Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව badminton_inner ඇල්ජීරියාව - නෝර්වේ පරදා ශ්‍රී ලංකාව ඉදිරියට

ඇල්ජීරියාව - නෝර්වේ පරදා ශ්‍රී ලංකාව ඉදිරියට

සංජය එරමුදුගොඩ - 2016 නොවැ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ස්පාඤ්ඤයේ බිල්බාවෝ නුවරදී පැවැත්වෙන ලෝක කනිෂ්ඨ කණ්ඩායම් බැඞ්මින්ටන් ශූරතාවලියේදී නෝර්වේට එරෙහිව අද (4 වැනිදා) පැවැති තීරණාත්මක තරගයෙන් තරග වට 3-2 ක් ලෙස ජය ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

මෙම තරගයේදී ජය ගැනීම හේතුවෙන් ලංකා කණ්ඩායම ඊළග වටයේදී ලිතුවේනියාවට එරෙහිව තරග වැදීමට සුදුසුකම් ලබාගත්තේය. එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 8 ට ආරම්භ වීමට නියමිතය.

මූලික වටයේ තරගයදී තරග 5-0 ක් ලෙසින් ඇල්ජීරියාව පරාජය කළ ශ්‍රී ලංකාව ඊළඟ වටයේදී නෝර්වේ පිල සමග තරග වැදීමට සුදුසුකම් ලබාගත්තේය. තරගාවලියේ ‘එෆ්’ 2 කාණ්ඩය යටතේ මූලික වටයට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම එහිදී කොරියාව සහ ස්වීඩනය හමුවේ පරාජයට පත්විය.

මෙම තරගාවලියේ සම්පූර්ණ කණ්ඩායම් තරගයක් සඳහා බාලක කේවල, බාලිකා කේවල, බාලක යුගළ, බාලිකා යුගළ සහ මිශ්‍ර යුගළ තරගය බැගින් ඇතුළත් වෙයි. එහිදී බාලක කේවල, බාලක යුගළ සහ මිශ්‍ර යුගළ තරග ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

මෙම තරගාවලියට කණ්ඩායම් 54 ක් සහභාගි වී සිටින අතර ශ්‍රී ලංකාව මේ වන විට එහි 33 වැනි ස්ථානයත්, 40 වැනි ස්ථානයක් අතර ස්ථානයක් අත්කරගැනීම සඳහා තරග වදිමින් සිටියි. ලිතුවේනියාවට එරෙහිව පැවැත්වෙන තරගයේ ප්‍රතිඵලය අනුව මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවන ස්ථානය තීරණය වනු ඇත.


කණ්ඩායම් තරග ප්‍රතිඵල

 

ශ්‍රී ලංකාව විසින් තරග 3-2 ක් ලෙස නොර්වේ පරාජය කරන ලදි.

■    බාලක කේවල තරගයේදී මාර්කස් බර්ත් විසින් තරග වට 2-0 ක් ලෙස මධුක දුලංජන පරාජය කරන ලදි. (22/20, 21/11)
■    බාලිකා කේවල තරගයේදී බුත්මි ගලගමගේ විසින් තරග වට 2-0 ක් ලෙස එමිලී සොට්නස් පරාජය කරන ලදි. (21/11, 21/12)
■    බාලක යුගළ තරගයේදී මැඞ්ස් මරුම් සහ මැටියාස් සූ විසින් තරග වට 2-0 ක් ලෙස කසුන් අමරසේන සහ උමුදු ලියනගේ පරාජය කරන ලදහ. (22/20, 21/16)
■    බාලිකා යුගළ තරගයේදී බුත්මි ගලගමගේ සහ නයනතාරා ටෙෂානි විසින් තරග වට 2-0 ක් ලෙස එමිලී ෆාරුප් සහ එමිලී සොට්නස් පරාජය කරන ලදහ. (21/08, 21/14)
■    මිශ්‍ර යුගළ තරගයේදී රන්තුෂ්ක සසිඳු සහ නයනතාරා ටෙෂානි විසින් තරග වට 2-0 ක් ලෙස හර්මන් ඉම්සෙට් සහ මාරී ක්‍රිස්ටෙන්සන් පරාජය කරන ලදහ. (21/15, 21/19)


ශ්‍රී ලංකාව විසින් තරග 5-0 ක් ලෙස ඇල්ජීරියාව පරාජය කරන ලදි.

■    බාලක කේවල තරගයේදී රන්තුෂ්ක සසිඳු විසින් තරග වට 2-1 ක් ලෙස යසින් බෙල්හුවානේ පරාජය කරන ලදි. (17/21, 22/20, 21/11)
■    බාලිකා කේවල තරගයේදී බුත්මි ගලගමගේ විසින් හල්ලා බොවුක්සානි තරග වට 2-0 ක් ලෙස පරාජය කරන ලදි. (21/14, 21/18)
■    බාලක යුගල තරගයේදී කසුන් අමරසේන සහ උමිඳු ලියනගේ විසින් තරග වට 2-0 ක් ලෙස යසින් බෙල්හුවානේ සහ සැමී කාල්ඩි පරාජය කරන ලදහ. (21/13, 21/10)
■    බාලිකා යුගල තරගයේදී -බුත්මි ගලගමගේ සහ නයනතාරා ටෙෂානි විසින් තරග වට 2-0 ක් ලෙස සිරින් ඊබ්‍රහීම් සහ ලින්ඩා මාස්රි පරාජය කරන ලදහ. (21/18, 21/08)
■    මිශ්‍ර යුගල තරගයේදී -මධුක දුලංජන සහ කවිෂ්කා ගුණරත්න විසින් තරග වට 2-0 ක් ලෙස සැමී කාල්ඩි සහ සිරින් ඊබ්‍රහීම් පරාජය කරන ලදහ. (21/19, 21/15)

 


අදහස් (0)

ඇල්ජීරියාව - නෝර්වේ පරදා ශ්‍රී ලංකාව ඉදිරියට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.