Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ප්‍රංශයට අයත් රියුනියන් රාජ්‍යයේ සාන්ත ඩෙනිස් නුවරදී පැවැත්වෙන ‘සාන්ත ඩෙනිස් රියුනියන්’ ජාත්‍යන්තර විවෘත බැඞ්මින්ටන් ශූරතාවලියේ කාන්තා කේවල අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා ජාතික බැඞ්මින්ටන් ශූරී රනිත්මා ලියනගේ සමත් වූවාය.
පළමු වටයේදී මැඩගස්කර් ක්‍රීඩිකා ලාලිසියා රසෝලොනොයිලිනාට එරෙහිව වට 2-0 ක ජයක් ලැබූ රනිත්මා, දෙවැනි වටයේදී රියුනියන් රාජ්‍යයේ එමානුවෙලි ආමෙටිට එරෙහිව වට 2-0 ක ජයක් වාර්තා කරමින් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසියාය.
තවමත් 17 වැනි වියේ පසුවන රනිත්මා ලෝක කාන්තා බැඞ්මින්ටන් ශ්‍රේණිගතකිරීම්හි 183 වැනි ස්ථානයේ පසුවන්නීය. අර්ධ අවසන් පූර්ව වටයේදී ඇය ඉන්දියාවේ ටස්මින් මීර්ට හෝ බෙල්ජියමේ ක්ලාරා ලසවුස්ක්ට එරෙහිව තරග බිමට පිවිසීමට නියමිතය.
ලෝක බැඞ්මින්ටන් සම්මේලනයේ වාර්ෂික තරග කැලැන්ඩරයේ ප්‍රමුඛතම තරගාවලියක් වන මෙම තරගාවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට අමෙරිකානු ඩොලර් විසි පන්දහසක මුදල් ත්‍යාග පිරිනැමෙන අතර ලෝක බැඞ්මින්ටන් ශ්‍රේණිගත කිරිම්වල පළමු 50 දෙනා අතර සිටින විශිෂ්ටතම ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රැසක් මෙම තරගාවලියට එක්ව සිටිති.
තරග ප්‍රතිඵල
පළමු වටය
රනිත්මා ලියනගේ විසින් වට 2-0 ක් ලෙස ලාලිසියා රසෝලොනොයිලිනා (මැඩගස්කරය) පරාජය කරන ලදි. (21/3, 21/5)
දෙවැනි වටය
රනිත්මා ලියනගේ විසින් වට 2-0 ක් ලෙස එමානුවෙලි ආමෙටි (රියුනියන් රාජ්‍යය) පරාජය කරන ලදි. (21/4, 21/6)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.