Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව badminton_inner තරග අයැදුම්පත අදිසි කතුරකට කැපෙයි

තරග අයැදුම්පත අදිසි කතුරකට කැපෙයි

සංජය එරමුදුගොඩ - 2017 මැයි මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බස්නාහිර පළාත් ක්‍රීඩා උළෙලේ බැඩ්මින්ටන් තරග සඳහා දිවයිනේ ප්‍රධාන පෙළේ බාලිකා පාසලකින් ඉදිරිපත් කරන ලද අයැදුම් පත්‍රයක් අත්තනෝමතික ලෙස වෙනස් කිරීමට එම විදුහලේම බැඩ්මින්ටන් ක්‍රීඩාව භාර ආචාර්යවරියක් කටයුතු කර ඇතැයි කියන සිද්ධියක් ‘ලංකාදිප’ යට වාර්තා වේ.

උක්ත අයැදුම් පත්‍රයට විදුහලේ විදුහල්පතිනිය සහ ක්‍රීඩා භාර ආචාර්යවරිය අත්සන් තැබූ පසු මෙම ගුරුවරිය අයැදුම් පත්‍රය වෙනස් කර ඇති බවද, එහිදී කණ්ඩායමේ සිටිය යුතු ක්‍රීඩිකාවන් දෙදෙනෙකුගේ නම් ඉවත්කර ඒ වෙනුවට වෙනත් ක්‍රීඩිකාවන් දෙදෙනෙකු ඊට ඇතුළත් කිරීමට ඇය පියවර ගෙන ඇතැයිද ඇයට චෝදනා නැගී තිබේ.

මෙම තරගාවලිය සඳහා එක් පාසලකින් ඉදිරිපත් කළ හැකි උපරිම ක්‍රීඩිකාවන් සංඛ්‍යාව 7 ක් වුවත්, ක්‍රීඩිකාවන් 8 දෙනෙකුගේ නම් අයැදුම් පත්‍රයේ සඳහන් කිරීමටද ඇය පියවර ගෙන ඇති බව දැනගන්නට ලැබේ. අයැදුම් පත්‍රයේ තිබූ නම් ඉවත්කර ඊට අලුතින් ඇතුලත් කර ඇතැයි කියන ක්‍රීඩිකවන් දෙදෙනා මාස 8 වැඩි කාලයක් පුහුණුවීම් සඳහාද සහභාගි නොවූ බව කියන ක්‍රීඩිකාවන් දෙදෙනෙක් බවද දැනගන්ට ලැබේ.

මෙකී බැඞ්මින්ටන් ක්‍රීඩාව භාර ගුරුවරියගේ මෙම ක්‍රියා කළාපයට විරෝධය දක්වමින් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා (ක්‍රීඩා) වෙත ලිපියක් යොමු කිරීමට අයැදුම් පත්‍රයෙන් නම් ඉවත්කරන ලද ක්‍රීඩිකාවන්ගේ දෙමාපියන් කටයතු කර තිබෙන අතර ඒ සම්බන්ධයෙන් අධ්‍යක්ෂවරයා විදුහලේ බැඞ්මින්ටන් පුහුණුකරුගෙන් කළ විමසීමකදී ඔහුද ලිපියක් මගින් එය සනාථ කර ඇතැයි වැඩිදුරටත් දැගන්නට ඇත.

දෙමාපියන්ගේ සහ පුහුණුකරුගේ ලිපිවල අන්තර්ගත කරුණු සම්බන්ධයෙන් අධ්‍යනය කිරීමෙන් අනතුරුව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා (ක්‍රීඩා) අදාල අයැදුම් පත නැවත සකස්කර තමා වෙත ලබා දෙන ලෙසත්, ඒ සඳහා ක්‍රීඩිකාවන් තෝරා ගැනීම සඳහා තේරීම් තරගාවලියක් පවත්වන ලෙසත් අදාල බාලිකා විදුහලේ විදුහල්පතිනියට දන්වා යවා තිබේ.

තමා විදුහලේ පැරණිම ගුරුවරියක් බව පවසමින්, විදුහල්පතිනියගේ අණටද අවනත නොවෙමින් කටයුතු කරන බව කියන ඇය, මින් පෙර අවස්ථා කිහිපයකදීද මෙවැනිම චෝදනා කිහිපයක් ලබා තිබෙන බව තතු දන්නෝ පවසති.

ක්‍රීඩාවට අදාල පැමිණීමේ ලේඛන වෙනස් කරමින් ප්‍රමාණවත් සුදුසුකම් නැති ක්‍රීඩිකාවන් පාසල නියෝජනය කිරීම සඳහා තෝරා ගැනීම, ඇතැම් ක්‍රීඩිකාවන් සහභාගි නොවූ තරග සඳහාද ඔවුන්ට ඒ වෙනුවෙන් සහතික පත් සකසා දීම, විවිධ තරගාවලි සඳහා ක්‍රීඩිකාවන් තෝරාගැනීමේදී ක්‍රීඩාවේ නීති රීතිද වෙනස් කරමින් සිය හිතවතුන්ගේ දරුවන් ඒ සඳහා තෝරා ගැනීම, පාසල විසින් සකස්කරන ලද ලේඛන විදුහල්පතිනිය අත්සන් යෙදු පසු වෙනස් කිරීම, ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් පාසල තුළ පුහුණුවීම් සඳහා යොදා නොගැනීම වැනි චෝදනා ගණනාවක්ද ඇයට එරෙහිව ඉදිරිපත් වී තිබේ.

 


අදහස් (0)

තරග අයැදුම්පත අදිසි කතුරකට කැපෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.