Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව badminton_inner ඉන්දියානුවෝ අවසන් මහා තරග 3 කට එති

ඉන්දියානුවෝ අවසන් මහා තරග 3 කට එති

සංජය එරමුදුගොඩ - 2015 ජුනි මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

යොනෙක්ස් - සන්රයිස් ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ බැඞ්මින්ටන් තරගාවලියේ පිරිමි කේවල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට ඉන්දියානු කී‍්‍රඩකයන් දෙදෙනෙක් වන සායි ප‍්‍රනීත් සහ සමීර් වර්මා සමත් වූහ.

අද (5 වැනිදා) පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී වට 2-1 ක් ලෙස මැලේසියාවේ චුන් ශේංග් ටන් පරාජය කරමින් සායි ප‍්‍රනීත් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් අතර සමීර් වර්මා ඊට සුදුසුකම් ලබාගත්තේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී වට 2-0 ක් ලෙස මැලේසියාවේ ටෙක් සී සූ පරාජය කරමිනි.

තරගාවලියේ කාන්තා කේවල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට ස්විට්සර්ලන්තයේ සබි‍්‍රනා ජැක් සහ තායිලන්තයේ සුපනීඩා කෙට්තොංග් යන කී‍්‍රඩිකාවෝ සමත් වූහ.

පළමු අවසන් පූර්ව තරගයේදී වට 2-1 ක් ලෙස ප‍්‍රංශයේ ඩෙල්ෆයින් ලන්සැක් පරාජය කරමින් සබි‍්‍රනා ජැක් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් අතර දෙවැනි අවසන් පූර්ව තරගයේදී වට 2-1 ක් ලෙස තායිලන්තයේ තමෝල්වන් පූප‍්‍රඩුබ්සිල් පරාජය කරමින් සුපනීඩා කෙට්තොංග් ඊට සුදුසුකම් ලබාගත්තාය.

මෙහි සියලූම අවසන් මහ තරග හෙට (6 වැනිදා) පස්වරු 2.00 සිට කොළඹ සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.


පිරිමි කේවල අවසන් පූර්ව වටයේ තරග ප‍්‍රතිඵල

  • සායි ප‍්‍රනීත් (ඉන්දියාව) විසින් තරග වට 2-1 ක් ලෙස චුන් ශේංග් ටන් (මැලේසියාව) පරාජය කරන ලදි. (21/15, 18/21, 21/19)
  • සමීර් වර්මා (ඉන්දියාව) විසින් තරග වට 2-0 ක් ලෙස ටෙක් සී සූ (මැලේසියාව) පරාජය කරන ලදි. (21/15, 21/9)


පිරිමි යුගල අවසන් පූර්ව වටයේ තරග ප‍්‍රතිඵල

  • කියේන් කියේට් කෝ සහ බූන් හියෝං ටන් (මැලේසියාව) විසින් තරග වට 2-0 ක් ලෙස පීටර් ගේබ්රියෙල් සහ පෝල් ජෙෆර්සන් (පිලිපීනය) පරාජය කරන ලදි. (21/17, 21/11)
  • කා මිංග් චෝයි සහ යාවෝ හන්  ඕව් (මැලේසියාව) විසින් තරග වට 2-0 ක් ලෙස කි‍්‍රස්ටියන් බර්නාඩෝ සහ ඇල්වින් මොරාඩා (පිලිපීනය) පරාජය කරන ලදි. (21/13, 21/10)


කාන්තා කේවල අවසන් පූර්ව වටයේ තරග ප‍්‍රතිඵල

  • සබි‍්‍රනා ජැක් (ස්විට්සර්ලන්තය) විසින් තරග වට 2-1 ක් ලෙස ඩෙල්ෆයින් ලන්සැක් (ප‍්‍රංශය) පරාජය කරන ලදහ. (14/21, 21/19, 21/15)
  • සුපනීඩා කෙට්තොංග් (තායිලන්තය) විසින් තරග වට 2-1 ක් ලෙස තමෝල්වන් පූප‍්‍රඩුබ්සිල් (තායිලන්තය) පරාජය කරන ලදහ. (21/23, 21/16, 21/16)

 
කාන්තා යුගල අවසන් පූර්ව වටයේ තරග ප‍්‍රතිඵල

  • චලඞ්චලම් චයනිත් සහ ෆාතිමාස් මුයෙන්වෝං (තායිලන්තය) විසින් තරග වට 2-0 ක් ලෙස අපර්ණා බාලන් සහ ප‍්‍රජක්තා සාවන්ත් (ඉන්දියාව) පරාජය කරන ලදහ. (21/18, 21/19)
  • ප‍්‍රාඞ්න්‍යා ගාඞී‍්‍ර සහ සික්කි රෙඞ්ඩි (ඉන්දියාව) විසින් තරග වට 2-0 ක් ලෙස කිලාසු ඔස්ටර්මෙයර් සහ නට්චා සියෑංග්චෝට් (තායිලන්තය) පරාජය කරන ලදහ.(21/18, 21/9)


මිශ‍්‍ර යුගල අවසන් පූර්ව වටයේ තරග ප‍්‍රතිඵල

  • රොබින් මිඞ්ලෙටන් සහ ලියෑන් චෝ ( ඕස්ටේ‍්‍රලියාව) විසින් තරග වට 2-1 ක් ලෙස රොනන් ලේබර් සහ එමිලි ලෙෆල් (ප‍්‍රංශය) පරාජය කරන ලදහ. (21/12, 12/21, 24/22)
  • අරුන් විෂ්ණු සහ අපර්ණා බාලන් (ඉන්දියාව) විසින් තරග වට 2-0 ක් ලෙස ඉන්ද්‍රා මාවන් (මැලේසියාව) සහ ප‍්‍රජක්තා සාවන්ත් (ඉන්දියාව) පරාජය කරන ලදහ. (21/19, 21/12)

අදහස් (0)

ඉන්දියානුවෝ අවසන් මහා තරග 3 කට එති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.