Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව badminton_inner නිලූක - දිනුක - කසුන් පෙර අර්ධ අවසන් වටයට

නිලූක - දිනුක - කසුන් පෙර අර්ධ අවසන් වටයට

සංජය එරමුදුගොඩ - 2014 ජුනි මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ශ‍්‍රී ලංකාවේ පැවැත්වෙන පළමු ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ (IV කාණ්ඩයේ) බැඞ්මින්ටන් තරගාවලිය වන යොනෙක්ස් සන්රයිස් බැඞ්මින්ටන් තරගාවලියේ පෙර අර්ධ අවසන් වටයට සුදුසුකම් ලබාගැනීමට නිලූක කරුණාරත්න, කසුන් මදුසංක සහ දිනුක කරුණාරත්න යන ශ්‍රී ලංකා කී‍්‍රඩකයෝ සමත්වූහ.

අද (6 වැනිදා) පැවැති පිරිමි කේවල දෙවැනි වටයේ තරගයකදී පිලිපීන කී‍්‍රඩක රබී ජේසන් තරග වට 2-0 ක් ලෙස පරාජය කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම් නායක නිලූක කරුණාරත්න පෙර අර්ධ අවසන් වටයට සුදුසුකම් ලබාගත් අතර ඉන්දීය කී‍්‍රඩක අභිෂේක් යෙලේගර් තරග වට 2-1 ක් ලෙස පරාජය කරමින් දිනූක කරුණාරත්න පෙර අර්ධ අවසන් වටයට සුදුසුකම් ලබාගත්තේය.

ප‍්‍රධාන පෙළේ ඉන්දීය බැඞ්මින්ටන් කී‍්‍රඩකයකු වන අරවින්ද් භාත් සහ කසුන් මදුසංක අතර පැවැත්වීමට නියමිතව තිබූ තරගයට අරවින්ද් භාත් නොපැමිණීම නිසා එම තරගයෙන් කසුන් මදුසංකට නිතරග ජයක් හිමිවිය.

චාමික කරුණාරත්න පරාජය කරමින් තරගාවලියේ දෙවැනි වටයට පැමිණි බුවනක ගුණතිලකට අද ඉන්දීය කී‍්‍රඩක චේතන් ආනන්ද් සමග පැවැති තරගයකදී තරග වට 2-0 ක් ලෙස පරාජය වීම නිසා තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය.  

ඒ අනුව අද පස්වරුවේ පැවැත්වෙන පෙර අර්ධ අවසන් වටයේ තරග වලදී නිලූක කරුණාරත්න ඉන්දීය කී‍්‍රඩක එච්. එස්. ප‍්‍රනෝයි සමගින්ද, දිනූක කරුණාරත්න ඉන්දීය කී‍්‍රඩක සමීර් වර්මා සමගින්ද, කසුන් මදුසංක කොරියානු කී‍්‍රඩක හුවාන් ඉල් ලී සමගින්ද තරග වැදීමට නියමිතය.

අද දිනයේදී කාන්තා කේවල දෙවැනි වටයේ තරග වලට සහභාගීවූ මධුෂිකා බේරුවලගේට සහ තිළිණි හෙන්දහේවාට එහිදී පිළිවෙළින් සිංගප්පූරු සහ මැලේසියානු කී‍්‍රඩිකාවන් හමුවේ පරාජයට පත්වීම නිසා තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමට තිබූ අවස්ථාවන් මගහැරී ගියේය.
 
පිරිමි යුගල තරගාවලියේ දෙවැනි වටයට සුදුසුකම් ලබාගත් හසිත චානක සහ කසුන් මධුසංකගෙන් සමන්විත කණ්ඩායමද අද දිනයේදී ඉන්දීය කී‍්‍රඩකයන් වන ජෙරී චෝප්රා සහ අක්ෂය දේවල්කාර්ගෙන් සමන්විත කණ්ඩායම හමුවේ තරග වට 2-0 ක් ලෙස පරාජයට පත්වීම නිසා තරගාවලියෙන් ඉවතට විසිවිය.

මිශ‍්‍ර යුගල තරගාවලිය දෙවැනි වටයේ තරග වදින ශ්‍රී ලංකා කණ්ඩායම වන කසුන් මධුසංක සහ උපුලි සමන්තිකා අද පස්වරුවේදී මිං සේ යං සහ සූ චින් පන් ගෙන් සමන්විත චීන තායිපේ කණ්ඩායම සමග තරග වැදීමට නියමිතය.


අද දිනයේ ශ්‍රී ලංකා කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් සහභාගීවූ තරග වල ප‍්‍රතිඵල

පිරිමි කේවල

  • නිලූක කරුණාරත්න (ශ්‍රී ලංකාව) විසින් තරග වට 2-0 ක් ලෙස රබී ජේසන් (පිලිපීනය) පරාජය කරන ලදි. (21/9, 21/12)
  • දිනූක කරුණාරත්න (ශ්‍රී ලංකාව) විසින් තරග වට 2-1 ක් ලෙස අභිෂේක් යෙලේගර් (ඉන්දියාව) පරාජය කරන ලදි. (21/10, 15/21, 21/18)
  • කසුන් මදුසංක (ශ්‍රී ලංකාව) විසින් අරවින්ද් භාත් (ඉන්දියාව) පරාජය කරන ලදි. (නිතරග ජයක්)
  • චේතන් ආනන්ද් (ඉන්දියාව) විසින් තරග වට 2-0 ක් ලෙස බුවනක ගුණතිලක (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. (21/11, 21/16)


කාන්තා කේවල

  • ජියයුවාන් චෙන් (සිංගප්පූරුව) විසින් තරග වට 2-0 ක් ලෙස මධුෂිකා බේරුවලගේ (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. (21/8, 21/9)
  • සනතාසා සනිරු (මලයාසියාව) විසින් තරග වට 2-1 ක් ලෙස තිළිණි හෙන්දහේවා (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. (21/18, 16/21, 21/7)


පිරිමි යුගල

  • ජෙරී චෝප්රා සහ අක්ෂය දේවල්කාර් (ඉන්දියාව) විසින් තරග වට 2--x0 ක් ලෙස හසිත චානක සහ කසුන් මධුසංක (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. (21/14, 21/11)

අදහස් (0)

නිලූක - දිනුක - කසුන් පෙර අර්ධ අවසන් වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.