Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Badminton කී‍්‍රඩා නීතිය සංශෝධනය කරන්න එකග වෙයි

කී‍්‍රඩා නීතිය සංශෝධනය කරන්න එකග වෙයි

දිලිනි මල්රුක්ෂි - 2013 නොවැ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වර්ෂ 1973 සිට කි‍්‍රයාත්මක වන කී‍්‍රඩා නීතිය ඔලිම්පික් ව්‍යාපාරය මෙහෙයවනු ලබන, එහි මූලික හර පද්ධතීන් වලට ගැලපෙන පරිදි සංශෝධනය කිරීමට ශී‍්‍ර ලංකාවේ කී‍්‍රඩා බලධාරීන් එක`ග වූ බව අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. නොවැම්බර් 27 දාතම සහිතව, අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ නිල වෙබ් අඩවියේ මෙම නිවේදනය පළ කර තිබේ.

අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව විසින් නිකුත් කරන ලද සම්පූර්ණ නිවේදනය මෙසේය

ශී‍්‍ර ලංකාවේ කී‍්‍රඩා අමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් යුතු නියෝජිත කණ්ඩායමක්, ශී‍්‍ර ලංකාවේ ජාතික ඔලිම්පික් කමිටුව, ගිම්හාන ඔලිම්පික් කී‍්‍රඩා පිළිබඳ අන්තර්ජාතික සම්මේලනයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයෝ, ජාතික ඔලිම්පික් කමිටු සංගමයේ නිලධාරීහු සහ ආසියානු ඔලිම්පික් සභාවේ නියෝජිතයෝ අද (27 වැනිදා) ලූසේන්හිදී මුණ ගැසුණහ.

මෙම හමුව පැවැත්වීමට හේතු කාරණාව වූයේ ශී‍්‍ර ලංකාවේ 1973 දී සිට කි‍්‍රයාත්මක වන කී‍්‍රඩා නීතිය සහ රෙගුලාසි මගින් කී‍්‍රඩා සම්මේලන සඳහා බලපාන කරුණු සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් පැවැති ගැටළුකාරී තත්ත්වයන් පිළිබඳ සාකච්ඡුා කිරීමටය. විවෘත ලෙස සාකච්ඡුා කරමින්, වර්ෂ 1970 දශකය දක්වා දිවෙන ඉතිහාසයක් හිමි මෙම ප‍්‍රශ්නය විසඳාගැනීමට කී‍්‍රඩා අමාත්‍යවරයාගේ සුබවාදී මෙන්ම සුහදශීලී ඉදිරිපත්වීම සියලූ දෙනාගේම ප‍්‍රසාදයට හේතු විය.

ශී‍්‍ර ලංකාවේ ජාතික කී‍්‍රඩා සංගම් වල ව්‍යවස්ථා, අදාළ කී‍්‍රඩා සංගම් අනුබද්ධව සිටින අන්තර්ජාතික කී‍්‍රඩා සම්මේලන වල අවශ්‍යතාවන්ට සහ ඒවායේ මූලික හර පද්ධතීන්ට අනුරූප වන පරිදි (විශේෂයෙන්ම ඒවායේ ස්වාධීනත්වය පිළිබඳව) මෙන්ම රටේ පවතින නීතියටද ගලපාගත යුතු ආකාරය සම්බන්ධයෙන් පොදු එක`ගතාවක් ඇතිකර ගැනීම සඳහා මෙම හමුව ඉතා වැදගත් විය.

පහත දැක්වෙන එක`ගතා ඇතිව ඉහත සඳහන් හමුව සාර්ථකව අවසන් විය

  • වර්ෂ 1973 සිට කි‍්‍රයාත්මක වන කී‍්‍රඩා නීතිය මාස නවයක (9) ක කාලයක් අතුළතදි සංශෝධනය කෙරෙනු ඇත. එයින් පැන නැෙ`ගන විශේෂ රෙගුලාසි, ඔලිම්පික් ව්‍යාපාරයේ මූලික හරපද්ධතීන් වලට ගැලපෙන ආකාරයෙන් මාස හයක (6) කාලයක් තුළදී නැවත සකස් කෙරෙනු ඇත. ඒ සම්බන්ධයෙන් නිසි උපදෙස් ලබාගැනීම සඳහා කි‍්‍රයාකාරී කමිටුවක් හැකි ඉක්මනින් ස්ථාපිත කළ යුතුවන අතර එම කමිටුවට කී‍්‍රඩා අමාත්‍යංශයේත්, ජාතික ඔලිම්පික් කමිටුවේ හා ජාතික කී‍්‍රඩා සම්මේලන නියෝජිතයන් මෙන්ම අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවද නියෝජනය කරමින් සාමාජිකයන් පත්විය යුතුය.
  • අන්තර්ජාතික කී‍්‍රඩා සම්මේලන වල තත්ත්වයන්ට මෙන්ම ඔලිම්පික් ව්‍යාපාරයේ මූලික හර පද්ධතීන් වලට ගැලපෙන පරිදි තම ව්‍යවස්ථා නැවත සකස් කෙරෙන බවට සියලූම ජාතික කී‍්‍රඩා සම්මේලන තම තමන්ගේ අන්තර්ජාතික කී‍්‍රඩා සම්මේලන සමග මනා සම්බන්ධීකරණයක් පවත්වා ගත යුතුය. අදාළ අන්තර්ජාතික සම්මේලන වල අධීක්‍ෂණයද ඇතිව, මෙම කි‍්‍රයාදාමය මාස හයක (6) කාලයක් තුළදී නිමා කළ යුතුවන අතර ඒවා එකින් එක වෙන වෙනම ගෙන විමසා බැලීමකින් පසුව, ඒ ඒ කී‍්‍රඩා සම්මේලන සඳහා නැවතත් නිලවරණයක් පැවැත්විය යුතුද නැද්ද යන්න තීරණය කෙරෙනු ඇත.
  • ඔලිම්පික් ප‍්‍රඥප්තියට අනුකූලවීමත්, අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ අවශ්‍යතාවන්ට අනුරූප වීමත් සම්බන්ධයෙන් ජාතික ඔලිම්පික් කමිටුවේ ව්‍යවස්ථාව පිළිබඳව නැවත විමසා බැලිය යුතුය. සකස්කරන ලද කෙටුම්පත පිළිගැනීම සඳහා ජාතික ඔලිම්පික් කමිටුවේ මහ සභා රැුස්වීමකට ඉදිරිපත් කළ යුතුවන අතර නියමාකාරයෙන් එය අනුමත කරනු ලබන්නේ අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව විසිනි. ජාතික ඔලිම්පික් කමිටුවේ නව ව්‍යවස්ථාව පදනම් කරගනිමින් එහි නිලවරණය පැවැත්විය හැකිය. මෙම කි‍්‍රයාදාමය (ජාතික ඔලිම්පික් කමිටු ව්‍යවස්ථාව නැවත සකස් කිරීම සහ එහි නිලවරණය* මාස හයක (6) කාලයක් තුළදී සම්පූර්ණ කළ යුතුය. ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණය නැවත පැවැත්වෙන තුරු ජාතික ඔලිම්පික් කමිටුවේ වත්මන් නිලධාරීන් සිය තනතුරුවල රැුඳී සිටිනු ඇත.

මෙම කි‍්‍රයාදාමය නිසා, ඔලිම්පික් ව්‍යාපාරයේ මෙන්ම ශී‍්‍ර ලංකාවේ පවතින නීතිරීති මාලාවටද අනුකූලව, තම තමන්ගේ පාලන ක‍්‍රමය සහ මෙහෙයුම් පැවැත්වෙන ආකාරය නැවත සකස් කරගැනීමට, ශී‍්‍ර ලංකාවේ ජාතික කී‍්‍රඩා සංගම් වලට කදිම අවස්ථාවක් ලැබෙනු ඇතැයි අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව සහ එහි කොටස්කරුවෝ විශ්වාස කරති. ඊට අමතරව, මෙම කි‍්‍රයාදාමය මගින් ශී‍්‍ර ලංකාවේ රාජ්‍ය බලධාරීන් සහ ඔලිම්පික් ව්‍යාපාරය අතර සාමකාමී සංහිඳියාවක් මෙන්ම ප‍්‍රතිඵලදායක සහයෝගීතාවක් ඇති කිරීමේ වාතාවරණයත් ඒ ඒ පාර්ශ්වයන්හි ස්වාධීනත්වය, අධිකරණ බලය සහ වගකීම් සඳහා නිසි ගෞරවයත් ලැබෙනු ඇත.


අදහස් (0)

කී‍්‍රඩා නීතිය සංශෝධනය කරන්න එකග වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.