Last Update  :  2025-03-31 21:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Badminton තමිඳු - තුරුල්‍යා 15 න් පහළ ශූරතා දිනති

තමිඳු - තුරුල්‍යා 15 න් පහළ ශූරතා දිනති

editorial - 2025 මාර් මස 12 16 Views 0 Comment
A A A

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය බැඩ්මින්ටන් කණ්ඩායමේ සංවිධායකත්වයෙන් වෙළෙඳ සේවා බැඩ්මින්ටන් සංගම් ක්‍රීඩාංගණයේදී පැවැති ‘ස්මෑෂස්-2025’ බැඩ්මින්ටන් තරගාවලියේ වයස 15 න් පහළ බාලක සහ බාලිකා ශූරතා දිනාගැනීමට තමිඳු ප්‍රනාන්දු සහ තරුල්‍යා පීරිස් සමත් වූහ. 

වයස අවුරුදු 9 න් පහළ, 11 න් පහළ සහ 13 න් පහළ යන වයස් කාණ්ඩ යටතේද මෙම තරගාවලියේදී තරග පැවැති අතර යෙනුල් දුල්සෙන් සහ යෙනුමි සෙතින්කා වයස 11 න් පහළ වයස් කාණ්ඩයේද, හිරුත් ප්‍රනාන්දු සහ සනුමි මෙත්නාරා 15 න් පහළ වයස් කාණ්ඩයේද දක්ෂත ක්‍රීඩක ක්‍රීඩිකාවන් බවට පත් වූහ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ක්‍රීඩා අධ්‍යක්ෂිකා නිෂාන්ති විදානගේ සහ බැට්මින්ටන් උපදේශක නයෝමි කරුණාරත්න යන මහත්මියන්ගේ මෙන්ම ශාරීරික අධ්‍යාපන ඒකකයේද මග පෙන්වීම යටතේ පිරිමි සහ කාන්තා බැඩ්මින්ටන් නායක නායිකාවන් සහ උප නායක උප නායිකාවන් වන රිවි පරණහේවා, ටිතිර වීරසිංහ, ජනනුවනි අමන්දා සහ අසේනි වර්ෂා හිටපු බැඩ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහයෝගයද ඇතිව තරගාවලියේ සංවිධාන කටයුතු මෙහෙයවූහ. 

තරගාවලිය සඳහා දිවයින පුරා යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1000 ක් පමණ සහභාගි වූ අතර එහි ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ප්‍රදීප් ජයවීර මහතා සහභාගි විය. කැප්ටන් ස්පෝට්ස්, ඒ.වී.අයි., පර්ල් බේබි, මැක්ලරන්ස්, ෆොන්ටෙරා, ටෙලිකොම්, සී.එස්. ස්පෝට්ස් සහ මරීනා යන සමාගම් සහ ආයතන තරගාවලියේ අනුග්‍රාහකයන් ලෙස කටයුතු කළේය. 


අදහස් (0)

තමිඳු - තුරුල්‍යා 15 න් පහළ ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.