Last Update  :  2025-01-04 09:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Badminton ජාතික බැඩ්මින්ටන් අවසන් තරග ඉරිදා

ජාතික බැඩ්මින්ටන් අවසන් තරග ඉරිදා

editorial - 2023 දෙසැ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමය සංවිධාන කරන 71 වැනි ජාතික බැඞ්මින්ටන් ශූරතාවලියේ විවෘත අංශයේ අවසන් මහ තරග එළබෙන ඉරිදා (10 වැනිදා) ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් වෙළෙඳ සේවා බැඞ්මින්ටන් ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. 

විවෘත අංශයේ මූලික වටයේ තරග අද (8 වැනිදා) නිමාවට පත් වූ අතර අර්ධ අවසන් පූර්ව සහ අවසන් පූර්ව තරග හෙට (9 වැනිදා) පැවැත්වීමට නියමිතය. 

ක්‍රීඩක ක්‍රීඩිකාවන් දහසකට වැඩි ප්‍රමාණයක් එක්වී සිටින මෙවර තරගාවලිය ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගම් ක්‍රීඩාංගණයේදී, වෙළෙඳ සේවා ගෘහස්ත බැඞ්මින්ටන් ක්‍රීඩාංගණයේදී සහ ඩී.එස්. සේනානායක විදුහල් ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. 

අද පැවැති වයස අවුරුදු 19 න් පහළ බාලක කේවල අවසන් මහ තරගය ජයගැනීමට සිනෙත් මන්තුක සමත් වූ අතර අවුරුදු 19 න් පහළ බාලිකා කේවල අවසන් මහ තරගය ජයගනු ලැබුවේ රනිත්මා ලියනගේ විසිනි. එම වයස් කාණ්ඩයේ බාලිකා යුගල අවසන් තරගයේ ජය හිමි වූයේ දසිත්මා ජයතිලකට සහ සිතුකි ඔනාදිටය. 

එදිනම පැවැති වයස අවුරුදු 17 න් පහළ බාලක අවසන් තරගය ජය ගැනීමට රෙෂාන් හරිත් සමත් වූ අතර බාලිකා කේවල තරගයේදී දිලිනි අම්බලන්ගොඩගේ ජය ලැබුවාය. එම වයස් කාණ්ඩයේ බාලක යුගල තරගයේ ජය සනුද ආරියසිංහට සහ තිසත් රන්තුකට හිමි වෙද්දී, දිලිනි අම්බලන්ගොඩගේ සහ සඳති දෙව්මිණි බාලිකා යුගල තරගය ජය ගත්හ. 


අදහස් (0)

ජාතික බැඩ්මින්ටන් අවසන් තරග ඉරිදා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.