Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව badminton_inner දිනුක අ. අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගනී

දිනුක අ. අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගනී

සංජය එරමුදුගොඩ - 2014 ජුනි මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ‍්‍රී ලංකාවේ පැවැත්වෙන පළමු ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ (IV කාණ්ඩයේ) බැඞ්මින්ටන් තරගාවලිය වන යොනෙක්ස් සන්රයිස් බැඞ්මින්ටන් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා කී‍්‍රඩක දිනුක කරුණාරත්න අද (6 වැනිදා) සමත්විය. ඒ අනුව ඔහු හෙට (7 වැනිදා) පැවැත්වෙන අර්ධ අවසන් පූර්ව වටයේ තෙවැනි තරගයේදී ඉන්දීය කී‍්‍රඩක ආදිත්‍ය ප‍්‍රකාෂ් සමග තරග වැදීමට නියමිතය.

අද පැවති පිරිමි කේවල දෙවැනි වටයේ තරගයකදී තරග වට 2-1 ක් ලෙස ඉන්දීය කී‍්‍රඩක අභිෂේක් යෙලේගර් පරාජය කරමින් දිනූක කරුණාරත්න පෙර අර්ධ අවසන් පූර්ව වටයට පැමිණි අතර එහිදී තවත් ඉන්දීය කී‍්‍රඩකයකු වන සමීර් වර්මා තරග වට 2-1 ක් ලෙස පරාජය කරමින් ඔහු අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.

ශ්‍රී ලංකා කණ්ඩායම් නායක නිලූක කරුණාරත්න, තරග වට 2-0 ක් ලෙස පිලිපීන කී‍්‍රඩක රබී ජේසන් පරාජය කරමින් පෙර අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත් නමුත්, එහිදී ඉන්දීය කී‍්‍රඩක එච්. එස්. ප‍්‍රනෝයි හමුවේ තරග වට 2-1 ක නොසිතූ පරාජයක් ලැබීම නිසා ඔහුට අර්ධ අවසන් පූර්ව වටයට පිවිසිමේ බලාපොරොත්තු අත්හැර දැමීමට සිදුවිය.  

ප‍්‍රධාන පෙලේ ඉන්දීය බැඞ්මින්ටන් කී‍්‍රඩකයකු වන අරවින්ද් භාත් සහ කසුන් මධුසංඛ අතර පැවැත්වීමට නියමිතව තිබූ පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරගයට අරවින්ද් භාත් නොපැමිණීම නිසා එම තරගයෙන් කසුන් මධුසංඛට නිතරග ජයක් හිමිවිය. කෙසේ වුවත් ඉන් පසුව සහභාගීවූ තරගයෙන් කොරියානු කී‍්‍රඩක හුවාන් ඉල් ලී හමුවේ තරග වට වට 2-0 ක් ලෙස පරාජය වීම නිසා කසුන් මධුසංඛට අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමේ වරම් අහිමිවිය.

චාමික කරුණාරත්න පරාජය කරමින් තරගාවලියේ දෙවැනි වටයට පැමිණි බුවනෙක ගුණතිලක අද ඉන්දීය කී‍්‍රඩක චේතන් ආනන්ද් සමග පැවැති තරගයකදී තරග වට 2-0 ක් ලෙස පරාජය වීම නිසා තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය.  

අද දිනයේදී කාන්තා කේවල දෙවැනි වටයේ තරග වලට සහභාගීවූ මධුෂිකා බේරුවලගේට සහ තිළිණි හෙන්දහේවාට එහිදී පිළිවෙලින් සිංගප්පූරු සහ මැලේසියානු කී‍්‍රඩිකාවන් හමුවේ පරාජයට පත්වීම නිසා තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමට තිබූ අවස්ථා මගහැරී ගියේය.

පිරිමි යුගළ තරගාවලියේ දෙවැනි වටයට සුදුසුකම් ලබාගත් හසිත චානක සහ කසුන් මධුසංකගෙන් සමන්විත කණ්ඩායමද අද දිනයේදී ඉන්දීය කී‍්‍රඩකයන් වන ජෙරී චෝප්රා සහ අක්ෂය දේවල්කාර්ගෙන් සමන්විත කණ්ඩායම හමුවේ තරග වට 2-0 ක් ලෙස පරාජයට පත්වීම නිසා තරගාවලියෙන් ඉවතට විසිවිය.

අද පැවති මිශ‍්‍ර යුගල තරගාවලිය දෙවැනි වටයේ තරගයකින් මිං සේ යං සහ සූ චින් පන් ගෙන් සමන්විත චීන තායිපේ කණ්ඩායම තරග වට 2-0 ක් ලෙස පරාජය කළ කසුන් මධුසංඛ සහ උපුලි සමන්තිකාගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම හෙට පැවැත්වෙන  අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගත්තේය. ඒ අනුව ඔවුන් හෙට අක්ෂය දේවල්කාර් සහ ප‍්‍රන්‍යා ගාඞී‍්‍රගෙන් සමන්විත ඉන්දීය කණ්ඩායම සමගින් තරග වැදීමට නියමිතය.  

අද දිනයේදී ශ්‍රී ලංකා කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් සහභාගීවූ පෙර අර්ධ අවසන් පූර්ව වටයේ (තුන් වැනි වටයේ) තරග වල ප‍්‍රතිඵල

පිරිමි කේවල

  • දිනූක කරුණාරත්න (ශ්‍රී ලංකාව) විසින් තරග වට 2-1 ක් ලෙස සමීර් වර්මා (ඉන්දියාව) පරාජය කරන ලදි. (18/21, 22/20, 21/15)
  • එච්. එස්. ප‍්‍රනෝයි (ඉන්දියාව) විසින් තරග වට 2-1 ක් ලෙස නිලූක කරුණාරත්න (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. (21/16, 19/21, 21/9)
  • හුවාන් ඉල් ලී (කොරියාව) විසින් තරග වට 2-0 ක් ලෙස කසුන් මදුසංක (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. (21/11, 21/9)


අද දිනයේදී ශ්‍රී ලංකා කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් සහභාගීවූ දෙවැනි වටයේ තරග වල ප‍්‍රතිඵල


පිරිමි කේවල

  • නිලූක කරුණාරත්න (ශ්‍රී ලංකාව) විසින් තරග වට 2-0 ක් ලෙස රබී ජේසන් (පිලිපීනය) පරාජය කරන ලදි. (21/9, 21/12)
  • දිනූක කරුණාරත්න (ශ්‍රී ලංකාව) විසින් තරග වට 2-1 ක් ලෙස අභිෂේක් යෙලේගර් (ඉන්දියාව) පරාජය කරන ලදි. (21/10, 15/21, 21/18)
  • කසුන් මදුසංක (ශ්‍රී ලංකාව) විසින් අරවින්ද් භාත් (ඉන්දියාව) පරාජය කරන ලදි. (නිතරග ජයක්)
  • චේතන් ආනන්ද් (ඉන්දියාව) විසින් තරග වට 2-0 ක් ලෙස බුවනක ගුණතිලක (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. (21/11, 21/16)

කාන්තා කේවල

  • ජියයුවාන් චෙන් (සිංගප්පූරුව) විසින් තරග වට 2-0 ක් ලෙස මධුෂිකා බේරුවලගේ (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. (21/8, 21/9)
  • සනතාසා සනිරු (මලයාසියාව) විසින් තරග වට 2-1 ක් ලෙෂ තිළිණි හෙන්දහේවා (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. (21/18, 16/21, 21/7)

පිරිමි යුගල

  • ජෙරී චෝප්රා සහ අක්ෂය දේවල්කාර් (ඉන්දියාව) විසින් තරග වට 2-0 ක් ලෙස හසිත චානක සහ කසුන් මධුසංක (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. (21/14, 21/11)

මිශ‍්‍ර යුගල

  • කසුන් මධුසංක සහ උපුලි සමන්තිකා (ශ්‍රී ලංකාව) විසින් තරග වට 2-0 ක් ලෙස මිං සේ යං සහ සූ චින් පන් (චීන තායිපේ) පරාජය කරන ලදි. (21/14, 21/14)

අදහස් (0)

දිනුක අ. අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.