Last Update  :  2025-01-04 09:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Badminton ශ්‍රී ලංකාවට පදක්කම් 61 ක්
සිලෝන් මාස්ටර්ස් බැඞ්මින්ටන් තරගාවලිය

ශ්‍රී ලංකාවට පදක්කම් 61 ක්

editorial - 2024 ජුලි මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ බැඞ්මින්ටන් ක්‍රීඩාංගණ කිහිපයක පැවැති ‘සිලෝන් මාස්ටර්ස් බැඞ්මින්ටන්’ ශූරතාවලියේදී පදක්කම් 61 ක් දිනා ගැනීමට ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ. එහිදී ශ්‍රී ලංකාවට රන් පදක්කම් 21 ක්, රිදී පදක්කම් 16 ක් සහ ලෝකඩ පදක්කම් 24 ක් හිමි විය. ශූරතාවලියට විවිධ වයස් කාණ්ඩ යටතේ තරග අංශ 60 ක් ඇතුළත් විය. 

රොහාන් ද සිල්වා, රේණු චන්ද්‍රිකා ද සිල්වා, සහන් ප්‍රදීප්, රොෂාන් පද්මකුමාර, මංජුල සම්පත් ප්‍රනාන්දු, විපුලි සෙනෙවිරත්න, උපේන්ද්‍ර පෙරේරා, ක්ලැරන්ස් හෝමර්, දුමින්ද ජයකොඩි, මොහාන් විජේසිංහ, ප්‍රියංකා අබේරත්න, ශ්‍රියානි දීපිකා, මල්ලිකා වඩුගේ, නදීෂා ගයාත්‍රි, හසිත චානක, විජයලක්ෂ්මි පුංචිහේවා, රොහාන් ප්‍රනාන්දු, ලලිත් අමරසේන, සේනක අත්තනායක සහ ක්‍රිෂාන්ත ගමගේ එහිදී රන් පදක්කම් දිනා ගැනීමට සමත් වූහ. 

ඕසටේ්‍රලියාව, කැනඩාව, චීනය, ඉන්දියාව, ඉන්දුනීසියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, නෝර්වේ, මැලේසියාව, ඇමරිකාව සහ සත්කාරක ශ්‍රී ලංකාව ඇතුළුව රටවල් 11 කින් මෙම තරගාවලිය සඳහා අයැදුම්පත් 535 ක් ලැබී තිබිණි. ජාත්‍යන්තර තරග තීරක ලක්ප්‍රිය එදිරිසිංහ මහතාගේ නායකත්වයෙන් යුතු ඉහළම සුදුසුකම් ලත් නිලධාරී කණ්ඩායමක් විසින් තරග විනිශ්චය සිදු කළ අතර හිටපු ජාත්‍යන්තර තරග තීරක අජිත් විජයසිංහ මහතා තරගාවලියේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළේය. 

-036 


අදහස් (0)

ශ්‍රී ලංකාවට පදක්කම් 61 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.