Last Update  :  2025-04-10 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Badminton දූෂණයෙන් තොර ක‍්‍රීඩා අමාත්‍යාංශයක්

දූෂණයෙන් තොර ක‍්‍රීඩා අමාත්‍යාංශයක්

ශනුක අරවින්ද - 2015 අප්‍රේ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ක‍්‍රිකට් පාලක මණ්ඩලයේ සිදුවූ දූෂණ හා අක‍්‍රමිකතා සෙවීමට මේ සතියේ දී කමිටුවක් පත් කරන බවත් ඒ සදහා පියවර මෙම් වනවිටත් ගෙන ඇති බවත් සංචාරක  හා ක‍්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවසීය.

නිම්බස් ගනුදෙනුව ( ශ්‍රී ලංකා කි‍්‍රකට් තරග විකාශය) තරග පාවාදීම් පිළිබදව (ශ්‍රී ලංකාවෙ පැවැති ආසියානු කුසලාන තරගාවලිය) කාන්තා ක‍්‍රිකට් කණ්ඩායමේ ලිංගික අල්ලස් සිදුවීම හා කි‍්‍රකට් ආයතනයේ මුදල් අවභාවිතය පිළිබද කරුණු සෙවීමට මෙම කමිටුව පත් කරන බව අමාත්‍යවරයා සදහන් කළේය.

කී‍්‍රඩා සංචාරක අමාත්‍යාංශයේ සිදුවූ බව කියන මූල්‍ය අක‍්‍රමිකතා පිළිබ`දව සොයා බැලීමට පත් කළ කමිටුවේ වාර්තාව මාධ්‍යයට පිළිගැන්වීමේ අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

”දූෂණයෙන් තොර ක‍්‍රීඩා අමාත්‍යාංශයක් තමයි මගේ බලාපොරොත්තුව. මට විරුද්ධව යම් යම් පෙළ ගැසීමි සිදුවෙනවා. ඒවාට මම මුහුණ දෙන්නම්. මම බය නෑ. මම කිව්වා කි‍්‍රකට් වල රග්බි වල මාෆියාව මම අයින් කරනවා කියලා. අපෙත් අඩුපාඩු තියෙනවානම් අපිට පෙන්වා දෙන්න ඒවා හදාගන්න කැමතියි.” යැයි අමාත්‍යවරයා සදහන් කළේය.  

අමාත්‍යාංශයේ සිදුවූ බව කියන අක‍්‍රමිකතා පිළිබදව සකස් කළ වාර්තාවේ කරුණු 18 ක් ඇතුළත් වූ අතර සුගතදාස ධාවන පථයේ ඉදි කිරීම, කි‍්‍රකට් තරග විකාශන අයිතිය සී. එස්. එන්. නාලිකාවට පැවරීම, පාපන්දු සම්මේලනයේ දූෂණ හා අක‍්‍රමිකතා , මේස පන්දු සංගමයේ දූෂණ හා අක‍්‍රමිකතා, කී‍්‍රඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප‍්‍රාග්ධන වියදම්, ජාතික කී‍්‍රඩා සංගම් සදහා මූල්‍ය ප‍්‍රතිපාදන ලබාදීම වැනි අක‍්‍රමිකතා පිළිබද මෙහිදී අනාවරණය කර තිබුණි.

”මට කිසි දෙයක් හංගන්න  ඕනෙ නෑ. මේක කළේ විනිවිදභාවයකින්. මම මේක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදෙනවා. අපරාධ නීතිය යටතේ ක‍්‍රියාත්මක වීමට කරුණු තියෙනවා නම් එ්වාට පියවර ගැනීමට මම ඉල්ලීමක් කරනවා. මේක නීතිපති දෙපාර්තමේන්තුවට හා මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයට ලබා දෙනවා. මෙතන දේශපාලනීකරණයක් නෙවෙයි වෙන්නේ සියලූ ආයතන වලින් බැගෑපත්ව ඉල්ලනවා මේ ගැන පරීක්ෂණයක් කරන්න කියලා. කවුරුත් දඩමීමා කරගන්න  ඕනෙ නෑ. අමාත්‍යංශ මට්ටමින් කළ හැකි පරීක්ෂණ අපි කරනවා.” යැයි අමාත්‍යවරයා සදහන් කළේය.  

අතුරු කමිටුව පත්කිරීම හා ඒ ආශි‍්‍රත වර්තමාව තත්ත්වය පිළිබදවද අමාත්‍යවරයා පැහැදිලි කිරීමක් කළේය.

”අතුරු කමිටු පත් කිරීමට මට බලය තියෙනවා. ජාත්‍යන්තර ක‍්‍රිකට් සභාවේ රෙගුලාසි හා අපේ නීතියේ පරස්පරතා පිළිබද විශාල ගැටළුකාරී තත්ත්වයක් තියෙනවා. මේ වෙනස අඩු කරගන්න අවශ්‍යයි. මෙතන වැරැදි එ්ත්තු ගැන්වීමක් කරලා තියෙනවා. මම ඒක පැහැදිලිකර දුන්නා.

අයි. සී. සී. ලියුම මට ලැබිලා තියෙනවා. එ් ලිපියට හොද පිළිතුරක් සකස් කරලා මේ සතියේදී ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. දැනටමත් අයි. සී. සී. ය අපේ කී‍්‍රඩකයින්ට ගෙවිය යුතු මුදල (ඩොලර් ලක්ෂ තුනක්) අපට ගෙවන්න එකඟ වෙලා තියෙනවා. ඒ වගේම අයි. සී. සී. ය කැමතියි අනෙකුත් මුදලූත් ක‍්‍රමවේදයක් අනුව ලබා දේන්න. ඒ අය අතුරුකමිටු වලට කැමැති නෑ. නමුත් ඒ අයගේ ව්‍යවස්ථාවේ කියල නෑ අතුරු කමිටු පත් කරන්න එපා කියලත්.

සමහර කට්ටිය ඉස්සෙල්ලම කිව්වානේ සල්ලි නැවැත්තුවා කියලා. දැන් අයි. සී. සී. ය මුදල් ගෙවන්න එකඟ වෙලා තියෙනවා. අපි අවුරුදු 35 ක් අයි. සී. සී. යේ පූර්ණ සාමාජිකයන් අපි බලවත් ක‍්‍රිකට් ජාතියක්. අපට එහෙම සලකන්න බෑ. අපිට තියෙන අයිතිය අපි භාවිත කරනවා. මේක සුහදව අයි. සී. සී. යත් එක්ක කතා කරනවා.

අපිව සාමාජිකත්වයෙන් ඉවත් කරන්න කිසිම බලාපොරොත්තුවක් ඔවුන්ට නෑ. කියන තරම් යකා කළු නෑ. මට එව්ව ලියුමේ කිසිම ආකාරයක සටන්කාමී ලෙස වචන භාවිත කරල නෑ. මේ පත්කළ අතුරුපාලක කමිටුව ඉතාම හො`ද කමිටුවක්. මේකෙන් සමහර අය අප්සට් වෙනවානම් ඒ අයගේ න්‍යාය පත‍්‍රයට මම යන්නේ නැත්නම් මට කරන්න දෙයක් නෑ.

හැම දෙයක්ම ඍණාත්මකව බලන්න  ඕනෙ නෑ. නිශාන්ත රණතුංග මහත්මයාත් සමග කිසිම පෞද්ගලික ප‍්‍රශ්නයක් නෑ. ඇමැති වශයෙන් මම ක‍්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති එක්ක කටයුතු කිරීමට බැදී සිටිනවා. ක‍්‍රිකට් පාලක මණ්ඩලය කී‍්‍රඩකයින්ට අනවශ්‍ය පාට් දාන්න අවශ්‍ය නෑ. ක‍්‍රිකට් කී‍්‍රඩනයින් හා පාලකයින් අතර හොද සබදතාවක් තිබිය යුතුයි. අපි අයි. සී. සී.යේ  ව්‍යවස්ථාවට ගරු කරන අතර අයි. සී. සී.ය සාමාජික රටවල ව්‍යවස්ථාවට ගරු කළ යුතුයි. පසුගිය ලෝක කුසලානයේ තේරීම් සම්බන්ධයෙන් ප‍්‍රශ්න මතුවුණා. මට  ඕන මේක හරියට කරන්න. කනිෂ්ඨ කි‍්‍රකට් තේරීම් ගැන විශාල ප‍්‍රශ්න මතුවෙලා තියෙනවා.

එකක් පැහැදිලිව කියන්න  ඕනෙ එක් පුද්ගලයෙක් හො දෙදෙනෙකු උඩ කි‍්‍රකට් පාලක මණ්ඩලය දුවන්නේ නෑ. මේක කණ්ඩායම් වැඩක්. වන් මෑන් ෂෝ හැමතැනම දාලා මෙතන වුණේ කඩා වැටීමක්. රජය පැත්තෙන් වුණත් වන් මෑන් ෂෝ වන් ෆැමිලි ෂෝ ගිහිල්ලා කඩා වැටුණා. පවුල් වලට මම කි‍්‍රකට් පාලක මණ්ඩලය බාර දෙන්නේ නෑ. අන්තිමට 147 (ඡන්ද දායකයන්) ශ්‍රී ලංකා කි‍්‍රකට් අනාගතය තීරණය කරනවා.

”මම දන්නවා සමහර සමිතිවල හොද නිලධාරීන් ඉන්නවා. ඒ අයට අවුරුදු හතරට වඩා ඉන්න දෙන්න  ඕනෙ. ලේකම් ලෙස කටයුතු කළ අයට සභාපති ලෙස ඉදිරියට යන්න  ඕන කියන අදහසේ  මම ඉන්නවා.”  යැයි අමාත්‍යවරයා තව දුරටත් පැවසීය.

මෙම අවස්ථාව සදහා අක‍්‍රමිකතා සෙවීමට පත්කළ කමිටුවේ සාමාජිකයෝද සහභාගී වූහ.

 

 


අදහස් (0)

දූෂණයෙන් තොර ක‍්‍රීඩා අමාත්‍යාංශයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.