Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අවිනිශ්චිත අනාගතයකට මුහුණදීම වෙනුවට ක‍්‍රීඩාවෙන් සමුගැනීමට තමා ගත් තීරණය වෙනස් නොකරන බව තරග බිමෙන් සමුගැනීම ප‍්‍රකාශයට පත්කළ හෙල්ල විසි කිරීමේ ආසියානු රිදී පදක්කම්ලාභී සචිත් මධුරංග පවසයි. තවමත් 23 හැවිරිදි මධුරංග පසුගියදා කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී මෙසේ පැවැසීය.
තමාගේ සමුගැනීම පාඩමකට ගෙන ශ්‍රී ලංකාවේ සෙසු මලල ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් කෙරෙහි නිසි අවධානය යොමු කිරීමට මලල ක‍්‍රීඩා බලධාරීන් පියවර ගන්නේ නම් එය තමා ලබන ලොකුම ජයග‍්‍රහණයක් වන බව ද සචිත් මධුරංග පැවැසීය.
කොළඹ ආනන්ද විදුහලේ ආදි සිසුවෙකු වන සචිත් කෙටි දුර ධාවන ක‍්‍රීඩකයෙකු ලෙස මලල ක‍්‍රීඩාවට පිවිසීමෙන් පසුව හෙල්ල විසි කිරීම ඉසව්ව තෝරා ගනිමින් දස්කම් දැක්වීය.
ඉන්දියාවේ ”පූනේ” නගරයේ පැවැති 20 වැනි ආසියානු මලල ක‍්‍රීඩා ශූරතාවලියේදී හෙල්ල විසි කිරීම (පිරිමි) ඉසව්වේදී මීටර් 79.62 ක් දුර හෙල්ල විසි කරමින් රිදී පදක්කමක් දිනා ගත් ඔහුට මොස්කව් ලෝක මලල ක‍්‍රීඩා ශුරතාවලිය අහිමිවූයේ එහි පරිසාධන මට්ටමට සෙන්ටිමීටර 38 ක් අඩුවීමෙනි.
ඔහු කොරියාවේ පැවැති ආසියානු හෙල්ල විසි කිරීමේ ඉසව් ශූරතාවලියකට සහභාගිවෙමින් ලෝකඩ පදක්කමක් හිමිකර ගැනීමට ද සමත් විය. මැයි මාසයේ පැවැති ආසියානු ගෝන් ප‍්‍රී මලල ක‍්‍රීඩා තරග මාලාවේ කොළඹ තරගාවලියේදී ඔහු තෙවැනි ස්ථානය ද ලැබීය.
තරගබිමෙන් සමුගන්නා බව ප‍්‍රකාශ කළ සචිත් මධුරංග පැවැසුවේ තමා සේවය කරන යුද හමුදාවට කෘතගුණ දැක්වීමක් ලෙස ලබන මාසයේදී පැවැත්වෙන යුද හමුදා මලල ක‍්‍රීඩා ශූරතාවලියට පමණක් තරග වැදීමට තීරණය කර තිබෙන බවයි.
මාධ්‍යවේදීන්ගේ ප‍්‍රශ්න කිරීම්වලට පිළිතුරු දුන් සචිත් පවසා සිටියේ ආසියානු ශූරතා රිදී පදක්කම දිනාගෙන පැමිණ දැන් මාස දෙකක් පමණ වන නමුත් වගකිවයුත්තන් කිසිවෙකුත් අඩු තරමින් දුරකථන ඇමතුමක් දීමට තරම්වත් කාරුණික නොවූ බවය.
”මට එහෙම උනාට සමහර මලල ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් තෑගි ලෙස මෝටර් රථත් හිමිකර ගන්නවා. ”මම ඒකට විරුද්ධ නැහැ.
මම කියන්නේ මේ රටේ මලල ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ හැමෝම කාර්වලින් යනවා නම් හොඳයි කියලයි. මම සල්ලි ඉල්ලන්නේ නෑ. ඒත් අපේ බලධාරීන්ට නොමිලේ දිය හැකි මානුෂික සතුටවත් ක‍්‍රීඩක ක‍්‍රීඩකාවන්ට දෙන්න ඔවුන් සමත් වෙලා නෑ.” සචිත් මධුරංග පැවැසීය.
සචිත් වැඩිදුරටත් පැවසුවේ පසුගිය බ‍්‍රහස්පතින්දා (5) වන තෙක් තමන් පුහුණුවීම් කර ගෙන ගිය බවය. ලබන වසරේදී ප‍්‍රධානතම අන්තර් ජාතික තරග මාලා කීපයක් ඉලක්ක කරමින් තමා පුහුණුවීම් පවත්වාගෙන ගිය බව ද ඔහු අවධාරණය කර සිටියේය.
තරග බිමෙන් සමු ගැනීමෙන් පසු පුහුණුකරුවෙකු ලෙස කටයුතු කිරීම ගැන තමා තවමත් තීරණයක් ගෙන නැති නමුත් විදෙස් ගතවීම පිළිබඳව ද තමා අවධානය යොමු කර ඇති බවත් පැවැසීය. ළාබාල වියේදීම සමුගැනීම ප‍්‍රකාශයට පත් කළ සචිත් ආසියානු ශූරතා රිදී පදක්කම දිනාගත්තේ නව ශ්‍රී ලංකා වාර්තාවක් ද පිහිටුවමිනි.
මෙවර ජාතික මහ ක‍්‍රීඩා උළෙලට සහභාගි නොවූ නමුත් එම ඉසව්වේ තරග වාර්තාවට ද (මීටර් 73.47 කට) හිමිකම් කියයි.
තණකොළ සහිත ධාවනපථ හා තරග පථ ඇතුළත් ක‍්‍රීඩාංගනවල තමා සිරිතක් ලෙස තරග නොවදින බවත් එවැනි ක‍්‍රීඩාංගනවල තරග වදින ක‍්‍රීඩකයන් ආබාධාවලට ලක්වීමේ අවදානමක් පවතින බැවින් කෙතරම් තෑගි දුන්නත් තමා එම තීරණය වෙනස් නොකරන බවත් ඔහු පැවැසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.