Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ආසියානු පාසල් බැඞ්මින්ටන් සංගමයේ සංවිධානත්වයෙන් ඉන්දුනීසියාවේදී පැවැති 18 වැනි ආසියානු පාසල් බැඞ්මින්ටන් ශූරතාවලියේදී ලෝකඩ පදක්කම් 4 ක් දිනාගැනීමට ශ්රී ලංකා ක්රීඩක ක්රීඩිකාවෝ සමත් වූහ.
එහිදී බාලක කේවල ඉසව්වෙන් තිළිණ රාජකරුණාද, බාලක යුගග ඉසව්වෙන් තිසත් රාජපක්ෂ සහ තේජන හේරත්ද, බාලිකා කේවල ඉසව්වෙන් සිතුලිද, ලෝකඩ පදක්කම් දිනාගත් අතර බාලක කණ්ඩායම් ඉසව්වේදීද ශ්රී ලංකාවට ලෝකඩ පදක්කමක් හිමිවිය.
තිළිණ රාජකරුණා නායකත්වය දැරී ශ්රී ලංකා බාලක කණ්ඩායමට ෂෙනුක් සමරරත්න, තිදස් වේරගොඩ, දහම් ගුණවර්ධන, තිසත් රාජපක්ෂ, තේජන හේරත්, සනුද ආරියසිංහ සහ රෙෂාන් දිඹුක්කුවලගේ ඇතුළත් වූහ.
මෙම තරගාවලිය සඳහා සත්කාරක ඉන්දුනීසියාවට අමතරව තායිලන්තය, මැලේසියාව, සිංගප්පූරුව, හොංකොං, චීනය, බෲනායි සහ ශ්රී ලංකාව යන රටවල් නියෝජනය කරමින් ක්රීඩක ක්රීඩිකාවෝ සහභාගි වූහ.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.