Last Update  :  2024-09-16 17:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Badminton නෙත්තසිංහ අ. අ. පූර්ව වටයට
2024 ඔලිම්පික් උළෙල

නෙත්තසිංහ අ. අ. පූර්ව වටයට

editorial - 2024 ජුලි මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නව්ෂාඞ් අමිත්)

උතුරු මරියානා දිවයිනේ, සායිපෑන් නුවරදී පැවැත්වෙන ක්‍රවුන් ප්ලාසා විවෘත බැඞ්මින්ටන් ශූරතාවලියේ අර්ධ අවසන් පූර්ව වටය දක්වා පැමිණීමට විරේන් නෙත්තසිංහ සමත් වී තිබේ. අර්ධ අවසන් පූර්ව වටයයේදී මලයාසියාවේ ජස්ටින් හෝ සමගින් නෙත්තසිංහ තරග වැදීමට නියමිතය. 

උතුරු මරියානා දිවයින, පිලිපීනයට නැගෙණහිරින් පිහිටි කුඩා දූපත් රාජ්‍යයකි. 

2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා නිශ්චිත පරිසාධන ලකුණු සංඛ්‍යාව මත සුදුසුකම් ලබාගත් පළමු වැනි ශ්‍රී ලාංකිකයා වන්නේ ද නෙත්තසිංහය. බැඞ්මින්ටන් ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීම අනුව නෙත්තසිංහ, මේ වන විට ලෝකයේ 75 වැනි ස්ථානය හිමිකරගෙන සිටී. මෙම තරගාවලියට ක්‍රීඩා කරන ක්‍රීඩකයන් අතර ඉහළම ශ්‍රේණිගත ක්‍රීඩකයා වන්නේත් නෙත්තසිංහය. 

නෙත්තසිංහ 16 දෙනාගේ වටය දක්වා පැමිණීමේදී එක එල්ලේම ජයග්‍රහණ ලබාගත්තේය. 16 දෙනාගේ වටයේදී ජපාන ක්‍රීඩක ෆුජිවාරා පරාජය කළ නෙත්තසිංහ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය. 
මෙම තරගාවලිය සෙනසුරාදා (6 වැනිදා) නිමාවට පත්වේ. 

මෙම තරගාවලිය නිමාවීමෙන් පසුව, ජූලි මස 9 වැනිදා සිට 13 වැනිදා දක්වා උතුරු මරියානා දිවයිනේ, සායිපෑන් නුවරදීම පැවැත්වෙන සායිපෑන් අන්තර්ජාතික විවෘත බැඞ්මින්ටන් තරගාවලියටත් නෙත්තසිංහ සහභාගි වෙයි. 
ඔලිම්පික් තරගාවලියට පෙර නෙත්තසිංහ සහභාගි වන අවසන් තරගාවලිය වන්නේ ද සායිපෑන් අන්තර්ජාතික විවෘත බැඞ්මින්ටන් තරගාවලියයි. 

ලෝක බැඞ්මින්ටන් සම්මේලනයේ පූර්ණ අනුමැතිය මත පැවැත්වෙන මෙම තරගාවලියක ජයග්‍රාහකයන් වෙනුවෙන් ඩොලර් 15,000 ක් වෙන්කර තිබේ. උතුරු මරියානා දිවයිනේ බැඞ්මින්ටන් සංගමය තරගාවලිය සංවිධානය කරයි. 


අදහස් (0)

නෙත්තසිංහ අ. අ. පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.