Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වයඹ පළාත් බැඩ්මින්ටන් සංගමය සංවිධාන කළ සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලියේදී ත්‍රිත්ව ශූරතා දිනා ගැනීමට සාරා ක්‍රිස්ටිනා සමත් වූවාය. එහිදී ඇය කාන්තා කේවල, කාන්තා යුගල, මිශ්‍ර යුගල ශූරතා දිනාගනිද්දී, විවෘත පිරිමි කේවල ශූරතාව දිනාගනු ලැබුවේ රන්තුෂ්ක ගුණතිලක විසිනි.
කුරුණෑගල, බෝයගනේ ශ්‍රී ලංකා යුද හමුදා පාබල රෙජිමේන්තු ක්‍රීඩා සංකීර්ණයේ පසුගියදා පැවැති මෙම තරගාවලියේදී සාරා ක්‍රිස්ටිනා, ප්‍රවීණා විජේසුන්දර සමග එක්ව විවෘත කාන්තා යුගල ශූරතාද, ඇලන් ධර්මරාසපුත්‍ර සමග එක්ව විවෘත මිශ්‍ර යුගල ශූරතාවද දිනා ගනිමින් වඩාත් කැපී පෙනෙන ක්‍රීඩිකාව බවට පත්වූවාය.
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ අනුමැතිය යටතේ ජාතික බැඩ්මින්ටන් ශ්‍රේණිගත කිරීමේ පළමු මට්ටමේ තරගාවලියක් ලෙස පැවැති මෙම තරගාවලියේ විවෘත පිරිමි කේවල ශූරතාව දිනාගැනීමට රන්තුෂ්ක ගුණතිලක සමත් වූයේ අවසන් මහා තරගයේදී ලකුණු 22-20 ක් සහ 21-18 ක් ලෙස ශෙනුක් සමරරත්න පරාජය කරමිනි.
විවෘත කාන්තා කේවල අවසන් මහ තරගයේදී තරග වට 2-1 කින් රෂ්මි මුදලිගේ පරාජය කළ සාරා ක්‍රිස්ටිනා, විවෘත කාන්තා යුගල අවසන් මහා තරගයේදී වරංගනා ජයවර්ධන සහ රෂ්මි මුදලිගේ පරාජය කළේ ප්‍රවීණා විජේසුන්දර සමග එක්ව තරග වදිමිනි.
විවෘත මිශ්‍ර යුගල අවසන් මහා තරගයේදී ඇලන් ධර්මරාසපුත්‍ර සමග එක්ව තරග වැදුනු සාරා, තරග වට 2-1 කින් තුළිත් පල්ලියගුරු සහ පංචාලි අධිකාරී පරාජය කළාය. සනුද ආරියසිංහ සහ තිසත් රූපතුංග පරාජය කරමින් විවෘත පිරිමි යුගල ශුරතාව දිනා ගනු ලැබුවේ ඔෂාමික කරුණාරත්න සහ තුලිත් පල්ලියගුරු විසිනි.
තරගාවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සඳහා රුපියල් 750,000 ක මුදල් ත්‍යාග පිරිනැමුණු අතර ශූරයන්ට සහ අනු ශූරයන්ට කුසලාන, පදක්කම් සහ සහතිකපත් පිරිනැමීමට සංවිධායක මණ්ඩලය කටයුතු යොදා තිබිණි.
තරගාවලියේ සංවිධායක මණ්ඩලයේ තීරණයක් අනුව කනිෂ්ඨ අංශයේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට මුදල් ත්‍යාග වෙනුවට වටිනා ත්‍යාග පිරිනැමිණි. මොබිල්, ලීනිං, මැක්ෆොයිල්, 3එම්, සහ ජී.ඒ.සී. යන සමාගම් සහ ආයතන තරගාවලියේ අනුග්‍රාහකයන් ලෙස කටයුතු කළේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.