Last Update  :  2025-01-04 09:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Badminton බැඩ්මින්ටන් පුහුණු වැඩමුළුවේදී 30 ක් සහතික ලබති

බැඩ්මින්ටන් පුහුණු වැඩමුළුවේදී 30 ක් සහතික ලබති

editorial - 2024 ජන මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දේශීය බැඞ්මින්ටන් පුහුණුකරුවන් සඳහා බුද්ධික ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුතු ශ්‍රී ලංකා බැඞ්මින්ටන් ආයතනයේ පුහුණු සහ සංවර්ධන කමිටුව සංවිධාන කළ ලෝක බැඞ්මින්ටන් සම්මේලනයේ පළමු ශ්‍රේණියේ පුහුණු වැඩමුළුව පසුගියදා සාර්ථකව නිමාවට පත් විය. 

ජාතික බැඞ්මින්ටන් ක්ෂේත්‍රයට ඉහළ මට්ටමේ සුදුසුකම්ලාභී පුහුණුකරුවන් දායාද කිරීමේ අරමුණ ඇතිව සංවිධානය කෙරුණ එම පුහුණු වැඩමුළුවට 30 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගි වූහ.  

ආසියානු බැඞ්මින්ටන් සම්මේලනයේ ජ්‍යෙෂ්ඨ සංවර්ධන විධායක ඇන්ඩි මොහොමඞ් සහ ආසියානු බැඞ්මින්ටන් සම්මේලනයේ සංවර්ධන නිලධාරී නිකිල් චන්ද්‍ර ඩාර් මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් වැඩමුළුවේ සහතික පිරිනැමීමේ උත්සවය පැවැත්විණ.

ඒ සඳහා ශ්‍රී ලංකා බැඞ්මින්ටන් ආයතනයේ උප සභාපති සහ තාක්ෂණික කමිටු සභාපති රොෂාන් ප්‍රනාන්දු, බැඞ්මින්ටන් ආයතනයේ ලේකම් අජිත් විජේසිංහ, බැඞ්මින්ටන් ආයතනයේ පුහුණු සහ සංවර්ධන කමිටුවේ සභාපති බුද්ධික ද සිල්වා, බැඞ්මින්ටන් ආයතනයේ භාණ්ඩාගාරික, පුහුණු සහ සංවර්ධන කමිටුවේ ලේකම් මංගල ගමගේ, ලෝක බැඞ්මින්ටන් සම්මේලනයේ අධ්‍යාපනවේදී පවිත්‍ර අබේසිරි ගුණවර්ධන සහ පුහුණු හා සංවර්ධන කමිටුවේ බිමල් කොතලාවල මහත්වරුද සහභාගි වූහ. 

-036 


අදහස් (0)

බැඩ්මින්ටන් පුහුණු වැඩමුළුවේදී 30 ක් සහතික ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.