොඩ - 2016 මාර් මස 20 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ඇමරිකාවේ ඔරිගන් ප‍්‍රාන්තයේ පෝර්ට්ලන්ඞ්හිදී පැවැති ගෘහස්ත මලල කී‍්‍රඩා ලෝක ශූරතාවලියේ මීටර් 60 ඉසව්වට සහභාගි වූ ශ්‍රී ලංකාවේ හිමාෂ ඒෂාන්, තරගකරුවන් 53 දෙනෙක් අතරින් 38 වැනි ස්ථානයට පත්ව ඇත.

මීටර් 60 ඉසව්වේ 7 වැනි මූලික තරගයට සහභාගි වූ හිමාෂ 6 වැනියා ලෙස එම තරගය අවසන් කිරීමට සමත් විය. තරගය නිමා කිරීම සඳහා ඔහුට ගතවූ කාලය තත්ත්පර 6.81 කි. එය ඔහුගේ පෞද්ගලික හොඳම කාලය ලෙසද සටහන් වේ.
හිමාෂ මීටර 60 ඉසව්වට සහභාගි වූ පළමු අවස්ථාවද මෙයි.

තත්ත්පර 6.47 කින් තරගය අවසන් කළ ඇමරිකාවේ ටේ‍්‍රවොන් බ්‍රොමෙල් මීටර් 60 ඉසව්වේ පළමු ස්ථානය දිනාගත් අතර එහි දෙවැනි ස්ථානය ජැමෙයිකාවේ අසාෆා පවෙල්ටද (තත්ත්පර 6.50) තුන්වැනි ස්ථානය බාර්බඩෝස්හි රමෝන් ජිටෙන්ස්ටද (තත්ත්පර 6.51) හිමිවිය.

ඇසෑම් සාග් කී‍්‍රඩා උළෙලේදී හිමාෂ වාර්තා කළ තත්පර 10.26 ක කාලය සලකා බලා ඔහුට ලෝක ගෘහස්ත මලල කී‍්‍රඩා ශූරතාවලියට සහභාගිවීමේ අවස්ථාව ලබා දීමට ශ‍්‍රී ලංකා මලල කී‍්‍රඩා සංගමය පියවර ගත්තේය.  

හිමාෂගේ පුහුණුකරු ලෙස කටයුතු කරන චමින්ද පෙරේරා මහතාද මෙම තරගාවලියට සහභාගි විය.


- 036

 


අදහස් (1)

හිමාෂ 38 වැනි ස්ථානයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.