Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව badminton_inner දිනූක කරුණාරත්න දෙවැනි වටයට

දිනූක කරුණාරත්න දෙවැනි වටයට

Dilrukshi - 2015 ජුනි මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


කොළඹ සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන යොනෙක්ස් - සන්රයිස් ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ (4 වැනි කාණ්ඩයේ)  බැඞ්මින්ටන් තරගාවලියේ දෙවැනි වටයට සුදුසුකම් ලබාගැනීමට දිනූක කරුණාරත්න ඊයේ (2 වැනිදා) සමත් විය.

මූලික වටයේ පැවැති තරගයකදී මැලේසියාවේ වින්සන් නියෝ තරග වට 2-0 ක් ලෙස පරාජය කරමින් ඔහු තරගාවලියේ දෙවැනි වටයට සුදුසුකම් ලබාගත්තේය.ඊයේ දිනයේදී මූලික වටයේ තරග වලට සහභාගී වූ අනෙකුත් ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන් සියලූ දෙනාම පරාජයට පත්වූ අතර ඔවුන් අතරේ ඉකුත් වසරේ ජාතික ශූරතාව දිනාගත් නිලූක කරුණාරත්නද විය.

තමන් සහභාගී වූ පළමු තරගයේදීම මැලේසියාවේ චුන් සෙයාං ටන් හමුවේ තරග වට 2-0 ක් ලෙස අන්ත පරාජයක් ලැබීම නිසා නිලූකට තරගාවලියෙන් ඉවත් වීමට සිදුවිය. ජාත්‍යන්තර අත්දැකීම් බහුල බැඞ්මින්ටන් කී‍්‍රඩකයකු වන නිලූක ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් මෙම තරගාවලියට සහභාගී වූ කණ්ඩායමේ නායකයාද විය.

දිනූක කරුණාරත්න හැරුණු කොට මූලික වටයේදී තම ප‍්‍රතිවාදියාට එරෙහිව එක් තරග වටයක් හෝ ජයග‍්‍රහණය කිරීමට සමත් වූයේ සුදුසුකම් ලබාගැනීමේ වටයේදී නිතරග ජයක් ලබා මූලික වටයට පැමිණි සචින් ඩයස් පමණි. ඔහු තරග වට 2-1 ක් ලෙස මැලේසියාවේ වූන් කොක් හොං හමුවේ පරාජයට පත්විය.

සුදුසුකම් ලබාගැනීමේ වටයේදී ජයග‍්‍රහණ ලබා මූලික වටයට පැමිණි අනෙක් කී‍්‍රඩකයන් දෙදෙනා වන නිම්මික තිසර සහ දිලූක කරුණාරත්නද පිළිවෙළින් මැලේසියාවේ ජෝ වෙන් සූං සහ ඉන්දුනීසියාවේ විබොවෝ කෝ හෙන්රිකෝ හමුවේ පරාජය වීම නිසා තරගාවලියෙන් ඉවත් වූහ.

ඊයේ පැවැති කාන්තා කේවල සුදුසුකම් ලබාගැනීමේ වටයේ තරග වලදී තායිලන්ත කී‍්‍රඩිකා ටසමන් සංග්කවටන තරග වට 2-1 ක් ලෙස පරාජය කරමින් අචිනි රත්නසිරි මූලික වටයට සුදුසුකම් ලබාගත් අතර ලේඛා ෂෙහානි මූලික වටයට සුදුසුකම් ලබාගත්තේ තියුණු තරගයකින් අනතුරුව තරග වට 2-1 ක් ලෙස තවත් තායිලන්ත කී‍්‍රඩිකාවක් වූ කුන්ජිරා කෝන්ඩි පරාජය කරමිනි. 

ශ‍්‍රී ලංකා කී‍්‍රඩකයන් සහභාගී වූ පිරිමි කේවල මූලික වටයේ තරග ප‍්‍රතිඵල

  •  වූන් කොක් හොං (මැලේසියාව) විසින් තරග වට 2-1 ක් ලෙස සචින් ඩයස් (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. (13/21, 21/16, 21/16)
  • ජෝ වෙන් සූං (මැලේසියාව) විසින් තරග වට 2-0 ක් ලෙස නිම්මික තිසර (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. (21/9, 21/15)
  • චුන් සෙයාං ටන් විසින් තරග වට 2-0 ක් ලෙස නිලූක කරුණාරත්න (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. (21/14, 21/11)
  • විබොවෝ කෝ හෙන්රිකෝ (ඉන්දුනීසියාව) විසින් තරග වට 2-0 ක් ලෙස දිලූක කරුණාරත්න (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. (21/17, 25/23)
  • දිනූක කරුණාරත්න (ශ්‍රී ලංකාව) විසින් තරග වට 2-0 ක් ලෙස වින්සන් නියෝ (මැලේසියාව) පරාජය කරන ලදි. (21/10, 21/14)

 

ඡායාරුප - ලහිරු හර්ෂණ

    

 


අදහස් (0)

දිනූක කරුණාරත්න දෙවැනි වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.